Pages

Wednesday, August 14, 2024

අර්තාපල් බුදින්නෝ (Potato Eaters)

 

  The Potato Eaters (අර්තාපල් බුදින්නෝ)





   


පශ්චාත් උපස්ථිතිවාදය යනු, උපස්ථිතිවාදයේ ඉදිරි පියවරක් ලෙස හැදින්වීම ද නිවැරදිය. උපස්ථිතිවාදීන් ආලෝකයේ වෙනස් වන ස්වභාවය අධ්‍යයනය  කරමින් චිත්‍රකරණයේ යෙදුන ද එයින් ඔබ්බට චිත්‍ර කලාව රැගෙන යාමට අවශ්‍යතාවක් නොදැක්වීය. වෙනසක් සොයන අනුගාමික ශිල්පීන් ට අවශ්‍ය වූයේ පශ්චාත් උපස්ථිතිවාදය ඊට වඩා ඉහල මට්ටමකට ඔසවා තැබීමට ය. උපස්ථිතිවාදී චිත්‍ර ශිල්පීන් අතර වින්සන් වැන්ගෝ හට හිමිවනුයේ වැදගත්  වූ ස්ථානයකි.
      
                                                                          
          

       Vincent Van Gogh , Born1853      



                 ඔහුගේ සිතුවම් අතර අර්තාපල් බුදින්නෝ සිතුවම සුවිශේෂීය.මෙම සිතුවමින් නිරූපනය වනුයේ, රාත්‍රී ආහාර වේලට අර්තාපල් අනුභව කොට කෝපි උගුරක් පානය කරන ගොවි පවුලක සාමාජිකයන් හා ඔවුන්ගේ සන්කීර්ණ මනෝභාවයන්‍ ය. මෙහි විද්‍යමාන කොළ,නිල්,දුඹුරු යන වර්ණ ත්‍රිත්වයම අදුරුය. මෙය සිතුවමට මානසික අවපීඩනයක් හා ශෝක ජනක හැගීමක් ගෙන එයි. 
                     එපමණක් නොව ජීවී ,අජීවී වස්තූන්වල  විස්තරාත්මක බව වැඩි ලෙස හැඩතල තුලින් ඉස්මතු කර දැක්වීමට ශිල්පියා සමත් වී ඇති අතර මානව රුවෙහි මුහුණුවල හැඩතල තුලින් ඔවුන්ගේ ජීවිතවල පවත්නා කටුක බව ඉස්මතු වීම. තාක්ෂණිකව මෙම සිතුවම තරමක් මායාකාරී වන අතර සිතුවමේ තිරස් අතට හරි අඩකටත් වඩා පෙර බිම තුළ රූප  හසුරුවා ඇත. මෙහි පරිමාවන් එකිනෙකට සම්බන්ධ කරනු ලබන නාභිගත වීම හා ශක්තිමත් කෝණික රේඛා නරඹන්නාගේ  ඇස් රදවා තබා ගනී. මෙය හුදෙක් ඉතා අදුරු පසුබිමකට එරෙහිව ගොවීන්ගේ මුහුණ ට වැටෙන ආලෝකය ලාම්පු ආලෝකයෙන් පින්තාරු  කරන ලද කාර්යය ට අනුකූල වේ. 
                      එහිදී මෙම සිතුවම කහ වර්ණ ය යොදාගනිමින් කියුරෝ ස්කූරෝ සිද්ධන්තයට අනුව සුමට වූ තාත්විකත්වයක් නොමැතිව රළු නිමාවකින් තාත්වික හැඩතල යම්තාක් දුරට පෙන්වීමට ශිල්පියා තමන්ට ආවේණික වූ  ශෛලියක් යොදාගෙන ඇත. මෙම සිතුවම රාත්‍රීය හා මිනිස් ඇසුර තුළ මැනවින් ඒකාබද්ධ කොට ඇත. ඒ අනුව  අර්තාපල් බුදින්නෝ සිතුවමෙහි පවත්නා සිද්ධි දාමය හා යතාර්ථය යම් අයුරකින් දෘශ්‍ය කලා මූලිකාංග ඇසුරු කර ගනිමින් සිතුවමෙහි පවත්නා රසාලිප්ත බව වඩ වඩාත් පාඨකයාට සමීප කිරීමට අපේක්ෂා කරන ලදි.

2 comments: