Pages

Wednesday, July 5, 2023

           ආලෝකයෙන් අන්ධකාරය වෙන් කිරීම   Separation of light from darkness 




     Michel Angelo, Separation of darkness from light,1512,Fresco,180cm×260cm,Sistine Chapel 


                මෙකී සිතුවම පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මෙය මයිකල් ආන්ජලෝගේ අග්‍රගණ්‍ය නිර්මාණ අතරින් සිස්ටයින් දෙව්මැදුරේ සිවිලිම මධ්‍යයේ ප්‍රෙස්කෝ ක්‍රමයට සිතුවම් කර ඇති සිතුවම් නවයකින් යුත් චිත්‍ර මාලාවේ පළමු වැනි සිතුවමයි. ක්‍රිස්තු වර්ෂ 1512 දී එනම් සිස්ටයින් ව්‍යාපෘතියේ අවසාන වසරේ දී මයිකල් ආන්ජලෝ විසින් අඳුරෙන් ආලෝකය වෙන් කිරීම නම් වූ සිතුවම නිර්මාණය කර ඇත. මයිකල් ආන්ජලෝගේ සමස්ත සිතුවම් අධ්‍යනයේ දී පෙනී යන්නේ බයිබලයෙහි සඳහන් කතා මාලාවත් ඔහුගේ සිතුවම් සඳහා පාදක කර ගෙන ඇති බව ය. 
                 මෙය තුළින් දිවා රෑ යන සිද්ධාන්ත නිරූපණය කරයි. උදෑසන කාලය තුළ ආලෝකය ද රාත්‍රී කාලය තුළ අන්ධකාරය ද උලුප්පා පෙන්වීමට මයිකල්ආන්ජලෝ විශාල වෙහෙසක් දරා ඇත. මයිකල් ආන්ජලෝ විසින් යොදාගෙන ඇති නග්න රූප හතර තුළින් රාත්‍රිය සහ දවාල සමඟ ඇති සංකල්පය මනාව පිළිබිඹු වේ.මයිකල් ආන්ජලෝ දෙවියන් වහන්සේගේ දකුණු අත එනම් අඳුරු ලෙස වර්ණ ගන්වා ඇති පැත්තේ ඉග්නුදි හෙවත් නිරුවත් තරුණයා උදෑසන නින්දෙන් අවදි වන්නාක් මෙන් සිතුවම් කර ඇත. මෙම සිතුවම මධ්‍යයේ රාමුවක් තුළ කේන්ද්‍රීය ලෙස ආකර්ෂණය වන පරිදි දෙවියන් වහන්සේ වලාකුලු සහිත අහසට නැගී සිටින ආකාරය සිතුවම් කර ඇත. දෙවියන්වහන්සේ ඉහලට දෑත් දිගු කර සිටි. රාමුව සතර කොනේ ඉග්නුදි රූප හතරකි. ඉග්නුදි යනු නිරුවත් තරුණයන්ය. මෙම ඉග්නුදි සතරදෙනා රාමුවෙන් පිටත සතර කොනේ කුළුණු සතරක් මත හිඳ සිටින අයුරු දක්වා ඇත. සිතුවමේ දෙවියන් වහන්සේට ඉහළින් හා පහළින් පලිහ දෙකකි.  මයිකල් ආන්ජලෝ අඳුරෙන් ආලෝකය වෙන් කිරීම සිතුවම් ඉතා විශිෂ්ට ලෙස සංරචනය කර ඇත. ස්වභාවිකවාදී ශෛලිය මෙම සිතුවමෙහි සංරචනය කෙරෙහි සෘජුවම බලපා ඇත. 

                  දෙවියන් වහන්සේගේ දණහිසට පහළින් එනම් ආලෝකය සහිත පැත්තේ ඉග්නුදි කොළ පැහැයෙන් යුතු බරති ඕක් මල් මිටියක් තබාගෙන ඇත. මෙම කොළ පැහැති ඕක් මල් මිටිය තුළින් දිවා කාලයේ සිදුවන්නා වූ ක්‍රියාකාරකමක් සංකේතාත්මකව නිරූපණය කිරීමට මයිකල් ආන්ජලෝ කටයුතු කර ඇත. ඉන් දිවා කාලය පිළිබඳ සිද්ධාන්තය උළුප්පා දක්වා ඇත.දෙවියන්වහන්සේගේ වම් අත අසල සිටින ඉග්නුදි නින්දට වැටෙන ආකාරය නිරූපණය කිරීම තුළින් රාත්‍රී කාලය සංකේතවත් කිරීමට ආන්ජලෝ උත්සාහ දරා ඇත. 


                          Michel Angelo, Separation of darkness from light (Detail) ,1512, Fresco,180cm ×260cm, Sistine Chapel 
  
             මෙම සිතුවමේ මානව රූ ජීවි හා චලන ගුණයෙන් යුතු අතර මයිකල් ආන්ජලෝගේ මානව රූ නිර්මාණය කිරීමේ සුවිශේෂී වූ හැකියාව පැහැදිලි වේ. දෙවියන් වහන්සේ වයෝවෘද්ධ පාණ්ඩිත්‍යකින් යුතු මුහුණකින් දක්වා ඇත. මෙම සිතුවමේ දෙවියන් වහන්සේ මානවරූපී විලාසයෙන් ගොඩනඟා තිබීම විශේෂිතය. එකල දේවත්වයට වඩා මානවවාදය ප්‍රචලති වෙමින් පැවතීම දෙවියන් වහන්සේ මිනිස් සිරුරකින් නිරූපණය කිරීමට හේතු වන්නට ඇත. දෙවියන් වහන්සේ වයෝවෘද්ධ වුවද දෙවියන් වහන්සේගේ ශරීරය ඉතාම පුෂ්ටිමත් හා තාරුණ්‍ය බවකින් යුතුය. මානව රූප පිළිබඳ අධ්‍යයනයේ දී පෙනී යන තවත් වැදගත් ලක්ෂණයක් නම් කිසිදු රුවක් සෘජු දර්ශීය අයුරින් දක්වා නොමැති වීමයි. දෙවියන් වහන්සේ ඇතුළු සමස්ත ඉරියව් පහම එකිනෙකට විරුද්ධ වූ ඉරියව් පහකින් සිතුවම් කර ඇත. එමෙන්ම ස්වකීය වෘත්තාන්තයට උචිත වූ ගාම්භීරත්වයකින් යුක්තව හා සහජ හා අභ්‍යන්තර ශක්තීන් නිසා දඟර ගැසුණු නම්‍යශලී ශරීර මෙම සිතුවමේ කලාත්මක ගුණය වැඩි වීම කෙරෙහි බලපා ඇත. 

          මෙහිදී, මයිකල් ආන්ජලෝ විසින් දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය හා දේවත්වය විදහා පෙන්වීමට රක්ත පැහැය භාවිතා කලා විය හැකිය.පසුබිම් වර්ණ ගැන්වීමේදී සුදු හා කළු පැහැය මිශ්‍රිත දම් පැහැය මූලික කර කරගෙන ඇත. වලාකුළු වල ත්‍රිමාණ බව දැක්වීමේදී භාවිතා කළ වේගවත් බුරුසු පහර අගනේය. වලාකුලක හැඩය වෙනස් නොවන පරිදි හා වළාකුළුවල කැලඹිලිමය ස්වභාවය වර්ණ තුළින් මතුකර දැක්වීමට මයිකල් ආන්ජලෝට හැකි වී ඇත. දෙවියන් වහන්සේ වර්ණ ගැන්වීමේදී වළාකුළු නිර්මාණය කිරීමට යෙදූ වේගවත් පින්සල් පහර යොදාගෙන නැත. සුමට ආකාරයෙන් දෙවියන් වහන්සේ වර්ණ ගන්වා ඇත. දෙවියන් වහන්සේ ඇතුළු සමස්ත ඉග්නුදි රූප හතරේ මාංශපේශී වල ත්‍රිමාණ බව දැක්වීමට වර්ණ භාවිතා කර ඇත. මයිකල් ආන්ජලෝගේ Separation of darkness from light සිතුවමේ අපූර්ව මානව රූ චිත්‍රණය, මිනිස් සිරූරේ නිවැරදි  කාය ව්‍යූහ ලක්ෂණ දැක්වීම, අවස්ථාවට උචිත වන පරිදි අවකාශය තුල වස්තූන් සංරචනය, විවිධ ඉරියව් වලින් යුතු මානව ඉරියව් භාවිතය, වේගවත් පින්සල් පහර තුලින් වර්ණ ගැන්වීම යනාදි කලාත්මක අගය තිවූර වීම් යකයරහි බලපා ඇත.මයිකල් ආංජිලෝ චිත්‍ර කලාවෙි මුලිකාංග අපූර්ව යලස යයොදායගන ඇති බව මෙම සිතුවම අධ්‍යනයෙන් පෙනී යයි . 

3 comments: