Pages

Wednesday, July 12, 2023

  

සොක්‍රටීස් වස පානය කිරීම සිතුවම The Death of Socrates


             Jacques Louis David, the Death of Socrates, 1787, oil on canvas, 129.5×196.2 cm,  metropolitan museum

සිතුවම සඳහා එකල සමාජයේ දේශපාලන වාතාවරණය හේතු වී ඇත. ප්‍රංශ විප්ලවය එළිපත්තට වන්නට එනම් විප්ලවයට වසරකට පෙර ඔහු විසින් සිතුවම් කරන ලදී. ප්‍රංශ විප්ලවය සඳහා ප්‍රංශ ජනතාව මානසික වශයෙන් සූදානම් කරමින් සිටි වකවානුව තුළ ගොඩනැගුණු මෙම සිතුවම ප්‍රංශ විප්ලවය සඳහා මහඟු ආශ්වාදයක් විය.  

              ග්‍රීක දාර්ශනිකයෙකු වන සොක්‍රටීස් සියතින් වස බඳුන පානය කරීමට සූදානම් වන අවස්ථාව වස්තු විෂය වී ඇත. දාර්ශනික සොක්‍රටීස් ඇතැන්ස් දෙවිවරු විවේචනය කිරීම, නගරයේ තරුණයින්ගේ චින්තනය දූෂණය කිරීම, සාම්ප්‍රදායික ජන සමාජය් ගමන් මඟ වෙනස් කිරීමට උත්සාහ දැරීම වැනි හේතූන් සඳහා වැරදිකරුවකු වූ ඔහුට ඇතැන්ස් පාලනය විසින් මරණ දඬුවම් තීරණය කළ අවස්ථාව ඉතාමත් අනුවේදනීය ලෙස සිතුවමට නගා ඇති අවස්ථාවකි. සොක්‍රටීස් තම දර්ශනයේ නිර්මලත්වය වෙනුවෙන් වස බඳුන තොර් ාගත් අවස්ථාවේ ඒ පිළිබඳ කම්පාවට පත් වූ ප්ලේටෝ ,ඇපලෝඩරස්, ක්‍රිටෝ ඇතුළු සමස්ත ශිෂ්‍යයින්ගේ වේදනාවන් මෙන්ම සොක්‍රටීස්ගේ පරිත්‍යාගශීලිත්වය කැන්වස් තලයක් තුලට කැටි කරගත් මොහොතකි. පුනරුද කලාව හා ග්‍රික රෝම සම්භාව්‍ය කලාව පිළිබඳ හැදෑරූ ෂාක් ලුවී ඩේවිඩ් එම කලාවන්හි ලක්ෂණ ද ගුරුකොට ගනිමින් ඔහුට ආවේණික වූ නව ශෛලියකින් යුතුව මෙම සිතුවම ප්‍රතිනිර්මාණය කර ඇත. මයිකල් ආන්ජලෝගේ අන්තිම විනිශ්චය සිතුවමේ ක්‍රිස්තුස් වහන්සේ ඉහලට ඔසවා සිටින ඇඟිල්ල හා රෆායල්ගේ ඇතැන්ස් ගුරුකුලය සිතුවමේ ප්ලුටෝ ඉහලට ඔසවා සිටින අතින්ද පවසන්නේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ අදහසකි.  පුනරුද අවධියේ මයිකල් ආන්ජලෝ හා රෆායල් වැනි ශිල්පීන්ගේ සිතුවම් ආභාෂය කොටගෙන සොක්‍රටීස්ගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වා දීමට උත්සහ ගෙන ඇති බව පෙනීයයි. නාට්‍යානූසාරී බව සරල බව මෙන්ම තේමාව තිවුර කිරීම සඳහා ඉහල සිට මධ්‍යය ආලෝක ධාරාවක් යොමු කිරීම මෙම සිතුවමෙහි වැදගත් ලක්ෂණ වේ. සමස්ත සිතුවම තුළ වර්ණ, වස්තූන් සංරචනය, රේඛා, අගය, වයනය හා පර්යාවලෝකනය වැනි චිත්‍ර කලාවේ මූලිකාංග භාවිතය තුළින් කැන්වස් තලය මත සොක්‍රටීස් වස පානය කිරීමේ අවස්ථාවට සජීවි බවක් ආරූඩ කර ඇත. 

                සොක්‍රටීස් වස පානය කිරීම කලා කෘතියෙහි කලාත්මක ගුණය ඉහළ මට්ටමක පැවතීම කෙරෙහි එහි භාවිත විධිමත් වූ සංරචනය ඉතා වැදගත් වී ඇත. ආරුක්කුවක් සහිත ගෘහමය සිරකුටිය සමස්ත සිතුවමේ පසුබිම සඳහා යොදාගෙන ඇත. සමස්ත සිතුවමෙහි සංරචනය විධිමත්ය.  සරල බවකින් ගාම්භීර බවකින් මෙන්ම නාට්‍යෝචිත බවකින් යුක්තය.  සිතුවමෙහි හිස් අවකාශය එහි ශ්‍රේෂ්ඨත්වය තිවුර කිරීමට සඳහා යොදාගෙන ඇත. වස්තූන් මධ්‍යගතව සංරචනය කිරීම් තුළින් අදාල තේමාව තීව්‍රර කිරීමට උත්සහ කරයි. සිතුවම මධ්‍යයේ සුදු පැහැති සළුවකින් සැරසී ඇඳක් මත හිඳ වම් අත ඉහලට ඔසවා සිටින පුද්ගලයා සොක්‍රටීස්ය. ඔහුගේ දකුණතින් වස සහිත බදුන ගැනීමට ඒ වෙත අත දිගුකර සිටියි. සිතුවමෙහි නාභිගත ස්ථානය තුළ වස බඳුන සංරචනය කර ඇත.   සොක්‍රටීස් හා වස බදුන සිතුවමේ මධ්‍යයට වන්නට සංරචනය කිරීම් තුළින් සිතුවමේ අදහස් වඩාත් තිවුර වී යයි. සොක්‍රටීස්ගේ දකුණු කකුල මත අත තබා සිටින්නේ ක්‍රීටෝ ය. ඔහු සොක්‍රටීස්ගේ තියුණු බැල්ම දෙස අවධානය යොමු කරමින් සිටියි. සොක්‍රටීස් සිටින ඇඳ පාමුල වාඩිවී ශෝකබරිත වූ කල්පනාවක නිමග්නව සිටින ආකාරයෙන් ප්ලූටෝ සංරචනය කර ඇත. ප්ලූටෝගේ ස්වරූපය වයෝවෘද්ධය. ශෝකය දරාගත නොහැකි ඇපලෝඩරස් ආරුක්කුවේ බිත්තිය මත හිස තබා වැලපෙති. සිතුවමෙහි පසුබිමට වන්නට සොක්‍රටීස්ගේ බිරිඳ සංරචනය කර ඇත. සොක්‍රටීස්ගේ වම්පස ශොකයෙන් වැලපෙන පිරිසකි. මෙහි නිරූපිත නිවී ඇති පහනෙන් හා දකුණු පස අඳුරු වූ ප්‍රදේශයෙන් අවකාශයන් හා ඒකාබද්ධ කර ඇත. එමෙන්ම නිවීගිය පහණෙහි දුමෙහි සෙවනැල්ලක් ද නොමැත. සමස්ත චිත්‍රය පුරා ඇති චරිත සියල්ලම පාහේ එකිනෙකට එකක් යාබදව ගලා යන ස්වභාවයක් පෙන්නුම් කරයි.  සොක්‍රටීස්ගේ මුහුණෙහි දක්නට ඇති තියුණු බැල්ම සිතුවමේ අනෙක් චරිත හා සම්බන්ධ නොවුණ ද එම බැල්මට පිටුපා ඉවත් බලා වැලපෙන චරිත ද මෙම බැල්මට අනුගත වන අයුරින් සංරචනය කර ඇත. සිතුවමේ දකුණු පසට වන්නට නිරූපණය කර ඇති ආරුක්කුව සිතුවමට ගැඹුරුක් එක් කිරීමට සමත් වී ඇත. සිතුවමෙහි දුරින්ම දක්වා සිටින පිරිස් එනම් සොක්‍රටීස්ගේ බිරිඳ ඇතුළු පිරිස මෙම සිතුවමෙහි වස්තු විෂය හා සම්බන්ධ වන සේ සංරචනය ඇත.            

              මෙහි සියලු චරිතයක් හෝ වස්තුවක් ම සිදුවීමෙන් එකිනෙකට වෙන් වීම්ට ඉඩ නොදී ඒවා  සියල්ල එකිනෙකට මනාව සම්බන්ධ වන අයුරින් චිත්‍රයේ මූලික තේමාවට චරිත ඒකාග්‍ර කොට ගෙන ඇත. මෙම සිතුවමෙහි චරිත නාට්‍යානුසාරයෙන් සංයෝජනය කර ඇත.ෂාක් ලුවී ඩේවිඩ් විසින් සොක්‍රටීස් ගේ මරණය සිතුවම කැන්වස් තලයක් මත තෙල් සායම් මාධ්‍යයෙන් අපූර්ව ලෙස වර්ණ ගන්වා ඇත. වර්ණය තුළින් සිතුවමෙහි කලාත්මක අගය වැඩි වී ඇත. ඩේවිඩ් භාවිත කළ පින්තාරු කිරීමේ ක්‍රමවේද, සමස්ත චිත්‍රය පුරා බරුසු පහර හැසිරවු ආකාරය, එහි භාවිත වර්ණාවලිය, වර්ණ තුළින් එළිය අඳුර දැක්වීමේ ක්‍රමවේද නිසා සිතුවමේ කලාත්මක අගය වැඩි වී ඇත. සිතුවම වර්ණ ගැන්වීමේදී තෙල් සායම් මාධ්‍ය යොදාගෙන ඇත. සිතුවම පුරා භාවිත කළ පින්සල් පහර ඉතාමත් සියුම්ය. මටසිලුටු ය. සමස්ත සිතුවම තලය පුරා පින්සල් පහර ඉතා සෙමින්  ගෙන ගොස් ඇත.  ඩේවිඩ්ගේ පින්සල් පහර තුළින් සියුම් නිමාවක් චිත්‍රයට ලැබී ඇත. 

ෂාක් ලුවි ඩේවිඩ් සිතුවමෙහි භාවිත කර ඇති දීප්තිමත් වර්ණ තුලින් මානව රූ තුළ ජීවී බව හුවා දැක්වීමට හැකි වී ඇත. සොක්‍රටීස්ගේ අත් පා වල ඇති ජීවි ස්වභාවය මුහුණුවල ඇති හැඟීම් ප්‍රකාශනයන් ඉතාමත් තීව්‍රර  අයුරින් දක්වා ඇත. උඩුකය නග්න සොක්‍රටීස්ගේ මාංශ පේශිවල වටකුරු ස්වභාවය පිරී ගිය ස්වභාවය ඉතාමත් මැනවින් දක්වා ඇත. සොක්‍රටීස්ගේ මුහුණ, බාහුවල මාංශ පේශි, කෙන්ඩා, පාද, නිය පපු පෙදෙසෙහි මස් පිඩුවල ඇති සජීවී බව එනම් ඒවා යේ රුධිරය පිරී ඇති බව අන්දම වර්ණ භාවිතය ඇසුරින් ප්‍රශස්ත ලෙස ගොඩනඟා තිබේ. ඉතා සියුම් ලෙස භාවිත කළ පින්සල් පහර හා වර්ණ තුලින් ද්විමාන තලයක සිතුවම් කර ඇති වස්තූන්ගේ ඇති වස්තුමය ස්වභාවය ත්‍රිමානව සිතුවම් කර ඇත. සොක්‍රටීස්ගේ මුහුණේ හැඟීම්  නිරූපණය කිරීමේදී වර්ණ තුලින් සුවිශාල වූ කාර්යභාරයක් කිරීමට ෂාක් ලුවි ඩේවිඩ්ට හැකිවී ඇත.



                                                                               Jacques Louis David , the Death of Socrates (Detail)

සොක්‍රටීස්ගේ මුහුණේ තියුණු බැල්ම, ගාම්භීර බව, ශ්‍රේෂ්ඨ බව මෙන්ම ඔහුගේ මරණය පිළිබද කණගාටු නොවන ස්වභාවය ඉතාමත් පැහැදිලිව වර්ණ තුළින් දක්වා ඇත. එමෙන් ම සෙසු චරිත වල දුක්බර ස්වභාවය වැළපෙන ස්වභාවය මනාව වර්ණය තුළින් ඉස්මතු කර ඇති අතර අවස්ථානුකූලව සොක්‍රටීස්ගේ මුහුණේ හැඟීම් නිරූපණයන් සහ සෙසු අයගේ වැලපෙන දුක් බරිත හැගීම් නිරූපනය වර්ණය තුළින් එකිනෙකට වෙන්කර උලුප්පා දැක්වීමට සමත් වී ඇත. සිතුවමේ එහි ගැඹුරු බව පෙන්වීමේදී අඳුරු වර්ණ මාලාවක් භාවිත කර ඇත. දුරින් සිටින සොක්‍රටීස්ගේ බිරිඳ ඇතුළු පිරිසගේ මුහුණේ  හැඟීම් පැහැදිලිව නොපෙනෙන සේ වර්ණ ගන්වා ඇත. ඒ තුළින් සිතුවමෙහි ගැඹුරු ඉස්මතුවී පෙනේ. එමෙන්ම පසුබිමෙහි දක්වා ඇති චරිත සදහා ද දීප්තියෙන් අඩු අඳුරු පැහැති වර්ණ මාලාවක් යොද ඇත.  

                     සොක්‍රටීස් වස පානය කිරීම සිතුවමෙහි රේඛාව ඉතාමත් සූක්ෂම ලෙස හසුරුවා ඇත. මානව රූ නිර්මාණය කිරීමේදි ඉතා සියුම් වූ රේඛාවන් භාවිතයට ගෙන ඇත. සියුම් රේඛා භාවිතයෙන් සිතුවමෙහි ජීවී බව ජනිත කිරීමට උත්සාහ කර ඇත. සොක්‍රටීස්ගේ බැල්මෙහි තියුණු බව අනෙක් චරිතවල වේදනාබරිත හැඟීම් රේඛාව තුළින් ඉසම් තු කර පෙන්වයි. වක්‍ර වු සියුම් රේඛා භාවිතයෙන් සොක්‍රටීස්ගේ බාහුවල මස්පිඩු පිරුණු ස්වභාවය පුෂ්ටිමත් බව හා ත්‍රිමාණ බව ඉස්මතු කර දක්වා ඇත. සොක්‍රටීස්ගේ වයස්ගත ස්වභාවය ප්ලූටෝගේ වයස්ගත ස්වභාවය හා අනෙකුත් චරිතයන්හි තරුණ බව සියුම් රේඛාකරණය තුලින් ඉස්මතු වේ. 

 සොක්‍රටීස් වස පානය කිරීම සිතුවම තුළ ලුවී ඩේවිඩ් විසින් පර්යාවලෝකනය ඉතාමත් විධිමත් ආකාරයෙන් භාවිත කර ඇත. ගෘහ අභ්‍යන්තර කොටසක සමස්ත සිතුවම සංරචනය කර ඇති අතර පර්යාවලෝකනය භාවිත කරමින් චිත්‍රයට ගැඹුරක් ලබා දී ඇත. සිතුවම වම්පසට වන්නට ඇති ආරුක්කුව තුළින් ද්විමාන තලයක සිතුවම් කර ඇති සිතුවමට ගැඹුරක් එක් කරයි. සිතුවමෙහි මානව රු වස්තූන්, හැඩතල, වර්ණ, රේඛා මගින් පර්යාවලෝකනය හඳුනාගත හැකිය. සිතුවමෙහි ඉදිරි බිමෙහි ඇති වස්තූන්වල ලක්ෂණයන් ඉතාමත් හොඳින් පැහැදිලිව මතුකර ඇත. ඉදිරියේ ඇති වස්තූන්ගේ වස්තුමය ස්වභාවය වර්ණ තුළින් ඉතාමත් හොඳින් මතුකර ඇත.  මුහුණුවල ඉරියව්, ශරීර ස්වභාවයන්, මාංශපේශිවල ස්වභාවයන් ඉතාමත් තියුණු අන්දමින් මතුකර පෙන්වයි. ඉදිරි බිම් වස්තූන්වල ත්‍රිමාණ ලක්ෂණ පැහැදිලිය. නමුත් සිතුවමෙහි දුරින්ම පිහිටි වස්තූන්ගේ වස්තුමය ස්වභාවයන් ඉදිරියේ ඇති වස්තූන්ට සාපේක්ෂව හොඳින් ඉස්මතු කර නොමැත. පිටුපස සොක්‍රටීස්ගේ බිරිඳගේ මුහුණේ හැඟීම් පැහැදිලිව හඳුනාගත නොහැක. ඉදිරි බිමෙහි දක්නට ඇති චරිත වඩා විශාලව දක්වා ඇති නමත් පසුපස වන්නට චරිත් සාපේක්ෂව කුඩාය. ඉදිරි බිම් සිටින චරිත සඳහා දීප්තිමත් වර්ණ මාලාවක් භාවිත කළ ද පිටුපස සිටින පිරිස් සඳහා භාවිත වර්ණමාලාව අඳුරුය. එම අඳුරු වර්ණ මාලාව තුලින් ඔවුන්ගේ මුහුණෙහි පැහැදිලි ඉරියව් මෙන්ම ත්‍රිමාණ ලක්ෂණ හඳුනා ගැනීමට අපහසුය.


                                                                        Jacques Louis David , the Death of Socrates (Detail)

එමෙන්ම, රේඛා මගින් ද සිතුවමෙහි පර්යාව පර්යාවලෝකනය හඳුනාගත හැකිය. ඉදිරියෙහි ඇති වස්තූන් වල රේඛාව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉදිරි බිමෙහි ඇති බිත්තියේ ගඩොල්වල රේඛාව හොඳින් පෙනුනද පර්යාවලෝකනය සමග පසුබිමෙහි ගඩොල් හා බිත්තියේ දාරමය ස්වභාවය හඳුනා ගැනීමට තරමක් අපහසුය. එහිලා, ලුවී ඩේවිඩ් පර්යාවලෝකන රීතිය මෙම සිතුවම තුළට ඉතාමත් හොඳින් යොදාගත් බව පැහැදිලිය.  ඒ අනුව දෘශ්‍ය කලා මූලිකාංගයන් ඉතා විශිෂ්ට ලෙස භාවිත කර ඇති ආකාරය මෙකී සිතුවම අධ්‍යයනය කිරීම හරහා පෙනී යයි.


                                    



Monday, July 10, 2023

 



                                                     මල් බඳුනක් අසල වාඩි වී සිටින කාන්තාව   (A women seated beside a vase of flowers)



Edgar Degas, A women seated beside a vase of flowers, 1865, oil on canvas, 73.7cm×92.7cm, H.O.havemeyer Collection.


                  ඉතාලි ස්ම්භාව්‍ය චිත්‍ර කලාව අධ්‍යයනය කරමින් කලා ලොවට පිවිසි එඩ්ගා පසුව උපස්ථිතිවාදී චිත්‍ර කලාවේ පුරෝගාමී සාමාජිකයෙකු විය. එඩ්ගා ඩෙගා ශාලාවක් තුළට වී ආලිංගන නැමැති නැටුම් සිතුවම් ඇඳීමට ප්‍රිය කළේය. වර්ෂ 1834 දි පැරීසියේ උපත ලැබු මොහු චිත්‍ර කලාව හැදෑරීමට පෙර නීතයි හැදෑරූ අතර පසුව බියුකිස් කලායතනයට සම්බන්ධ විය. ඒ තුළින් චිත්‍ර කලාවේ ශාස්ත්‍රීය පදනම පිළිබඳ පුළුල් වූ අවබෝධයක් ලබා ගන්නට හැකි විය. තමා ලබාගත් දැනුම් පදනම්ව නිර්මාණය කළ අතර පසුව ඔහුට ඒ ගමන් මග වෙනස් කර නව ගමන් මගක් වෙත යොමුවීමට අවශ්‍ය විය. එඩ්ගා ඩෙගාගේ සිතුවම් සදහා ජන ජීවිතයේ විවිධාකාර වු අවස්ථා තේමාවන් වියග රෙදි විවීමල හිස පීරීමලනියපොතු පාට කිරීමලනැටුම් කණ්ඩායම් ඉන් සමහරක්යග ද්‍රව්‍යමය ප්‍රකාශ කෙරෙහි ඔහු දැඩි සේ ඇලුම් කළේයග වේදිකාව මත රංගන අවස්ථා ක්ෂණික චලනය ඉරියව් ප්‍රකාශනාත්මක සිතුවම් තුළින් විවරණය යෙදීමට ඔහු කටයුතු කළේයග ඒ අතර A women seated beside a vase of flowers නම් මෙම සිතුවම ඔහුගේ කලා ඇසට හසු වූ අපූර්ව අවස්ථාවකිග එම අවස්ථාව ඔහුට ග්‍රහණය වූ අවස්ථාවේදීම එය සිත්තම් කර ඇත.  


එඩ්ගා ඩෙගා ශිල්පියා 

එමෙන්ම යථාරූපී වර්ණ භාවිතය ක්ෂණික චලන ඉරියව්, වේගවත් බුරුසු පහරවල් ඔහුගේ සිතුවම් තුළ දක්නට ලැබේ. ශක්තිමත් රේඛා භාවිතය, මාධ්‍ය සමබරව හැසිරවීම්, දිදුලන වර්ණ භාවිතය ඔහු මුහුණ දුන් අභියෝග  අතර ප්‍රධාන වේ. ඉන් සාර්ථක වීමට ඔහුට හැකිවිය. ඔහුගේ මුල් කලා නිර්මාණවල වර්ණ තරමක් අඳුරු ස්වභාවයක් ගත්තද පසුව පැහැදිලි වර්ණ භාවිතයකට යොමු විය. ඒ සඳහා තෙල් සායම් සාදා ගැනීමේදී ටර්පමන්ටයින් මිශ්‍ර කළේය. ඔහුගේ කලා නිර්මාණ සඳහා මුල් කාලයේ තෙල් සායම් මාධ්‍ය යොදා ගත්තද  තෙල් සායම් මාධ්‍ය ඉවත් කොට පැස්ටල් සිය මාධ්‍ය කරගත්තේය. සිතුවමක් නිමා කිරීමේදී ඔහුටම ආවේණික වූ ශිල්ප ක්‍රමයක් තිබූ අතර සොබාදහම එලෙසම පිටපත් කිරීම ඔහුගේ සිතුවම් තුළ නොවීය. 

මෙම සිතුවමෙහි කොළ පැහැති මේසයක් මත විවිධ වර්ණවලින් යුතු විශාල මල් කළඹක් සහිත මල් බඳුනක් චිත්‍රයේ කේන්ද්‍රගත වන ලෙස සංරචනය කර ඇත. මල් බඳුනට පසෙකින් එනම්  චිත්‍රයේ වම් පසට වන්නට මල් බඳුන අසලින්ම කාන්තාව සංරචනය කර ඇත.මල් කළඹට දකුණු පසින් වතුර බඳුනක් සහ ඊට ඉදිරියෙන් රෙදි කැබැල්ලක් සහිතව මෙම සිතුවම සංරචනය කර ඇත. ගෘහස්ථමය සිදුවිමක් ඔහුගේ කලා ඇසට ග්‍රහනය වි ඇත. සමස්ත තලයේම අවකාශය ඉතා හොදින් භාවිතයට ගෙන ඇත. එමෙන්ම සමස්ත තලය පුරා ද්‍රව්‍ය  ස්ථානගත කිරීම හා සමබරතාව ඉතාමත් විශිෂ්ට ලෙස පවත්වා ගෙන ඇත.මෙම සිතුවමෙහි වම් පැත්තට වන්නට අසුන්ගෙන සිටින වල්පින්කෝන් මැතිණිය ඇගේ දකුණු අත තම මුහුණ මත තබා යමක් දෙස බලා සිටින හෝ යම් කල්පනාකාරී සිතුවිල්ලක නිමග්නව සිටිනා ආකාරයක් පෙනීයයි. මෙහි ඇති විශේෂත්වය නම් සිතුවම් මේසයක් මත තබා ඇති විශාල බඳුනක් සහිත විවිධ වූ මල් වලින් පිරී ගිය මල් කළඹ චිත්‍රයේ කේන්ද්‍රිය අරමුණ වීම.මෙම සිතුවම නරඹන්නාගේ දෙනෙත් පළමුවෙන්ම මල් කළඹට ආකර්ෂණීය වී යයි.

            

                                                               Edgar Degas, A women seated beside a vase of flowers (Detail)

 ඇතැම් විට එඩ්ගා ඩෙගා කාන්තාවට වඩා මෙම මල් කළඹට අවධානය දීමට කටයුතු කළා විය හැකිය. ඉතා උසස් වූ  උපස්ථිතිවාදී කලා ලක්ෂණ වලින් හෙබි සිතුමක් වන මෙහි වර්ණ භාවිතය පිළිබඳ අධ්‍යයනයේ දී පෙනී යන  වැදගත්ම කරුණ නම් එඩ්ගා ඩෙගා විසින් භාවිත කළ වර්ණ මෙම හිතුවමේ  කලාත්මක අගය ඉහළ යෑමට බලපෑ බව ය. මෙම සිතුවමෙහි වර්ණ පදාස වන ලෙස ඇස තුළ වර්ණ මිශ්‍ර වන අයුරින් ද වර්ණ කොට තිබේ. වර්ණ කිරීමේ දී පින්සල් පහරවල් පෙනෙන සේ වර්ණ ගන්වා තිබීම විශේෂිතය. මෙහි මල් කලඹ වර්ණ ගැන්වීමේදී ඉතාමත් දීප්තිමත් වර්ණ මාලාවක් භාවිත කර ඇත. සුදු වර්ණය මූලික කර කරගෙන දම්, රතු ,රෝස, කහ,නිල් සහ කොළ යන ආදී වර්ණයන් පදාස ක්‍රමයට පින්සල් පහරවල් පෙනෙන සේ මල් කළඹ වර්ණ ගන්වා ඇත. මෙහි භාවිත කර ඇති දීප්තිමත් වර්ණමාලාව හේතුවෙන් නරඹන්නාගේ දෙනෙත් ඒ වෙත ආකර්ෂණය වී යයි. ද්විමාන තලයක් තුල සිතුවම් කර ඇති මල් කළඹෙහි ත්‍රිමාණ බව වර්ණ තුළින් මතුකර දක්වා ඇත. එමෙන්ම එකකට එකක් වෙන් නොවී යන සේ අපූරු ලෙස මල් කලඹ වර්ණ ගන්වා ඇත. මෙහිදී වර්ණවල සමබරතාවය අඛණ්ඩ ලෙස පවත්වාගෙන යාමට එඩ්ගා ඩෙගා සමත් වී ඇත. මල් කළඹට දකුණින් ඇති කුඩා විනිවිද පෙනෙන්නා වූ වතුර  භාජනයකි. එඩ්ගා ඩෙගා විසින් වතුර  බඳුනේ මාධ්‍යය වන වීදුරුමය ස්වභාවය ඒ අයුරින්ම දක්වා ඇත. එමෙන්ම වතුර බඳුන තුළින් පිටුපස ඇති පසුබිම විනිවිද පෙනෙනා සේ වර්ණ ගන්වා ඇත පසුබිම් තුළ කොළ පැහැයෙන් යුතු ලියවැලක් දක්වා ඇත. මේසය මත තබා ඇති කහ පැහැති රෙදි කැබැල්ලේ හි ස්වභාවය ඒ අයුරින්ම දැක්වීමට එඩ්ගා ඩෙගාට හැකි වී ඇත. මෙම සිතුවම් දෙස බැලීමේදී පෙනී යන්නේ  ද්‍රව්‍යවල ද්‍රව්‍යමය ස්වභාවයක් වෙනස් නොවන ලෙස සිතුවම් කර ඇති බවය. මෙම සිතුවමෙහි දැක්වෙන කාන්තාව කහ පාටට හුරු දුඹුරු පැහැයකින් යුත ු ඇඳුම්කින් සැරසී ඇත. ඇගේ කනේ සුදු පැහැති කරාබුවකි. 


                                                                    Edgar Degas, A women seated beside a vase of flowers (Detail)


                 ඇයගේ නළල මතට ගුරු පැහැති කෙස්  වැටී ඇත. ඇගේ ඇඳුම් ඇගේ හිස මත ඇති හිස් වැසුම් හා ගෙල වටා ඇති කළු පැහැති ලේන්සුව තුළින් වඩාත් උද්දීපනය වී පෙනේ. මුහුණෙහි හැඟීම් තිවුර වන ලෙස වන ලෙස සිතුවම් කර ඇත.අවස්ථානුකූලව එනම් කල්පනාකාරී හැඟීම්බර ඇයගේ මුහුණ ඊට උචිත අයුරින් දක්වා ඇත. නිකටෙහි අත තබා ගෙන සිටීමත්  ඇගේ දෑස්  සිතුවමින් බැහැරට යොමු වී ඇති ආකාරයෙන් එඩ්ගා ඩෙගා  අවස්ථානුකූලව  දක්වා ඇත.එමෙන්ම සිතුවම් තලය භාවිතා කිරීමේදි මල් කළඹට සුවිශේෂී වූ අවකාශයක් ලබා දී ඇත. එඩ්ගා ඩෙගා ගේ අපූරුව වර්ණ ගැන්වීමේ ක්‍රමවේදය එනම්, වේගවත් වූ පින්සල් පහර තලය පුරා භාවිතය හා පදාස ක්‍රමයෙන් වර්ණ ගැන්වීම කැන්වස් තලයක් මත අපූර්ව ලෙස මාධ්‍ය හැසිරීම ද්‍රව්‍යවල  ද්‍රව්‍යමය ස්වභාවය ඒ අයුරින්ම නිරූපණය කිරීමට උත්සාහ කිරීම අවකාශය තුළ වස්තූන් අපූර්ව ලෙස සංරචනය ඔහුගේ මෙම  සිතුවමේ පැහැදිලිව දැකගත හැකි ලක්ෂණ වේ. ඒ අනුව ඔහු චිත්‍ර කලාවේ මූලිකාංග ඉතාමත් උචිත අයුරින් යොදා ගෙන ඇති බව පෙනී යයි.  

                   


Sunday, July 9, 2023


 බෲටස් විසින් පුතුන් දෙදෙනා ඝාතනය කිරීම  (The lictors bring to brutus the bodies of his sons)



Jacques Louis David, The lictors bring to brutus the bodies of his  sons, 1789, oil on canvas, 322cm × 422cm, Louvre Museum. 

               

                    ඓතිහාසික සිදුවීමක් වන රෝම පාලක බෲටස් විසින් පුතුන් ඝාතනය කිරීමේ අවස්ථාව  සිතුවමෙහි වස්තු විෂය සඳහා පාදක කරගෙන ඇත. රෝමය අවසන් පාලකයා වන ටාර්කින් රාජ්‍ය බලයෙන් පහකොට රෝම ජනරජය පිහිටුවා ගන්නා අතර පසුව ටාර්කින් පිටුවහල් කර දමයි. ටාර්කින් බෲටස්ගේ පුතුන් දෙදෙනා සමග එක්ව රෝම රාජ්‍ය බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක යෙදේ. තම පුතුන් දෙදෙනා රෝම අධිරාජ්‍යයට එරෙහිව කළ රාජ ද්‍රෝහිත්වයට දඬුවමක් ලෙස පියා වන බෲටස් විසින් ඔවුන් දෙදෙනා ඝාතනය කිරීමට අණ ලබා දේ. ඝාතනය කරන ලද බෲටස්ගේ පුතුන් දෙදෙනාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරු අධිකරණ නිලධාරීන් විසින් පිටතට රැගෙන යන අවස්ථාව ඉතාමත් අනුවේදනීය ලෙස කැන්වස් තලය තුළ සිතවු මට නගා ඇති අවස්ථාවකි. බෲටස් විසින් තම රාජ්‍යයේ නිර්මලත්වය වෙනුවෙන් කරන ලද කැපකිරීම, පරිත්‍යාගශීලීත්වය, සමානාත්මතාව මෙන්ම බෲටස්ගේ අභ්‍යන්තරය තුළ සැඟවී ගිය වේදනාවන් හා බිරිඳ ඇතුළු දියණියන්ගේ ශෝකානුකූල හැඟීම් කැන්වස් තලයක් තුළ කැටි කරගත් අවස්ථාවකි. පුනරුද හා පෞරාණික ග්‍රීක රෝම සම්භාව්‍ය කලාව පිළිබඳ හැදෑරූ ඩේවිඩ් එම කලාවන්හි ලක්ෂණද ආභාෂ කරගනිමින් නව ශෛලියේ කින් යුතුව මෙම සිතුවම නිර්මාණය කර ඇත. 

බෲටස් තම පුතුන් ඝාතනය කිරීම කලාකෘතිය සඳහා ඩොරික් කුළුණු සහිත ගෘහමය කුටියක් සිතුවම සඳහා පසුබිම් කර කරගෙන ඇත. සිතුවමේ මැද බිම මේසේ මත ඇති මැහුම් ගෙතුම් ආම්පන්න තුළින් මෙය ගෘහමය කුටියක් බව සනාථ වෙයි. සිතුවම ගාම්භීර හා නාට්‍ය බවකින් යුක්තය. එහි ඇත්තේ විධිමත් වූ සංරචනයකි.   

 සිතුවම් තුළ මැද බිම, පෙරබිම, පසු පසුබිමට වන්නට වස්තූන් සංරචනය කර ඇත. වස්තුන් සංරචනය කිරීමේදී ඉතා උපරිම ලෙස කැන්වස් තලය ප්‍රයෝජනයට ගෙන ඇත. සිතුවමේ දකුණු පසට වන්නට ඝාතනය කරනු ලැබූ බෲටස්ගේ පුතුන් දෙදෙනාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරු අධිකරණ නිලධාරීන් විසින් රැගෙන යන අවස්ථාව සිතුවම් කර ඇත. ඩොරික් කුළුණු පෙලකින් සමන්විත  ආරුක්කුවක් දෙසට ඔවුන්ගේ දේහයන් රැගෙන යයි. ප්‍රාණය නිරුද්ධ වූ සිරුර වෙත ආලෝක දහරාවක් යොමුකර තිබිම විශේෂිතය. මැද බිමෙහි සිටින කාන්තාව බෲටස්ගේ බිරිඳ වන අතර ඇය තම දකුණු අත මළ සිරුර දෙසට දිගු කර සිටියි. ඇයගේ මුහුණේ ඇත්තේ ශෝකානුකූල විලාපයකි. ඇයට තුරුල්ව ඇගේ දියණියන් දෙදෙනා සිටියි. මෙම අවස්ථාව දෙස සියසින් බැලීම අපහසු එක් දියණියක් සිය දෑතින් එම සිදුවීම් වසන් කිරීමට වෙර දරයි. අනෙක් දියණිය සිහිසුන් වී ඇති අතර බෲටස්ගේ බිරිඳ විසින් වමතින් ඇය අල්ලාගෙන සිටියි. ඊට ආසන්නයේ සිතුවමට වම් පසින් සිටින මෙහෙකාරිය සළුවකින් තම මුහුණු වසාගෙන වැලපෙයි. ඔවුන්ගේ වැළපීම් නාට්‍යානුසාරීව ඩේවිඩ් විසින් සංරචනය කර ඇති අයුරු අපූරුයි.  ඉහළින් යොමු වන්නා වූ ආලෝක ධාරාවකින් වැළපීම් ආලෝකමත් කර ඇත.  මැද බිම් සිටින බෲටස්ගේ බිරිඳ ඇතුළු පිරිස්ගේ ශෝකානුකූල විලාපයන් හා ප්‍රාණය නිරුද්ධ සිරුර වෙත යොමු කර ඇති ආලෝක දහරාව  තුළින් එම අවස්ථාවන් දෙක එකිනෙකට සම්බන්ධ කිරීමට උත්සාහ දරා ඇත. 

                  තම පුතුන්ගේ, සොයුරන්ගේ, ස්වාමිවරුන්ගේ වියෝව තුළින් ශෝකානූකූල බව හරහා ඩේවිඩ් විසින් සිතුවමේ නිරූපිත තේමාව වඩාත් තීව්‍ර කිරීමට උත්සාහ දරා ඇත. බෲටස් රෞද්‍ර බැල්මකින් යුතුව සංරචනය කර තිබුණද ඔහුගේ අභ්‍යන්තරික වේදනාවන් සංකේතාත්මක ලෙස මෙහිදී සිතුවම් කර ඇත. ඔහු දෙපා එකින් එක පටලවා තද කර සිටින අතර ඒ තුළින් ඔහුගේ වේදනාවන් ඉස්මතු කර පෙන්වීමට ඩේවිඩ් කටයුතු කර ඇත. එමෙන්ම තම පුතුන්ගේ මරණ දණ්ඩනය පිළිබඳ ලියවිල්ල ඔහු සිය දෑතින් පොඩි කර සිටියි.සිතුවම් තුළ මැද බිම් පෙරබිම පසු පසුබිමට වන්නට වස්තූන් සංරචනය කර ඇත. වස්තුන් සංරචනය කිරීමේදී ඉතා උපරිම ලෙස කැන්වස් තලය ප්‍රයෝජනයට ගෙන ඇත. සිතුවමේ දකුණු පසට වන්නට ඝාතනය කරනු ලැබූ බෲටස්ගේ පුතුන් දෙදෙනාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරු අධිකරණ නිලධාරීන් විසින් රැගෙන යන අවස්ථාව සිතුවම් කර ඇත. ඩොරික් කුළුණු පෙලකින් සමන්විත  ආරුක්කුවක් දෙසට ඔවුන්ගේ දේහයන් රැගෙන යයි. ප්‍රාණය නිරුද්ධ වූ සිරුර වෙත ආලෝක දහරාවක් යොමුකර තිබිම විශේෂිතය. මැද බිමෙහි සිටින කාන්තාව බෲටස්ගේ බිරිඳ වන අතර ඇය තම දකුණු අත මළ සිරුර දෙසට දිගු කර සිටියි. ඇයගේ මුහුණේ ඇත්තේ ශෝකානුකූල විලාපයකි. ඇයට තුරුල්ව ඇගේ දියණියන් දෙදෙනා සිටියි. මෙම අවස්ථාව දෙස සියසින් බැලීම අපහසු එක් දියණියක් සිය දෑතින් එම සිදුවීම් වසන් කිරීමට වෙර දරයි. අනෙක් දියණිය සිහිසුන් වී ඇති අතර බෲටස්ගේ බිරිඳ විසින් වමතින් ඇය අල්ලාගෙන සිටියි. ඊට ආසන්නයේ සිතුවමට වම් පසින් සිටින මෙහෙකාරිය සළුවකින් තම මුහුණු වසාගෙන වැලපෙයි. ඔවුන්ගේ වැළපීම් නාට්‍යානුසාරීව ඩේවිඩ් විසින් සංරචනය කර ඇති අයුරු අපූරුයි.  ඉහළින් යොමු වන්නා වූ ආලෝක ධාරාවකින් වැළපීම් ආලෝකමත් කර ඇත. මැද බිම් සිටින බෲටස්ගේ බිරිඳ ඇතුළු පිරිස්ගේ ශෝකානුකූල විලාපයන් හා ප්‍රාණය නිරුද්ධ සිරුර වෙත යොමු කර ඇති ආලෝක දහරාව  තුළින් එම අවස්ථාවන් දෙක එකිනෙකට සම්බන්ධ කිරීමට උත්සාහ දරා ඇත. තම පුතුන්ගේ, සොයුරන්ගේ, ස්වාමිවරුන්ගේ වියෝව තුළින් ශෝකානූකූල  ඒ තුළින් ඩේවිඩ් විසින් සිතුවමේ නිරූපිත තේමාව වඩාත් තීව්‍ර කිරීමට උත්සාහ දරා ඇත.බෲටස් පරුෂ බැල්මකින් යුතුව සංරචනය කර තිබුණද ඔහුගේ අභ්‍යන්තරික වේදනාවන් සංකේතාත්මක ලෙස මෙහිදී සිතුවම් කර ඇත. ඔහු දෙපා එකින් එක පටලවා තද කර සිටින අතර ඒ තුළින් ඔහුගේ වේදනාවන් ඉස්මතු කර පෙන්වීමට ඩේවිඩ් කටයුතු කර ඇත. එමෙන්ම තම පුතුන්ගේ මරණ දණ්ඩනය පිළිබඳ ලියවිල්ල ඔහු සිය දෑතින් පොඩි කර සිටියි.

 


Jacques Louis David, The lictors bring to brutus the bodies of his sons (Detail ), 1789, oil on canvas

ලුවී ඩේවිඩ් විසින් බෲටස් තම පුතුන් ඝාතනය කිරීම යන සිතුවම සඳහා අඳුරු හා දීප්තිමත් යන වර්ණමාලාවක් භාවිත කර ඇත. අඳුරු හා දීප්තිමත් වර්ණ තුළින් සමස්ත සිතුවමේ තේමාව ත්‍රිවුර කිරීමට උත්සහ ගෙන ඇත. එම දීප්තිමත් හා අඳුරු වර්ණයන් එකිනෙකට ගලපමින් සියුම් ලෙස වර්ණ ගන්වා ඇත. මැද බිමෙහි නිරූපිත බෲටස්ගේ බිරිඳ දියණියන් දෙදෙනා ඇතුළු මෙහෙකාරිය සඳහා දීප්තිමත් වර්ණ මාලාවක් භාවිත කර ඇත. එමෙන්ම සිතුවමේ දකුණු පසු රැගෙන යන බෲටස්ගේ පුතුගේ මළ සිරුර සඳහා ද එවැනි ම දීප්තමි ත් වර්ණ භාවිතා කර ඇත. 



Jacques Louis David, The lictors bring to brutus the bodies of his sons (Detail ), 1789, oil on canvas

    මළ සිරුර දැක වේදනාවෙන් මුසපත් වූ බෲටස්ගේ බිරිඳ, දියණිය හා මෙහෙකාරියගේ හැඟීම් ඉතාමත් මෘදු ලෙස දක්වා ඇති අයුරු අපූරුය. සිතුවමෙහි රේඛාව ඉතාමත් සූක්ෂම ලෙස හසුරුවා ඇත. මානව රූ නිර්මාණය කිරීමේ දී ඉතා සියුම් වූ ප්‍රාණවත් රේඛාවන් භාවිතයට ගෙන ඇත.සියුම් රේඛාවන් තුළින් සිතුවමේ සජිවි බව ජනිත කිරීමට කටයුතු කරයි. පිටතින් පෙනෙන පරුෂ බව මෙන්ම ඔහුගේ අභ්‍යන්තරික වේදනාව රේඛාව තුළින් ඉස්මතු කර පෙන්වයි. වක්‍ර රේඛා භාවිතයෙන් ඔහුගේ ශරීරයේ පුෂ්ටිමත් බව හා ත්‍රිමාණ බව ඉස්මතු කර දක්වයි. මැද බිමට වන්නට සංරචනය කර ඇති බෲටස්ගේ බිරිඳ දියණිය සහ මෙහෙකාරියගේ ශරීරයේ ඇති ලාලිත්‍යමය ස්වභාවය  මටසිළුටු ස්වභාවය සියුම් රේඛාකරණය තුලින් පෙන්වයි. එමෙන්ම ඉරියව් තුළ ඇති නාට්‍යානුසාරී රිද්මයානුකූල බව රේඛාව තුළින් ඉස්මතු කර පෙන්වයි. ඉතාමත් සියුම් වූ වයනයක් සිතුවම පුරාම දක්නට ලැබෙන අතර රේඛාව, වර්ණ තුළින් සිතුවමේ අගය සියුම් ලෙස නිරූපණය කර ඇත. ලුවී ඩේවිඩ්  සිතුවමේ පසුබිම සදහා භාවිත කළ ඇති කුළුණු  පෙළ සිතුවමට ගැඹුරක් මෙන්ම නව මානයක් එක් කරයි. එහිලා, මෙකී සිතුවම වූ කලී නිවැරදි වූ මානව රූ සිතුවම් කිරීම හා හැඟීම් නිරූපණය අතින් ඉතා විශිෂ්ට වූ කලා කෘතියක් ලෙසින් මනාව හඳුනාගත හැකිය.


 


Wednesday, July 5, 2023

           ආලෝකයෙන් අන්ධකාරය වෙන් කිරීම   Separation of light from darkness 




     Michel Angelo, Separation of darkness from light,1512,Fresco,180cm×260cm,Sistine Chapel 


                මෙකී සිතුවම පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මෙය මයිකල් ආන්ජලෝගේ අග්‍රගණ්‍ය නිර්මාණ අතරින් සිස්ටයින් දෙව්මැදුරේ සිවිලිම මධ්‍යයේ ප්‍රෙස්කෝ ක්‍රමයට සිතුවම් කර ඇති සිතුවම් නවයකින් යුත් චිත්‍ර මාලාවේ පළමු වැනි සිතුවමයි. ක්‍රිස්තු වර්ෂ 1512 දී එනම් සිස්ටයින් ව්‍යාපෘතියේ අවසාන වසරේ දී මයිකල් ආන්ජලෝ විසින් අඳුරෙන් ආලෝකය වෙන් කිරීම නම් වූ සිතුවම නිර්මාණය කර ඇත. මයිකල් ආන්ජලෝගේ සමස්ත සිතුවම් අධ්‍යනයේ දී පෙනී යන්නේ බයිබලයෙහි සඳහන් කතා මාලාවත් ඔහුගේ සිතුවම් සඳහා පාදක කර ගෙන ඇති බව ය. 
                 මෙය තුළින් දිවා රෑ යන සිද්ධාන්ත නිරූපණය කරයි. උදෑසන කාලය තුළ ආලෝකය ද රාත්‍රී කාලය තුළ අන්ධකාරය ද උලුප්පා පෙන්වීමට මයිකල්ආන්ජලෝ විශාල වෙහෙසක් දරා ඇත. මයිකල් ආන්ජලෝ විසින් යොදාගෙන ඇති නග්න රූප හතර තුළින් රාත්‍රිය සහ දවාල සමඟ ඇති සංකල්පය මනාව පිළිබිඹු වේ.මයිකල් ආන්ජලෝ දෙවියන් වහන්සේගේ දකුණු අත එනම් අඳුරු ලෙස වර්ණ ගන්වා ඇති පැත්තේ ඉග්නුදි හෙවත් නිරුවත් තරුණයා උදෑසන නින්දෙන් අවදි වන්නාක් මෙන් සිතුවම් කර ඇත. මෙම සිතුවම මධ්‍යයේ රාමුවක් තුළ කේන්ද්‍රීය ලෙස ආකර්ෂණය වන පරිදි දෙවියන් වහන්සේ වලාකුලු සහිත අහසට නැගී සිටින ආකාරය සිතුවම් කර ඇත. දෙවියන්වහන්සේ ඉහලට දෑත් දිගු කර සිටි. රාමුව සතර කොනේ ඉග්නුදි රූප හතරකි. ඉග්නුදි යනු නිරුවත් තරුණයන්ය. මෙම ඉග්නුදි සතරදෙනා රාමුවෙන් පිටත සතර කොනේ කුළුණු සතරක් මත හිඳ සිටින අයුරු දක්වා ඇත. සිතුවමේ දෙවියන් වහන්සේට ඉහළින් හා පහළින් පලිහ දෙකකි.  මයිකල් ආන්ජලෝ අඳුරෙන් ආලෝකය වෙන් කිරීම සිතුවම් ඉතා විශිෂ්ට ලෙස සංරචනය කර ඇත. ස්වභාවිකවාදී ශෛලිය මෙම සිතුවමෙහි සංරචනය කෙරෙහි සෘජුවම බලපා ඇත. 

                  දෙවියන් වහන්සේගේ දණහිසට පහළින් එනම් ආලෝකය සහිත පැත්තේ ඉග්නුදි කොළ පැහැයෙන් යුතු බරති ඕක් මල් මිටියක් තබාගෙන ඇත. මෙම කොළ පැහැති ඕක් මල් මිටිය තුළින් දිවා කාලයේ සිදුවන්නා වූ ක්‍රියාකාරකමක් සංකේතාත්මකව නිරූපණය කිරීමට මයිකල් ආන්ජලෝ කටයුතු කර ඇත. ඉන් දිවා කාලය පිළිබඳ සිද්ධාන්තය උළුප්පා දක්වා ඇත.දෙවියන්වහන්සේගේ වම් අත අසල සිටින ඉග්නුදි නින්දට වැටෙන ආකාරය නිරූපණය කිරීම තුළින් රාත්‍රී කාලය සංකේතවත් කිරීමට ආන්ජලෝ උත්සාහ දරා ඇත. 


                          Michel Angelo, Separation of darkness from light (Detail) ,1512, Fresco,180cm ×260cm, Sistine Chapel 
  
             මෙම සිතුවමේ මානව රූ ජීවි හා චලන ගුණයෙන් යුතු අතර මයිකල් ආන්ජලෝගේ මානව රූ නිර්මාණය කිරීමේ සුවිශේෂී වූ හැකියාව පැහැදිලි වේ. දෙවියන් වහන්සේ වයෝවෘද්ධ පාණ්ඩිත්‍යකින් යුතු මුහුණකින් දක්වා ඇත. මෙම සිතුවමේ දෙවියන් වහන්සේ මානවරූපී විලාසයෙන් ගොඩනඟා තිබීම විශේෂිතය. එකල දේවත්වයට වඩා මානවවාදය ප්‍රචලති වෙමින් පැවතීම දෙවියන් වහන්සේ මිනිස් සිරුරකින් නිරූපණය කිරීමට හේතු වන්නට ඇත. දෙවියන් වහන්සේ වයෝවෘද්ධ වුවද දෙවියන් වහන්සේගේ ශරීරය ඉතාම පුෂ්ටිමත් හා තාරුණ්‍ය බවකින් යුතුය. මානව රූප පිළිබඳ අධ්‍යයනයේ දී පෙනී යන තවත් වැදගත් ලක්ෂණයක් නම් කිසිදු රුවක් සෘජු දර්ශීය අයුරින් දක්වා නොමැති වීමයි. දෙවියන් වහන්සේ ඇතුළු සමස්ත ඉරියව් පහම එකිනෙකට විරුද්ධ වූ ඉරියව් පහකින් සිතුවම් කර ඇත. එමෙන්ම ස්වකීය වෘත්තාන්තයට උචිත වූ ගාම්භීරත්වයකින් යුක්තව හා සහජ හා අභ්‍යන්තර ශක්තීන් නිසා දඟර ගැසුණු නම්‍යශලී ශරීර මෙම සිතුවමේ කලාත්මක ගුණය වැඩි වීම කෙරෙහි බලපා ඇත. 

          මෙහිදී, මයිකල් ආන්ජලෝ විසින් දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය හා දේවත්වය විදහා පෙන්වීමට රක්ත පැහැය භාවිතා කලා විය හැකිය.පසුබිම් වර්ණ ගැන්වීමේදී සුදු හා කළු පැහැය මිශ්‍රිත දම් පැහැය මූලික කර කරගෙන ඇත. වලාකුළු වල ත්‍රිමාණ බව දැක්වීමේදී භාවිතා කළ වේගවත් බුරුසු පහර අගනේය. වලාකුලක හැඩය වෙනස් නොවන පරිදි හා වළාකුළුවල කැලඹිලිමය ස්වභාවය වර්ණ තුළින් මතුකර දැක්වීමට මයිකල් ආන්ජලෝට හැකි වී ඇත. දෙවියන් වහන්සේ වර්ණ ගැන්වීමේදී වළාකුළු නිර්මාණය කිරීමට යෙදූ වේගවත් පින්සල් පහර යොදාගෙන නැත. සුමට ආකාරයෙන් දෙවියන් වහන්සේ වර්ණ ගන්වා ඇත. දෙවියන් වහන්සේ ඇතුළු සමස්ත ඉග්නුදි රූප හතරේ මාංශපේශී වල ත්‍රිමාණ බව දැක්වීමට වර්ණ භාවිතා කර ඇත. මයිකල් ආන්ජලෝගේ Separation of darkness from light සිතුවමේ අපූර්ව මානව රූ චිත්‍රණය, මිනිස් සිරූරේ නිවැරදි  කාය ව්‍යූහ ලක්ෂණ දැක්වීම, අවස්ථාවට උචිත වන පරිදි අවකාශය තුල වස්තූන් සංරචනය, විවිධ ඉරියව් වලින් යුතු මානව ඉරියව් භාවිතය, වේගවත් පින්සල් පහර තුලින් වර්ණ ගැන්වීම යනාදි කලාත්මක අගය තිවූර වීම් යකයරහි බලපා ඇත.මයිකල් ආංජිලෝ චිත්‍ර කලාවෙි මුලිකාංග අපූර්ව යලස යයොදායගන ඇති බව මෙම සිතුවම අධ්‍යනයෙන් පෙනී යයි . 

Saturday, July 1, 2023

අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (The Last Supper)


අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (The Last Supper)   

     Leonardo da Vinci, The Last Supper, 460 cm × 880 cm (181 in × 346 in), 

Santa Maria delle Grazie  

                                   

              ඉතාලියේ සම්භාව්‍ය පුබුදු යුගය අගනා කලා කෘති රැසක් ලොවට බිහි කළා වූ  යුගයකි. මෙකී යුගයේ බිහිවූ සම්මානනීය ශිල්පියකු ලෙස ලියනාඩෝ ඩාවින්චි හට හිමි වනුයේ සුවිශේෂ වූ ස්ථානයකි. එහිලා,  මූලිකවම ලියනාඩෝ ප්‍රසිද්ධ වූයේ චිත්‍ර ශිල්පියෙකු ලෙසය. ඔහුගේ චිත්‍ර 2 ක් වන මොනාලිසා හා අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය වඩාත් ජනප්‍රියත්වයට පත්වූ අපූර්ව සිත්තම් ය.                                                                                                                                       

             මෙහිදී අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබඳ  අවධානය යොමු කිරීමේ දී මෙය ඉතාලියේ මිලනෝ නගරයේ ශාන්ත මරියා ඩෙලා ග්‍රේසි (St. Meris Delladrzie) නමැති කන්‍යාරාම ගොඩනැගිල්ලේ බිත්තියක ඩාවින්චි විසින් චිත්‍රණය කළ අග්‍රගන්‍ය බිතුසිතුවමක් වන මෙය ක්‍රි.ව.1495-1497 ත් අතර කාලයේදී චිත්‍රණය කරන ලද බව සඳහන් වේ. අඩි 29 ක් දිග අඩි 13.5 ක් පළලින් යුතු මෙම චිත්‍රය පොළව මට්ටමේ සිට අඩි 15 ක් පමණ ඉහළින් ඇඳ ඇත. සිතුවමින් නිරූපණය වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තම අනුගාමිකයින් දොළොස් දෙනා සමඟ රාත්‍රී භෝජනය ගන්නා අවස්ථාවේ උන් වහන්සේගේ මුවින් පිටවූ වදනක් හේතු කොට ගෙන පිරිස තුළ වූ කැළඹිලි ස්වභාවයයි. "නුඹලාගෙන් කෙනෙක් මා කෙරහී ද්‍රෝහීව පාවා දෙන්නේය"  යන්න උන් වහන්සේගේ මුවින් පිටවූ විට ඉන් කළබලයටත් පුදුමයටත් පත් වූ පිරිස තුළ ඇතිවූ මානසික කැළඹීම ඔවුන්ගේ ඉරියව් වලින් හා අංගචලන තුළින් ප්‍රකාශ කිරීම ඩාවින්චිගේ මූලික අදහස වී ඇත. චිත්‍ර තලයට සරළ සමාන්තරව පිහිටි මේසය මත ගොණු වූ මානව රූප 13 ක් වේ. තිදෙනා බැගින් රචනා වූ රූප කාණ්ඩ හතරකට මැදි වූ ක්‍රිස්තුස් වහන්සේගේ රූපය චිත්‍රයේ කේන්ද්‍රස්ථානය හිමි කර ගන්නා වූ අතර රූප මෙසේ කාණ්ඩ වුවද චිත්‍රයේ ඒකාබද්ධතාව රැකෙන අයුරින් සකස් වීමත් රූප වල පවත්නා ජීවී ගුණය මැනවින් ඉස්මතු වන සේ මානව රූප චිත්‍රණය කිරීමත් මෙහිදී කැපී පෙනේ.   


 Leonardo da Vinci (Detail) , The Last Supper, 460 cm × 880 cm (181 in × 346 in), 

Santa Maria delle Grazie  



                     එමෙන්ම, ශ්‍රාවකයින්ගේ කැළඹිලි බව, ක්‍රිස්තුස් වහන්සේගේ නිසල බව, ශාලාවේ එක් පැත්තක ආලෝකමත් බව ද, අනෙක් පැත්තේ අඳුරු බව ද දක්වා ඇත්තේ චිත්‍රයේ තේමාව අර්ථවත් කිරීමටය. එසේම පාවා දෙන ජුදාස්ගේ හා සෙසු පිරිසගේ මුහුණු හා ඉරියව් තුළ ඇති භාව ප්‍රකාශනය ශිල්පීය දක්ෂතා මැනවින් නිරූපණය කරයි. චිත්‍රය වර්ණ ගැන්වීමේ දී දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද සහිත අඳුරු වර්ණමාලාවක් ත්‍රිමාන හා පර්යාලෝක ලක්ෂණ සහිත ව යොදා ඇති අතර කෙයාරස් කූරෝ (Chiaroscuro) වර්ණ කිරීමේ සිද්ධාන්ත අනුව තලය මධ්‍යයයේ සිටින ජේසුස්වහන්සේ වඩාත් ආලෝකමත්ව මතු කර දක්වමින් සෙසු රූප අඳුරු වර්ණමාලාවකින් දක්වා ඇත. 

තවද, සංරචනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී චිත්‍රයේ පසුතලය එහි ප්‍රකාශන ගුණය තීව්‍ර වන අයුරින් යොදාගෙන ඇත්තේ ඒක ලක්ෂීය පර්යාවලෝකනය භාවිත කිරීමෙනි. චිත්‍රය සෑහෙන ඉඩක් ශාලාවේ ඇතුළත දර්ශනය සඳහා යොදාගෙන ඇති අතර වියන්තලය සඳහා යෙදූ රේඛා සැලැස්ම බිත්ති කපොලු ආශ්‍රිත රේඛා චිත්‍රයේ පෙර බිම සිට ඈතට විහිදී යමින් ක්‍රිස්තූස් වහන්සේගේ හිස පිටුපසින් අවසාන වන අයුරින් චිත්‍රයේ මධ්‍යගත අන්තරදහන ලක්ෂය (Vanishing Point) හා සම්බන්ධ වෙයි. රේඛාවේ මෙවැනි හැසිරීම නිසා චිත්‍රය නරඹන්නාගේ දෘෂ්ටිය නිරායාසයෙන් ම ගමන් කරන්නේ කේන්ද්‍රස්ථානයේ සිටින ක්‍රිස්තූස් වහන්සේ වෙත ය.  

             ඩාවින්චි මෙම සිතුවම නිර්මාණය කිරීමේ දී ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ශිල්පියාගේ සමකාලීන ගත් කතුවරයෙකු වූ බැන්ඩෙලා (Bandella) තැබූ සටහනක මෙසේ වෙයි. 

"උදෑසනම පලංචියට නගින ඩාවින්චි එක දිගටම ඇඳීමේ කාර්යයේ යෙදේ. කෑම බීම ගැනීම පවා අමතක කරමින් අඳුර වැටෙන තෙක් සිතුවම් කිරීමේ කාර්යෙහි යෙදෙන ඔහු නැවත දින කිහිපයක් ගත වන තුරු චිත්‍රයේ කිසිදු වැඩක නොයෙදේ. එහෙත් දින පතා එහි පැමිණ පැය කිහිපයක් චිත්‍රය දෙස විමසිල්ලෙන් බලා සිටිමින් රූප වල ස්වභාවය අධ්‍යයනය කිරීමට පුරුදු වී සිටියේය."

 ඒ අයුරින් වර්ෂ ගනනාවක් පුරා වෙහෙස වී ඇඳි සිතුවම ලොව මවිත කරවන නිර්මානයක් බවට පත් විය. සිතුවම රචනා කිරීමට භාවිත කළ ශිල්ප ක්‍රම හා උපායන් හා කලා සිද්ධාන්ත භාවිත කිරීමෙන් පැහැදිලි වන්නේ ශිල්පියෙකු සතු විද්‍යාත්මක චිනතනයේ මහිමයත් ඒ හා සියුම් ලෙස සංයෝග වූ සෞන්දර්ය රසඥතාවත්ය.

   ඉතාලියේ පැවති සාම්ප්‍රදායික සම්මත ප්‍රෙස්කෝ ක්‍රමය සමඟ ටෙම්පරා (වියළි තලය මත චිත්‍ර ඇඳීම) හා තෙල් සායම් මාධ්‍ය මිශ්‍රව යෙදීම අත්හදා බැලීමක් වශයෙන් ඩාවින්චි මෙම චිත්‍රයට වර්ණ යෙදූ බවට අදහස් පළ වී ඇත. කෙසේ නමුත් භාවිත කළ වර්ණ මාධ්‍යය හා ශිල්ප ක්‍රමයේ අසාර්ථකත්වය නිසා ක්‍රි.ව.1517 වන විට එනම් චිත්‍රය නිම වීමෙන් වසර විස්සකට පමණ පසු සිතුවම විනාශ වීමේ ලකුණු පහළ වී ඇත.

 

Sunday, June 25, 2023

නොමියෙන මතකය (The Persistance of Memory)

 


නොමියෙන මතකය (The Persistance of Memory) 




Salvador Dali, The Persistence of Memory, 1931, Oil on canvas,24cm * 33cm, The Museum of Modern Art, New York.


                    සැල්වදෝර් ඩාලි විසින් මෙකී සිතුවම 1931 වර්ෂයේ අඳින ලද්දක් වන අතර මෙය අධි යථාර්ථවාදී ක්‍රම ශිල්ප උපයෝගී කරගනිමින් ඇඳ ඇත.  මෙය වූ කලී  ගැඹුරු  මනෝභාවයන්ගේ සිහිනමය ප්‍රකාශනයක් ලෙස හැඳින්විය හැකිය. මෙය කාලය, අවකාශය හා ස්වභාවය අතර පවතින සම්බන්ධතාවය ඉදිරිපත් කිරීමට ශිල්පියා ගෙන ඇති උත්සාහයකි. මොහු විසින් සිග්මන් ෆ්‍රොයිඩ් නමැති නමැති මනෝ විද්‍යාඥයාගේ විශ්ලේෂණාත්මක මත වාද ඇසුරු කොටගෙන ඇතැයි ද සැලකේ. මෙම සිතුවමේ පිහිටීම අද්භූතජනක ය. එමෙන් ම විෂමාකාර ය. එහි විවිධ ස්ථානවල අබලන් වූ  වැගිරෙන ඔරලෝසු දක්නට ලැබේ.  මෙහි දැක්වෙන්නේ කඳු, ශාක ආදී බොහෝ වස්තු අප්‍රාණිකත්ව යක් සහිත ගුප්ත ස්වභාවයක් ගනී. සිතුවම මධ්‍යයේ නැවුම් මුහුණුවරකින් යුතු රූපයක් ද පසෙකින් කෘමින් සමූහයක් ද දක්නට ලැබේ.

   Salvador Dali, The Persistence of Memory, 1931, Oil on canvas,24cm * 33cm, The Museum of Modern Art, New York.


  මෙකී සිතුවම තෙල් සායම් මාධ්‍ය චිත්‍රණය කර ඇති අතර මෙයට වැඩි වශයෙන් දුඹුරු පැහැයේ ප්‍රභේද හා කහ රතු මිශ්‍රිත උණුසුම් වර්ණ මාලාවක් භාවිත කර ඇත. සෞම්‍ය කහ පැහැයකින් යුතු කඳු පන්තියේ අඳුරු වන ස්ථාන, සෙවනැලි ආදිය දුඹුරු වර්ණයේ අඳුරු ප්‍රභේද හා කළු වර්ණය භාවිත කරමින් වර්ණ ගන්වා ඇත. මෙහිදී උණුසුම් වර්ණ අතරට සමබර වන අයුරින් ශීත වර්ණ එක් කිරීමෙන් සිතුවමෙහි සමබරතාවය රැකී ඇත. මෙහිදී ඔරලෝසු මුහුණතේ මද නිල් පැහැය කඳු පන්තියේ හා සිතුවමේ ඉහළ කොටසේ  නිල්, සුදු, රිදී පැහැය මිශ්‍ර වර්ණ මාලාව සිතුවමේ සමබරතාවය රැකගැනීමට උපකාර කරනු ලබයි. එමෙන්ම මැස්සන්ගේ, කුහුඹුවන්ගේ ශරීරයන් ආලෝකමත් වූ ස්ථාන ආදියද වර්ණ භාවිතය තුළින් ඉස්මතු කර තිබීම කැපී පෙනේ.


              මෙහි රේඛා භාවිතය පිළිබඳ අවධානය යොමු කිරීමේදී සිතුවේ බොහෝ ස්ථානවල විස්තරාත්මක වූ රේඛා කරණයක් දැක ගත හැකිය. වම් කෙරවලේ දැක්වෙන කුඩා ඔරලොසුව කා දමන කුහුඹුවන්ගේ අංග විස්තරාත්මකව රේඛාවෙන් දක්වා ඇත. ඔරලෝසු මුහුණතේ වසා සිටින මැස්සාගෙ පිහාටු සෙවණැලි ආදිය සියුම් රේඛාවෙන් දක්වා තිබීම හා ඔරලෝසු මුහුණතේ නිරූපිත අංක, කටු ආදිය සියුම් රේඛා වලින් විස්තරාත්මකව දක්වා තිබීම විශිෂ්ටය. සිතුවම  ප්‍රධාන වශයෙන් පෙරබිම, මැද බිම හා පසුබිම වශයෙන් කොටස් කර හඳුනා ගත හැකි පරිදි චිත්‍රණය වී ඇති අතර සිතුවම පිටුපස දැක්වෙන කඳු පංතියේ හා නිල් පැහැති වේදිකාව වැනි කොටස චිත්‍රනයේ දී  පර්යාවලෝකන ලක්ෂණ අනුව ක්‍රමයෙන් කුඩා වන පරිදි නිර්මාණය වී ඇත.  

එහිලා සිතුවමක පවත්නා වූ කලාත්මක රාමුව පරයා යමින් ඊට නවමු රසයක් ගෙන ඒමට සැල්වදෝර් ඩාලි හට හැකිව ඇත. 

Saturday, June 17, 2023

වීනස්ගේ උපත සිතුවම (The Birth of Venus)

 

  වීනස්ගේ උපත සිතුවම (The Birth of Venus) 


        Sandro Botticelli, The birth of Venus, 1485, Tempera on canvas, 278'5 cm, Uffizi gallery.


                 සාන්දරෝ බොත්තිචෙල්ලි නම් ශිල්පියා විසින් චිත්‍රණය කරනු ලැබූ සිතුවමක් ලෙස වීනස්ගේ උපත සිතුවම හැඳින්විය හැකිය. පුනරුද සමයේ ප්‍රසිද්ධියට පත්වූ ශිල්පියෙකු ලෙස මොහු හඳුනාගත හැකි අතර මොහු සිතුවම් සඳහා ආභාෂය කොට ගත්තේ කිතුනු ආගමට සම්බන්ධ වූ පුරාවෘත්ත සිද්ධීන්ය. මෙම සිතුවමින් නිරූපණය වනුයේ වීනස් දෙවගන ගේ උපතයි. මෙය කැන්වසය මත ටෙම්පරා මාධ්‍යයෙන් කරන ලද්දකි.  වීනස් දෙවගන ආදරේට හා සශ්‍රීකත්වයට අධිපති ලෙස රෝමවරු සලකති. ඇය සමුදුරෙන් උපත ලැබූ බව ග්‍රීක කවියකු වන හෙසියොඩ් ගේ සඳහනක දැක්වේ. මෙකී සිතුවම ද එම අදහස් වලට හා පුරාවෘත්තවලට අනුව ගොඩනැඟීමට ශිල්පියා උත්සුක වී ඇත.

                  සිතුවමේ ප්‍රධාන චරිතය වන වීනස් දෙවගන සිතුවම දකුණු පසට මදක් බරව නිරූපණය කර ඇත. සිප්පි කටුවක් ඇයට සිටගෙන සිටීමට වාරු දෙන ආකාරයක් පෙනේ.  මෙහි වීනස් දෙවගන ගේ කේශ කලාපය ට වැඩි අවධානයක් යොමු කර ඇති බවක් රසිකයාට පැහැදිලි වෙයි. එය කහ පැහැය මිශ්‍රිත වර්ණයකින් දක්වා ඇත. හිසකෙස් සිහින් රේඛාවලින් දක්වා ඇති අතර අඳුරු වන ස්ථාන ද තද පැහැයෙන් යුතුව තාත්විකව දක්වා ඇත. නිකැලැල් පරිපූර්ණ මුහුණක් දෙවඟනට ලබාදීමට ශිල්පියා උත්සුක වී ඇත. සිතුවමේ වම් පසින් සෙෆරිස් හා ක්ලොරිස් නම් අප්සරාවන් දක්වා ඇත. එමෙන්ම අප්සරාවන්ගේ කේශ කලාපය, පියාපත් ආදියද සියුම් රේඛාවෙන් විස්තරාත්මකව දක්වා ඇති බව හා වස්ත්‍රයන් ගේ නම්‍යශීලී ස්වභාවය රිද්මයානුකූලව දැක්වීමටත් ශිල්පියා කටයුතු යොදා ඇත. ඔවුන් වීනස් රුව උදෙසා සුළං පිඹින ආකාරයක් නිරූපිත. එය ඔවුන්ගේ මුහුණේ ස්වභාවය හා මුහුණේ මාංශ පේශි ක්‍රියාකාරීත්වය තුළින් දක්වා ඇත. ඔවුන්ගේ දෙකම්මුල් පිම්බී ඇති ආකාරය හා එමගින් වායු ධාරා පිටවන ආකාරය පෙනී යයි. මෙහිදී සිතුවමේ එක් එක් කොටස් සඳහා වර්ණ පදාස භාවිත කර සිතුවමට අගයක් ලබාදී ඇත. සිතුවමෙහි මුහුදු වෙරළ සිතුවම් කර ඇති ආකාරය පර්යාවලෝකන ලක්ෂණ නිරූපණය කරන අතර පසෙකින් ඇති ගස්වැල් සියුම් රේඛා භාවිතය මගින් ඉස්මතු කොට දක්වා ඇත. ඇතැම් කලා විචාරකයන් පවසනුයේ කැපිටෝලියන් නම් ප්‍රතිමාව වීනස් දෙවගන ගේ රුව නිර්මාණයට ආභාෂ කරගන්නා ලද බවයි. මෙහිදී ප්‍රතිමාව හා වීනස් දෙවගනගේ සිතුවම නග්න ව නිරූපණය වීමත්, දෙයත් වලින් විලි වසා ගැනීමට තැත් කිරීමත් සමාන ලක්ෂණ පෙන්වයි. 

               Praxitels, Capitoline Venus, 4c, Marble medium, 193cm, Capitoline Musuem, Rome'

             Sandro Botticelli, The birth of Venus, 1485, Tempera on canvas, 278'5 cm, Uffizi gallery.

කාන්තා දේහ නාරි ලාලිත්‍ය හා ත්‍රිභංග වූ ස්වභාවය ප්‍රතිමාවෙන් හා සිතුවමෙන් නිරූපණය වන අතර මෙකී නිර්මාණයන් මානව දේහයේ මාංශපේෂි ක්‍රියාකාරීත්වය පිළිබඳව පුළුල් අවබෝධයක් සහිතව නිර්මාණය කරන ලද බවට කාන්තා රූ අධ්‍යයනය කිරීමෙන් පෙනී යයි. ශිල්පියා සිය පරිකල්පනය මෙහෙයවා ඇති ආකාරය පිළිබඳව මෙමගින් අවබෝධ වන්නා වූ අතර වර්ණ හැඩතල, රේඛා ඔහුගේ

අනන්‍යතාව මැනවින් පිළිබිඹු කිරීමට සමත්ව ඇත.