Pages

Saturday, June 17, 2023

වීනස්ගේ උපත සිතුවම (The Birth of Venus)

 

  වීනස්ගේ උපත සිතුවම (The Birth of Venus) 


        Sandro Botticelli, The birth of Venus, 1485, Tempera on canvas, 278'5 cm, Uffizi gallery.


                 සාන්දරෝ බොත්තිචෙල්ලි නම් ශිල්පියා විසින් චිත්‍රණය කරනු ලැබූ සිතුවමක් ලෙස වීනස්ගේ උපත සිතුවම හැඳින්විය හැකිය. පුනරුද සමයේ ප්‍රසිද්ධියට පත්වූ ශිල්පියෙකු ලෙස මොහු හඳුනාගත හැකි අතර මොහු සිතුවම් සඳහා ආභාෂය කොට ගත්තේ කිතුනු ආගමට සම්බන්ධ වූ පුරාවෘත්ත සිද්ධීන්ය. මෙම සිතුවමින් නිරූපණය වනුයේ වීනස් දෙවගන ගේ උපතයි. මෙය කැන්වසය මත ටෙම්පරා මාධ්‍යයෙන් කරන ලද්දකි.  වීනස් දෙවගන ආදරේට හා සශ්‍රීකත්වයට අධිපති ලෙස රෝමවරු සලකති. ඇය සමුදුරෙන් උපත ලැබූ බව ග්‍රීක කවියකු වන හෙසියොඩ් ගේ සඳහනක දැක්වේ. මෙකී සිතුවම ද එම අදහස් වලට හා පුරාවෘත්තවලට අනුව ගොඩනැඟීමට ශිල්පියා උත්සුක වී ඇත.

                  සිතුවමේ ප්‍රධාන චරිතය වන වීනස් දෙවගන සිතුවම දකුණු පසට මදක් බරව නිරූපණය කර ඇත. සිප්පි කටුවක් ඇයට සිටගෙන සිටීමට වාරු දෙන ආකාරයක් පෙනේ.  මෙහි වීනස් දෙවගන ගේ කේශ කලාපය ට වැඩි අවධානයක් යොමු කර ඇති බවක් රසිකයාට පැහැදිලි වෙයි. එය කහ පැහැය මිශ්‍රිත වර්ණයකින් දක්වා ඇත. හිසකෙස් සිහින් රේඛාවලින් දක්වා ඇති අතර අඳුරු වන ස්ථාන ද තද පැහැයෙන් යුතුව තාත්විකව දක්වා ඇත. නිකැලැල් පරිපූර්ණ මුහුණක් දෙවඟනට ලබාදීමට ශිල්පියා උත්සුක වී ඇත. සිතුවමේ වම් පසින් සෙෆරිස් හා ක්ලොරිස් නම් අප්සරාවන් දක්වා ඇත. එමෙන්ම අප්සරාවන්ගේ කේශ කලාපය, පියාපත් ආදියද සියුම් රේඛාවෙන් විස්තරාත්මකව දක්වා ඇති බව හා වස්ත්‍රයන් ගේ නම්‍යශීලී ස්වභාවය රිද්මයානුකූලව දැක්වීමටත් ශිල්පියා කටයුතු යොදා ඇත. ඔවුන් වීනස් රුව උදෙසා සුළං පිඹින ආකාරයක් නිරූපිත. එය ඔවුන්ගේ මුහුණේ ස්වභාවය හා මුහුණේ මාංශ පේශි ක්‍රියාකාරීත්වය තුළින් දක්වා ඇත. ඔවුන්ගේ දෙකම්මුල් පිම්බී ඇති ආකාරය හා එමගින් වායු ධාරා පිටවන ආකාරය පෙනී යයි. මෙහිදී සිතුවමේ එක් එක් කොටස් සඳහා වර්ණ පදාස භාවිත කර සිතුවමට අගයක් ලබාදී ඇත. සිතුවමෙහි මුහුදු වෙරළ සිතුවම් කර ඇති ආකාරය පර්යාවලෝකන ලක්ෂණ නිරූපණය කරන අතර පසෙකින් ඇති ගස්වැල් සියුම් රේඛා භාවිතය මගින් ඉස්මතු කොට දක්වා ඇත. ඇතැම් කලා විචාරකයන් පවසනුයේ කැපිටෝලියන් නම් ප්‍රතිමාව වීනස් දෙවගන ගේ රුව නිර්මාණයට ආභාෂ කරගන්නා ලද බවයි. මෙහිදී ප්‍රතිමාව හා වීනස් දෙවගනගේ සිතුවම නග්න ව නිරූපණය වීමත්, දෙයත් වලින් විලි වසා ගැනීමට තැත් කිරීමත් සමාන ලක්ෂණ පෙන්වයි. 

               Praxitels, Capitoline Venus, 4c, Marble medium, 193cm, Capitoline Musuem, Rome'

             Sandro Botticelli, The birth of Venus, 1485, Tempera on canvas, 278'5 cm, Uffizi gallery.

කාන්තා දේහ නාරි ලාලිත්‍ය හා ත්‍රිභංග වූ ස්වභාවය ප්‍රතිමාවෙන් හා සිතුවමෙන් නිරූපණය වන අතර මෙකී නිර්මාණයන් මානව දේහයේ මාංශපේෂි ක්‍රියාකාරීත්වය පිළිබඳව පුළුල් අවබෝධයක් සහිතව නිර්මාණය කරන ලද බවට කාන්තා රූ අධ්‍යයනය කිරීමෙන් පෙනී යයි. ශිල්පියා සිය පරිකල්පනය මෙහෙයවා ඇති ආකාරය පිළිබඳව මෙමගින් අවබෝධ වන්නා වූ අතර වර්ණ හැඩතල, රේඛා ඔහුගේ

අනන්‍යතාව මැනවින් පිළිබිඹු කිරීමට සමත්ව ඇත.


4 comments: