Pages

Friday, December 13, 2024

  

නැටුම් සාදය

 ( Le Moulin de la Galetten)



                                  Pierre-Auguste Renoir, Le Moulin de la Galette,,1876, Oil Paint, Musée d'Orsay, Paris  

මෙම අපූර්ව ධාරණාවාදී  සිතුවම බිහි වූයේ 19 වෙනි ශත වර්ෂය අවසාන භාගයේ දී චිත්‍ර කලාව තුළ යථාර්ථවාදය ජය ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එය සාහිත්‍ය කලා ක්ෂේත්‍රය තුළ ද යථාර්ථවාදී නව කථාව හා කෙටි කථාව ශීඝ්‍ර දියුණුවක් ලබා ගත් අවධියක් විය.

ශාස්ත්‍රාලයීය චිත්‍ර කලාව හෙවත් එවකට පැවති නිල කලාව තුළ චිත්‍ර කලාව වැටී තිබුණු දුර්දශාව පරාජය කළ ධාරණාවාදියෝ නව කලාත්මක ශක්තීන්ගෙන් එය පණගැන් වූහ. ග්‍රීක, රෝම හා පුනරුද කලාව අනුකරණය කළ බමුණුකුල සිත්තරුන් විසින් චිත්‍රයක් ඇඳීම ආරම්භ කරන ලද්දේ චිත්‍රයේ සැකැස්ම හා රූපයන්ගේ දිග පළල පිළිබඳ පූර්ව සූදානමකින් පසු ය. ධාරණාවාදියාගේ කලාත්මක ක්‍රියාව ඊට සහමුලින් ම පටහැනි එකකි. ඔවුන්ගේ එකම අරමුණ වූයේ ලෝකය ඇසට දිස්වන අයුරින්ම සිතුවම් කිරීමයි.

සිතන පතන චිත්‍ර ශිල්පි පරපුරක් වූ ධාරණාවාදීන් විනිවිද දුටු පරිදි ඇසට පෙනෙන ලෝකය ඒ අයුරින්ම සිතුවමට නැඟීම චිත්‍ර කලාවේ නව මූලෝපාය විය. ශාස්ත්‍රාලයීය කලාවේ බලය බිඳ දමා ඒ තුළ පැළපදියම් වී තිබුණු රදල හා ආගමික සම්ප්‍රදායන් අතු ගා දැමීමටත්, ශීඝ්‍ර ඉදිරි ගමනක යෙදී සිටි විද්‍යාත්මක ලෝක දෘෂ්ටියට චිත්‍ර කලාව තුළ ඉඩ සලසා දීමටත් ඊට හැකි විය. යථාර්ථය වූ කලී මා විසින් නිරීක්ෂණය කරනු ලබන වස්තුවකි යන නිගමනය ඔස්සේ චිත්‍ර කලාව විසින් දිනා ගන්නා ලද ප්‍රධාන ප්‍රතිලාභය වූයේ ඒ තුළ වූ අධිභෞතික සංකල්පනය පරාජය කිරීම යි. මෙය චිත්‍ර කලාව තුළ නොකඩවා සිදු වූ අරගලයකි. 'මට තටු ඇති සුර දූතයකු පෙන්වනු. එවිට මම ඒ සුරදූතයා සිතුවම් කරමි' යි කුබේ වරක් පැවසීය. පුනරුද යුගය තුළ පවා මේ සවිඥානකත්වය මතු වී තිබුණු අතර ඇතැම් චිත්‍ර ශිල්පීන් සුර දූතයින් සිතුවම් කළේ කුඩා දරුවන්ට හෝ යෞවනයන්ට කෘත්‍රිම අත්තටු සවි කළ පසු පමණි.

යථාර්ථය වූ කලී මාගේ නිරීක්ෂණය යි යන නිගමනය ද්‍රව්‍ය වාදයට නොව යථානුභුති වාදයට (positivism) අයත් වේ. යථෝක්ත සාද චිත්‍රය ද ධාරණාවාදයට අයත් වේ. රෙනු ආ විසින් එය තුන්වෙනි ධාරණාවාදී ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබිණි. මෙම සිත්තම 19 වෙනි ශතවර්ෂයේ දී අඳින ලද සිත්තම් අතරින් ශ්‍රේෂ්ඨතම නිර්මාණයක් ලෙස සැලැකේ.

ධාරණ වාදයේ වස්තුවිෂයන් වලට ඇතුළත් වූයේ සූර්යාලෝකය හා එහි බලපෑම පැතිරුණු ස්වභාව ධර්මය පමණක් නොවේ. ඇසට ගෝචරවන සීමාව තුළ පවතින බොහෝ දේවල් ඊට ඇතුළත් විය. 

වර්ණය විෂයෙහි ඔවුහු විප්ලවීය ආකල්පයක් දැරූහ. පැරැණි චිත්‍ර ශිල්පියෝ වෙනත් වර්ණ මත අතුරන ලද කළු වර්ණ භාවිතා කරමින් රූපයන්ගේ ත්‍රිමාණ භාවය හා ඝන තුනී ස්ථාන පිළිබිඹු කළෝය. මෙසේ අමිශ්‍ර නැවුම් වර්ණ භාවිතා කරන ලද බැවින් දේදුනුරූපී වර්ණාවලියකින් චිත්‍ර කලාව පුනර්ජී වනයට පත් කරන්නට ඔවුන්ට හැකි විය. චිත්‍ර කලාව සුන්දර කලාවක් බවට පත් වූයේ රණාවාදයට පසුවය යන්න ජනප්‍රිය ප්‍රකාශනයකි. පුනරුද යුගයේ සිට ම චිත්‍ර ශිල්පීන් පුරුදුව සිටියේ චිත්‍රය ඇඳීමට පෙර කැන්වසය මත දුඹුරු හෝ වෙනත් අඳුරු පැහැති යට පින්තාරුවක් (under painting) කිරීමට ය. මීට හාත්පසින් වෙනස් උපක්‍රමයක් අනුගමනය කළ ධාරණාවාදියෝ චිත්‍රයේ ප්‍රභාව වඩනු පිණිස සුදු පැහැති යටිපින්තාරුවක් යෙදූහ. ධාරණාවාදී චිත්‍රණයේ තවත් සුවිශේෂතා රාශියක් විය. එළිමහනේ චිත්‍ර ඇඳීම සිදු කළ ඔවුහු ස්වාභාවික ආලෝකය තුළ වේගයෙන් වෙනස්වන වර්ණයන්ගේ ප්‍රභාව නිරූපණය කරනු පිණිස වේගයෙන් ඇන්දෝය. 



                              Pierre-Auguste Renoir, Le Moulin de la Galette (Detail),1876, Oil Paint, Musée d'Orsay, Paris.

මෙවැනි කලාත්මක භාවිතයක් සඳහා ඉඩ සලසන ලද්දේ කාර්මික විප්ලවය විසින් බව අපට අමතක කළ නොහැකි ය. ඕනෑම තැනකට රැගෙන ගිය හැකි සැහැල්ලු, නොබිඳෙන සුළු වර්ණ ටියුබ් මෙකල නිෂ්පාදනය විය. කෘත්‍රිම වර්ණ නිෂ්පාදනය පටන් ගැනීම නිසා ඉතා දීප්තිමත් වර්ණ පවා අධික වියදමකින් තොරව ලබා ගත හැකි විය. එළිමහන් චිත්‍රණය හා සංචාරක චිත්‍රණය පහසු කළ නව නිෂ්පාදන නිසා නව කලාත්මක භාවිතාවක නිරත වීමට කලාකරුවෝ සමත් වූහ.

රෙනුවාගේ සාද චිත්‍රය එම ධාරණාවාදී භාවිතාවේ අග්‍ර ඵලයකි. ඔහු තාරුණ්‍යය, සූර්යාලෝකය, සෙවණැලි, සංගීතය, උත්සවශ්‍රීය, ප්‍රීති ප්‍රමෝදය හා ස්ත්‍රී සුන්දරත්වය ඇසුරු කර ගනිමින් කදිම වර්ණ රසයකින් හා නිර්ව්‍යාජ නිරූපණයකින් යුතු සිතුවමක් නිර්මාණය කරයි. මුළු චිත්‍රය ම සූර්යාලෝකය හා සෙවණ විසින් ග්‍රහණය කර ගෙන ඇත. මානව රූප ද ආලෝකය සමඟ මැනැවින් සංකලනය වේ. 

රෙනුවාගේ ධාරණාවාදී නැඹුරුකම නිරන්තරයෙන් ම මිනිස් වර්ගයා පිළිබඳ ගැඹුරු විශ්වාසයක් සමඟ බැඳී තිබිණි. ඔහුගේ ධාරණාවාදී කලාව තුළ මුල් තැන ලැබුණේ භුමිදර්ශනයට නොව මිනිස් ජිවිතයට ය. ඒවා සැබැවින්ම ධාරණාවාදයේ කලාත්මක හා දෘෂ්ටිවාදී සීමා ඉක්මවා ගොස් තිබේ. මනුෂ්‍යයාගේ කායිකත්වය, අනෙකා පිළිබඳ හැඟීම, ප්‍රීති වීම සඳහා පවතින මිනිස් හැකියාව හා සරාගිකත්වය ඉන් පිළිබිඹු වේ. 

Thursday, December 5, 2024

 


තණපිටියේ සිටින මැඩෝනා

Madonna Of The Meadows 



        Raphael, Madonna Of The Meadows , 1505–1506, oil on board , Kunsthistorisches Museum Wien


පුනරුද යුගයේ කරන ලද නිර්මාණ අතර මැඩෝනා සිතුවම් වලට හිමිවන්නේ ප්‍රධාන තැනකි පුනරුද යුගයේ අනෙකුත් චිත්‍ර ශිල්පින් විසින් නිර්මාණය කරන ලද මැඩෝනා සිතුවම් වලට වඩා රෆායෙල් විසින් කරන ලද මැඩෝනා චිත්‍ර ඉතා සුවිශේෂී නිර්මාණ ලෙස පැලකේ. රෆායෙල් විසින් කරන ලද මැඩෝනා සිතුවම් අතර තණපිටියේ සිටින මැඩෝනා හෙවත් Madonna Of The Meadows සිතුවම සුවිශේෂී ය. රෆායෙල් විසින් කරන ලද අනෙකුත් සිතුවම් වලට වඩා මැඩෝනා සිතුවර්ෂ විශේෂ තැනක් ගනී. ඔහු ලලනාවන්ගේ සුකොමළ චමත්කාරය, සරල පිරිපුන්කම, තාරුණ්‍යාය. සන්සුන් බව හැඟුම්බර බව නව විලාසයකින් ඉදිරිපත් කළේය. එම විලාසයන් ලියනාඩෝ ඩාවින්ට පවා ඉක්ම වූ බව ඇතැම් විචාරකයෝ පවසයි. ඔහු රෝමයේ ගත කළ අවසන් වසරෙහි ඔහුගේ නිර්මාණ තුළින් අසමාන කලා ලක්ෂණ පිළිඹිබු වී ඇත.සැම ඉරියව්වකටම හැඟීම්බර ලයාන්විත මෙන්ම රිද්මයානුකූල චමත්කාරජනක බවකින් යුත්තය. එය කරඹන්නා තුළ පහන් හැඟීමක් ඇති කරවන්නකි. අනෙකුත් කැපී පෙනෙන ලක්ෂණ අතර පැහැදිලි මද පැහැයෙන් වර්ණ ගැන්වුණු මෙම පිත්තම්වල වූ සුවිශේෂී ලක්ෂණය වූයේ පසුබිම ඉතා සිත් ගන්නා සුළු පරිසරයක් ආකාරයට නිර්මාණය කිරීමයි.

              මෙහිදී විශේෂයෙන් විග්‍රහ කරනු ලබන්නේ තණපිටියේ සිටින මැඩෝනා හෙවත් Madonna of The Meadows නමැති සිතුවම පිළිබඳවය. මෙම සිතුවම පුනරුද යුගයේ සම්මත කලා ලක්ෂණ අනුව වර්ෂ 1505-1506 කාල පරිච්ඡේදයේදී රෆායෙල් සාන්සියෝ විසින් නිර්මාණය කරන ලද්දකි.මෙයින් නිරූපනය වන්නෝ ලෙස කන්‍යා මරිය මව් තුමිය, ජේසු බිළිඳා හා ළදරු ශාන්ත ජෝන් බැප්ටිස් යන තිදෙනා වේ. තෙල් සායම් මාධ්‍ය භාවිතා කරමින් අඟල් 44 x 35 ( 113 cm x88 cm) ප්‍රමාණයේ පුවරුවක ( oil on panel) මෙම සිතුවම කර ඇත. වර්තමානය වන විට මෙය ඔස්ට්‍රියාවේ යානා නගරයේ Kunsthistorisches කෞතුකාගාරයේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා තිබේ.

තණ පිටියේ සිටින මැඩෝනා නමැති මෙම සිතුවම ගත් විට මෙහි රේඛා (lines) භාවිතා කර තිබෙන ආකාරය ඉතා වැදගත් වේ.මෙහිදී රේඛාව ඉතා සියුම්ව භාවිතා කර ඇත.මරියතුමියගේ පිළිඳු ජේසු ගේ හා ශාන්ත ජෝන් බැප්ටිස් යන ළදරුවාගේ හැඩතල නිර්මාණ කරණයේදී ඉතා සියුමැලි රේඛා යොදා ගෙන කර ඇත. මෙහිදී එම රේඛා ඉතා සංයමයකින් යුතුව හසුරවා ඇති බව ට හැකිය. එමෙන්ම මෙම රේඛා සෘජු දිගු රේඛා නොවන අතර සිහින් චක්‍රාකාරී රේඛාවේ. රේඛාවන් මඟින් සජිවිත්වය ජීවමාන බව නිරූපනය කිරීමට ගත් උත්සහයේදී පේසු බිළිඳා හා ශාන්ත ජෝන් බැප්ටිස් යන දරුවන්ගේ සිනිඳු මොළකැටි සුරතල් බව මෙන්ම පිරිය තුමියගේ තාරුණ්‍යය සරල සුතොමළ බව මුසු වූ මව් සෙනෙහස මතු කිරීමට ශිල්පියා සමත් වී ඇත. එමෙන්ම වස්ත්‍රවල නැමුණු ස්ථාන වාටි මෝස්තර රේඛා මඟින් මනාව දක්වා ඇත. සමස්ථයක් ලෙස පවසන විට මෙහි රේඛාව ඉතා තැන්පත්ව හසුරුවා ඇති සියුම් රේඛාවන් වේ.

මෙම මැඩෝනා සිතුවමෙහි නිර්මාණ ආකෘතිය පිළිබඳව දක්වන විට එය ත්‍රිකෝණාකාර ආකෘතියක් (Triangular form) තුළ නිර්මාණය කර ඇත.එහිදී මරිය තුමිය, පේසු බිළිඳා හා ශාන්ත ජෝන් බැප්ටිස් ළදරුවා යන තිදෙනාගේ මානව රු ත්‍රිත්වය උඩු අතට විහිදුණු ත්‍රිකෝණාකාර ආකෘතියකින් යුතුව නිමකර තිබේ. ශාන්ත ජෝන් ළදරුවාගේ පසුපස පාදයේ සිට මරිය මව් තුමියගේ හිස හා එතුමියගේ හිසේ සිට එතුමිය ඉදිරියට දිගු කළ පාදයේ මහපට ඇඟිල්ල දක්වා රේඛා ඛණ්ඩ මඟින් යා කර බැලු විට ත්‍රිකෝණාකාර ආකෘතිය ඉතා හොඳින් දැක ගැනීමට හැකිවේ. එමෙන්ම මානව රු ත්‍රිකෝණාකාර ආකෘතියක් තුළ නිර්මාණය කිරීම ඉහළ පුනරුද යුගයේ චිත්‍ර සංරචනය තුළ පවතින ප්‍රධාන ලක්ෂණයක් වේ.රෆායෙල් විසින් කළ බොහෝ නිර්මාණ වල මෙම ත්‍රිකෝණාකාර ආකෘතිය දැකගත හැකිය.



Raphael, Madonna Of The Meadows (Detail) , 1505–1506, oil on board , Kunsthistorisches Museum Wien


සිතුවමෙහි වර්ණ (Colors) භාවිතය ගත් විට දීප්තිමත් වර්ණ භාවිත කර ඇති බව පෙනේ. මරිය තුමියගේ වස්ත්‍ර දැක්වීම සඳහා සම්ප්‍රදායිකව භාවිතා කරන නිල් හා රතු යන වර්ණ මෙහිදී ද භාවිත කර ඇත. මුහුණු මෙන්ම ශරීරය සඳහා ඉතා සුන්දර සුතොමළ බව පෙන්වීමට ලා පැහැති වර්ණ යොදා ගෙන තිබේ. වර්ණ යෙදීමේදී පුනරුද යුහයේ සාම්ප්‍රදායික නියමයක් වු ආලෝකය හා අඳුර දැක්වීමේ ත්යාරකියුරෝ (Chiaroscuro) ක්‍රමය උපයෝගී කරගෙන ඇත.එසේ නමුත් රෆායෙල්ට ආවේණික වූ වර්ණ සංයෝගයකින් යුත් පැහැදිලි මද පැහැයෙන් වර්ණ ගැන්වීම මෙම නිර්මාණයෙන්ද දැනගත හැකිවේ. ත්‍රිමාණ ලක්ෂණ සහිතව වර්ණ භාවිතයද කැපී පෙනෙන ලක්ෂණයකි. ගමෙහි වර්ණ මාධ්‍ය වන්නේ තෙල් සායම් වේ.මරිය තුමිය විශේෂ කර පෙන්වීම සඳහා රතු (Red) සහ නිල් (Blue) යන දීප්තිමත් වර්ණ යොදා ගෙන ඇත.

රෆායෙල් ජ්‍යාමිතික හැඩයේ සහ සමිතියේ පුනරුදයේ අගයන්ට ඇලී සිටින අතරම මිනිස් හැඟීම් සහ චලනයන් ග්‍රහණය කරයි. රෆායෙල් චලිතය පිළිබඳ හැඟීමක් ඇති කිරීම සඳහා Contrapposto සහ අසමතුලිතතාවය භාවිත කර ඇත.මරිය තුමියගේ දකුණු පැත්ත ඇගේ සිරුරේ තම්‍යතාව අවධාරණය කිරීමට උද්දීපනය කර ඇති අතර ඇගේ දකුණු පා සම්පූර්ණයෙන්ම ඇගේ ශරීරය හරහා ගොස් චිත්‍රයේ පළල පුරා විහිදේ.පේසු බිළිඳු ශාන්ත ජෝත දෙසට පියනගන අතර ඔහුගේ පාදය පිටත පැත්තට හරවාගෙන පසුපස පාදය බීමෙන් ඔසවමින් සමබරතාවයෙන් ගිලිහී යාම හේතුවෙන් සමබරතාවය රැක ගැනීම සඳහා මවගේ අත මත හේත්තු වී ඇති බව පෙනේ.ශාන්ත ජෝන් ඔහුගේ දකුණු කකුල සහ අත පහත් කොට දණ ගසා සිටී. එක් එක් රූපයේ පිහිටීම සජීවි හැඟීමත් ඇතිකරයි. මේ අනුව රෆායෙල් මිනිස් හැඟීම් හා චලනය ග්‍රහණය කර ගත් ආකාරය පෙන්වා දිය හැක.

තණ පිටියේ සිටින මැඩෝනා (Madonna of the meadows) නමැති මෙම සිතුවමෙහි සංරචනය (Composition) ගත් විට තලය පුරා මනාව ගොඩනැගුණු සංරචනයකින් යුක්තය.සංරචන අවකාශය තුළ මානව රූප පිහිටු වීම මෙන්ම පසුබිම පිහිටුවීම ද ඉතා ක්‍රමානුකූලව තර ඇත.මෙහි නිරූපනය වන මානව රූ ත්‍රිත්වය ත්‍රිකෝණාකාර ආකෘතියකින් යුක්තව උඩු අතට විහිදුණු පරිදි සංරචනය කරන ලද්දකි. සංරචන අවකාශය මත පෙරබිම. මැදබිම හා පසුබිම වෙන් වෙන්ව හඳුනාගත හැකි පරිදි නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙය මටසිලුටු නිමාවකින් යුක්ත වීම හා වර්ණ කිරීම සඳහා දීප්තිමත් මෙන්ම සැහැල්ලු වර්ණ මාලාවක් භාවිත කර කර ඇති බව පෙනේ. කන්‍යා මරිය මව් තුමිය දේවත්වයෙන් සලකනු ලැබූවද සිතුවම තුළ සාමාන්‍ය ගැහැණියක අයුරින් දැක්වීම තුළින් මාතෘත්වය පිරුණු සෙනෙහෙබර මවත් නිරූපනය වේ.එමෙන්ම මරිය තුමියගේ සුකොමළ, සරල පිරිපුන්කම සන්සුන්කම, තාරුණ්‍ය මෙන්ම හැගීම්බර බවත් රෆායෙල් විසින් එතුමියගේ රුව තුළින් ඉස්මතු කර ඇත. 



Raphael, Madonna Of The Meadows (Detail) , 1505–1506, oil on board , Kunsthistorisches Museum Wien



බිළිඳුන්ගේ මොළකැටි බව හා සුරතල් බව රේඛා වර්ණ සේම හැඟීම් නිරූපනය මඟින්ද චිත්‍රනය කර තිබේ. ආලෝකය හා අඳුර දක්වන යාරකියුටරෝ ක්‍රමය උපයෝගී කරගනිමින් අලංකාර ලෙස වර්ණ කර ඇති මෙම සිතුවම රෆායෙල්ට් ආවේණික වූ වර්ණ රටාවකින් යුක්ත වුවකි. තෙල් සායම් මාධ්‍යයෙන් පුවරුවක් මත ඇඳ ඇති මෙම සිතුවම දැනට වියානාවේ Kunsthistorisches තුකාගාරයේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා තිබේ. ශිල්පියාට ආවේණික වූ ස්වභාවික හා තාත්වික කලා ශෛලිය ලක්ෂණ සහිතව මෙම චිත්‍රය සංරචනය කර තිබේ. මෙහිදී මිනිස් රූපවල කායික ලක්ෂණ හා හැඟීම් ප්‍රකාශනයද මැනවින් මුසු කොට තලය මත සම්පිණ්ඩනය කර තිබේ.

ඒ අනුව පුනර්ජීවන යුගයේ විසූ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් අතර රෆායෙල් සාන්සියෝ නම් සුවිශේෂී ශිල්පියා කළ මැඩෝනා සිතුවම් මාලාවෙහි එන තණපිටියේ සිටින මැඩෝනා හෙවත් Madonna of the meadows නමැති සිතුවම පිළිබඳ මෙලෙස විග්‍රහ කළ හැකිය.