අවසන් විනිශ්චය
The
last Judgement
The
last Judgemen, Created 1535-1541, Michelangelo, Dimensions 14m× 12m,
Paint
and Plaster, Renaissance, Sistine
Chapel – Vatican City
රෝමයේ පැවති අඳුරු කාල පරපරිච්ඡේදය මගහැරී ක්‍රිස්තු වර්ෂ 1200 දී පමණ පුනර්ජීවන යුගය උදාවන්නට විය. විශේෂයෙන් 13,14 යන ශත වර්ෂ වල ඉතාලියේ ඇති වූ පුනරුදය තුළ විශිෂ්ට ගණයේ චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් ගණනාවක් බිහි විය. එහිලා මෙම යුගයේදී බුද්ධිමය හා ආත්මභාවයන් නිරූපිත තේමාවන් වෙත තම ප්‍රකාශන යොමු කළ ශිල්පීන් විශ්වයේ කිසියම් ස්ථානයක් හෝ ආත්මභාවයක් නැතහොත් අධ්‍යාත්මික කල්පිතයක් මානව පරිමානානුකූලව හා සිද්ධාන්තයන්ට අනුගතව භාවාත්මක හැඟීම් ප්‍රකාශ වන අයුරින් චිත්‍රමය දෘශ්‍ය භාෂාවට නගා ඇත. මෙහිදී සම්භාව්‍ය පුනර්ජීවන යුගයේ විසූ ශ්‍රේෂ්ඨ ශිල්පීන් අතර අග්‍රගන්‍ය ප්‍රතිභාපූර්ණ ශිල්පියෙකු ලෙස මයිකල් ඇන්ජලෝ හට සුවිශේෂී වූ ස්ථානයක් හිමිවේ.
Michelangelo, Born- 1475
ඔහුගේ සිතුවම් අතර අගනා නිර්මාණයක් ලෙස අවසන් විනිශ්චය සිතුවම හඳුන්වා දිය හැකිය. අවසන් විනිශ්චය යනු, රෝමයේ සිස්ටයින් දේවස්ථානයේ අල්තාරය පිටුපස බිත්තියේ දැකගත හැකි බිතුසිතුවමයි. මෙය ඉතාලියේ සිස්ටයින් දේවස්ථානය මුළු පූජාසනයේ බිත්තිය පුරා විහිදේ.
එය ක්‍රිස්තුන් වහන්සේගේ කේන්ද්‍රිය චරිතය වටා ඇති රූප 300 අධික සංඛ්‍යාවක් ගතිකව යෙදී සිටින විශ්මය හා භීතිය ඇති කිරීම සඳහා නිර්මාණය කරන ලද්දකි. දෙවන විශාලතම බිතුසිතුවම වන මෙය සිවිලිමේ සිතුවම් වලට යාබදව උත්පත්ති පොතෙන් උපුටා ගත් කතාංග නිරූපණය කරයි. මෙහි ස්වර්ග රාජ්‍ය ආධිපත්‍යය දරන්නා වූ අතර සිතුවමෙහි ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස ප්‍රාප්තිය මෙන්ම කුරුසියෙන් නැගිටීම ද පාතාල ලෝකයේ නැගී සිටීමට තැත් දරන පාපීන් ද, දෙවියන් වහන්සේගේ ශාපය ද, තෝරාගත් බැතිමතුන්ට නැගී සිටින සේ කරන අනද මයිකල් ආන්ජලෝ ට උරුම වූ කෘතියකින් දක්වා ඇත. බැලූ බැල්මට ඉහළ කොටසේ අනුපිළිවෙලට ලත් රූප සහ පහත අවුල් සහගත වියරු ක්‍රියාකාරකම් අතර ප්‍රබල වෙනසක් දැකගත හැකිය. මෙහි සිතුවම මධ්‍යයේ මන්දගාමි භ්‍රමණ චලනයකින් ක්‍රිස්තුස් වහන්සේ වට කරගෙන සිටිනුයේ සාන්තුවරයන් හා දෙවියන් වහන්සේ විසින් තෝරාගත් අය ලෙස පෙන්වා දිය හැකිය. මෙහි තවත් විශේෂ අවස්ථාවක් ලෙසින් මයිකල් ආන්ජලෝ විසින් බිතු සිතුවමට තමාව ඇතුල් කර ගැනීමේ සංවේදී අවස්තාව පෙන්වාදිය හැකිය. ශාන්ත බර්තොලමියුඩයස් විසින් අල්ලාගෙන සිටින සම මත ඇති මුහුණ මයිකල් ආන්ජලෝ ගෙය. එය ස්වර්ගය හා නිරය අතර අස්ථිර ලෙස එල්ලෙන හිස් කවචයක් වේ. එමෙන්ම පූජාසනයේ බිත්තිය පහළ කෙළවරේ පාතාල ලෝකයට ආත්මයන් ප්‍රවාහනය කරන ග්‍රීක පුරාවෘත්ත වල පාරුකරු වන චාරෝන් ස්ටයික්ස් ගඟ හරහා ඔහුගේ හබල් ඔසවමින් පිරිසක් අපායේ කෙළවරට ගෙනයයි. මළවුන් ඔවුන්ගේ සොහොන් වලින් බඩගා යයි.
මෙම සිතුවම වර්ණ ගැන්වීමේ දී සිතුවමෙහි ඇති නිල් පැහැය අතර පවතින හිස් අවකාශය මානව රූප වල පවත්නා විස්තරාත්මක බව මතුවී පෙනීමට ඉවහල් වී ඇත. අඳුරු වර්ණ භාවිතය නිරය සඳහා භාවිත කර ඇති ආකාරයත් මානව රූ සඳහා එකම වර්ණයේ වර්ණ තානය යොදාගෙන ඇති බවත් දැකගත හැකිය. මානව රූ සඳහා ජ්‍යාමිතික හැඩතල හෝ වාස්තු විද්‍යාත්මක නිර්මාණයක දැකගත හැකි කිසිදු හැඩතලයක් එක් කොට ගෙන නොමැති අතර මානව දේහයේ ඉරියව් වල නිවැරදි හැඩය ස්වභාවික හැඩතල ඇසුරින්ම ඉස්මතු කොට දක්වා තිබීම කැපී පෙනේ. මෙනයින් නිගමනය කළ හැකි වන්නේ අවසන් විනිශ්චය සිතුවමේ නිරූපිත ස්වර්ගය, මනුලොව හා නිරය මනුෂ්‍යයාගේ ක්‍රියා කලාපය අනුව ඒ ඒ පුද්ගලයාගේ ගමන් මග තීරණය කිරීමක් සිදුවන බවය.
👍
ReplyDeleteGreat ❤️
ReplyDelete❤️
ReplyDeleteGreat 😍
ReplyDeleteGood Job ❤
ReplyDeleteExcellent
ReplyDelete😍😍😍😍😍
ReplyDelete