Pages

Sunday, June 25, 2023

නොමියෙන මතකය (The Persistance of Memory)

 


නොමියෙන මතකය (The Persistance of Memory) 




Salvador Dali, The Persistence of Memory, 1931, Oil on canvas,24cm * 33cm, The Museum of Modern Art, New York.


                    සැල්වදෝර් ඩාලි විසින් මෙකී සිතුවම 1931 වර්ෂයේ අඳින ලද්දක් වන අතර මෙය අධි යථාර්ථවාදී ක්‍රම ශිල්ප උපයෝගී කරගනිමින් ඇඳ ඇත.  මෙය වූ කලී  ගැඹුරු  මනෝභාවයන්ගේ සිහිනමය ප්‍රකාශනයක් ලෙස හැඳින්විය හැකිය. මෙය කාලය, අවකාශය හා ස්වභාවය අතර පවතින සම්බන්ධතාවය ඉදිරිපත් කිරීමට ශිල්පියා ගෙන ඇති උත්සාහයකි. මොහු විසින් සිග්මන් ෆ්‍රොයිඩ් නමැති නමැති මනෝ විද්‍යාඥයාගේ විශ්ලේෂණාත්මක මත වාද ඇසුරු කොටගෙන ඇතැයි ද සැලකේ. මෙම සිතුවමේ පිහිටීම අද්භූතජනක ය. එමෙන් ම විෂමාකාර ය. එහි විවිධ ස්ථානවල අබලන් වූ  වැගිරෙන ඔරලෝසු දක්නට ලැබේ.  මෙහි දැක්වෙන්නේ කඳු, ශාක ආදී බොහෝ වස්තු අප්‍රාණිකත්ව යක් සහිත ගුප්ත ස්වභාවයක් ගනී. සිතුවම මධ්‍යයේ නැවුම් මුහුණුවරකින් යුතු රූපයක් ද පසෙකින් කෘමින් සමූහයක් ද දක්නට ලැබේ.

   Salvador Dali, The Persistence of Memory, 1931, Oil on canvas,24cm * 33cm, The Museum of Modern Art, New York.


  මෙකී සිතුවම තෙල් සායම් මාධ්‍ය චිත්‍රණය කර ඇති අතර මෙයට වැඩි වශයෙන් දුඹුරු පැහැයේ ප්‍රභේද හා කහ රතු මිශ්‍රිත උණුසුම් වර්ණ මාලාවක් භාවිත කර ඇත. සෞම්‍ය කහ පැහැයකින් යුතු කඳු පන්තියේ අඳුරු වන ස්ථාන, සෙවනැලි ආදිය දුඹුරු වර්ණයේ අඳුරු ප්‍රභේද හා කළු වර්ණය භාවිත කරමින් වර්ණ ගන්වා ඇත. මෙහිදී උණුසුම් වර්ණ අතරට සමබර වන අයුරින් ශීත වර්ණ එක් කිරීමෙන් සිතුවමෙහි සමබරතාවය රැකී ඇත. මෙහිදී ඔරලෝසු මුහුණතේ මද නිල් පැහැය කඳු පන්තියේ හා සිතුවමේ ඉහළ කොටසේ  නිල්, සුදු, රිදී පැහැය මිශ්‍ර වර්ණ මාලාව සිතුවමේ සමබරතාවය රැකගැනීමට උපකාර කරනු ලබයි. එමෙන්ම මැස්සන්ගේ, කුහුඹුවන්ගේ ශරීරයන් ආලෝකමත් වූ ස්ථාන ආදියද වර්ණ භාවිතය තුළින් ඉස්මතු කර තිබීම කැපී පෙනේ.


              මෙහි රේඛා භාවිතය පිළිබඳ අවධානය යොමු කිරීමේදී සිතුවේ බොහෝ ස්ථානවල විස්තරාත්මක වූ රේඛා කරණයක් දැක ගත හැකිය. වම් කෙරවලේ දැක්වෙන කුඩා ඔරලොසුව කා දමන කුහුඹුවන්ගේ අංග විස්තරාත්මකව රේඛාවෙන් දක්වා ඇත. ඔරලෝසු මුහුණතේ වසා සිටින මැස්සාගෙ පිහාටු සෙවණැලි ආදිය සියුම් රේඛාවෙන් දක්වා තිබීම හා ඔරලෝසු මුහුණතේ නිරූපිත අංක, කටු ආදිය සියුම් රේඛා වලින් විස්තරාත්මකව දක්වා තිබීම විශිෂ්ටය. සිතුවම  ප්‍රධාන වශයෙන් පෙරබිම, මැද බිම හා පසුබිම වශයෙන් කොටස් කර හඳුනා ගත හැකි පරිදි චිත්‍රණය වී ඇති අතර සිතුවම පිටුපස දැක්වෙන කඳු පංතියේ හා නිල් පැහැති වේදිකාව වැනි කොටස චිත්‍රනයේ දී  පර්යාවලෝකන ලක්ෂණ අනුව ක්‍රමයෙන් කුඩා වන පරිදි නිර්මාණය වී ඇත.  

එහිලා සිතුවමක පවත්නා වූ කලාත්මක රාමුව පරයා යමින් ඊට නවමු රසයක් ගෙන ඒමට සැල්වදෝර් ඩාලි හට හැකිව ඇත. 

5 comments: