Pages

Sunday, July 9, 2023


 බෲටස් විසින් පුතුන් දෙදෙනා ඝාතනය කිරීම  (The lictors bring to brutus the bodies of his sons)



Jacques Louis David, The lictors bring to brutus the bodies of his  sons, 1789, oil on canvas, 322cm × 422cm, Louvre Museum. 

               

                    ඓතිහාසික සිදුවීමක් වන රෝම පාලක බෲටස් විසින් පුතුන් ඝාතනය කිරීමේ අවස්ථාව  සිතුවමෙහි වස්තු විෂය සඳහා පාදක කරගෙන ඇත. රෝමය අවසන් පාලකයා වන ටාර්කින් රාජ්‍ය බලයෙන් පහකොට රෝම ජනරජය පිහිටුවා ගන්නා අතර පසුව ටාර්කින් පිටුවහල් කර දමයි. ටාර්කින් බෲටස්ගේ පුතුන් දෙදෙනා සමග එක්ව රෝම රාජ්‍ය බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක යෙදේ. තම පුතුන් දෙදෙනා රෝම අධිරාජ්‍යයට එරෙහිව කළ රාජ ද්‍රෝහිත්වයට දඬුවමක් ලෙස පියා වන බෲටස් විසින් ඔවුන් දෙදෙනා ඝාතනය කිරීමට අණ ලබා දේ. ඝාතනය කරන ලද බෲටස්ගේ පුතුන් දෙදෙනාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරු අධිකරණ නිලධාරීන් විසින් පිටතට රැගෙන යන අවස්ථාව ඉතාමත් අනුවේදනීය ලෙස කැන්වස් තලය තුළ සිතවු මට නගා ඇති අවස්ථාවකි. බෲටස් විසින් තම රාජ්‍යයේ නිර්මලත්වය වෙනුවෙන් කරන ලද කැපකිරීම, පරිත්‍යාගශීලීත්වය, සමානාත්මතාව මෙන්ම බෲටස්ගේ අභ්‍යන්තරය තුළ සැඟවී ගිය වේදනාවන් හා බිරිඳ ඇතුළු දියණියන්ගේ ශෝකානුකූල හැඟීම් කැන්වස් තලයක් තුළ කැටි කරගත් අවස්ථාවකි. පුනරුද හා පෞරාණික ග්‍රීක රෝම සම්භාව්‍ය කලාව පිළිබඳ හැදෑරූ ඩේවිඩ් එම කලාවන්හි ලක්ෂණද ආභාෂ කරගනිමින් නව ශෛලියේ කින් යුතුව මෙම සිතුවම නිර්මාණය කර ඇත. 

බෲටස් තම පුතුන් ඝාතනය කිරීම කලාකෘතිය සඳහා ඩොරික් කුළුණු සහිත ගෘහමය කුටියක් සිතුවම සඳහා පසුබිම් කර කරගෙන ඇත. සිතුවමේ මැද බිම මේසේ මත ඇති මැහුම් ගෙතුම් ආම්පන්න තුළින් මෙය ගෘහමය කුටියක් බව සනාථ වෙයි. සිතුවම ගාම්භීර හා නාට්‍ය බවකින් යුක්තය. එහි ඇත්තේ විධිමත් වූ සංරචනයකි.   

 සිතුවම් තුළ මැද බිම, පෙරබිම, පසු පසුබිමට වන්නට වස්තූන් සංරචනය කර ඇත. වස්තුන් සංරචනය කිරීමේදී ඉතා උපරිම ලෙස කැන්වස් තලය ප්‍රයෝජනයට ගෙන ඇත. සිතුවමේ දකුණු පසට වන්නට ඝාතනය කරනු ලැබූ බෲටස්ගේ පුතුන් දෙදෙනාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරු අධිකරණ නිලධාරීන් විසින් රැගෙන යන අවස්ථාව සිතුවම් කර ඇත. ඩොරික් කුළුණු පෙලකින් සමන්විත  ආරුක්කුවක් දෙසට ඔවුන්ගේ දේහයන් රැගෙන යයි. ප්‍රාණය නිරුද්ධ වූ සිරුර වෙත ආලෝක දහරාවක් යොමුකර තිබිම විශේෂිතය. මැද බිමෙහි සිටින කාන්තාව බෲටස්ගේ බිරිඳ වන අතර ඇය තම දකුණු අත මළ සිරුර දෙසට දිගු කර සිටියි. ඇයගේ මුහුණේ ඇත්තේ ශෝකානුකූල විලාපයකි. ඇයට තුරුල්ව ඇගේ දියණියන් දෙදෙනා සිටියි. මෙම අවස්ථාව දෙස සියසින් බැලීම අපහසු එක් දියණියක් සිය දෑතින් එම සිදුවීම් වසන් කිරීමට වෙර දරයි. අනෙක් දියණිය සිහිසුන් වී ඇති අතර බෲටස්ගේ බිරිඳ විසින් වමතින් ඇය අල්ලාගෙන සිටියි. ඊට ආසන්නයේ සිතුවමට වම් පසින් සිටින මෙහෙකාරිය සළුවකින් තම මුහුණු වසාගෙන වැලපෙයි. ඔවුන්ගේ වැළපීම් නාට්‍යානුසාරීව ඩේවිඩ් විසින් සංරචනය කර ඇති අයුරු අපූරුයි.  ඉහළින් යොමු වන්නා වූ ආලෝක ධාරාවකින් වැළපීම් ආලෝකමත් කර ඇත.  මැද බිම් සිටින බෲටස්ගේ බිරිඳ ඇතුළු පිරිස්ගේ ශෝකානුකූල විලාපයන් හා ප්‍රාණය නිරුද්ධ සිරුර වෙත යොමු කර ඇති ආලෝක දහරාව  තුළින් එම අවස්ථාවන් දෙක එකිනෙකට සම්බන්ධ කිරීමට උත්සාහ දරා ඇත. 

                  තම පුතුන්ගේ, සොයුරන්ගේ, ස්වාමිවරුන්ගේ වියෝව තුළින් ශෝකානූකූල බව හරහා ඩේවිඩ් විසින් සිතුවමේ නිරූපිත තේමාව වඩාත් තීව්‍ර කිරීමට උත්සාහ දරා ඇත. බෲටස් රෞද්‍ර බැල්මකින් යුතුව සංරචනය කර තිබුණද ඔහුගේ අභ්‍යන්තරික වේදනාවන් සංකේතාත්මක ලෙස මෙහිදී සිතුවම් කර ඇත. ඔහු දෙපා එකින් එක පටලවා තද කර සිටින අතර ඒ තුළින් ඔහුගේ වේදනාවන් ඉස්මතු කර පෙන්වීමට ඩේවිඩ් කටයුතු කර ඇත. එමෙන්ම තම පුතුන්ගේ මරණ දණ්ඩනය පිළිබඳ ලියවිල්ල ඔහු සිය දෑතින් පොඩි කර සිටියි.සිතුවම් තුළ මැද බිම් පෙරබිම පසු පසුබිමට වන්නට වස්තූන් සංරචනය කර ඇත. වස්තුන් සංරචනය කිරීමේදී ඉතා උපරිම ලෙස කැන්වස් තලය ප්‍රයෝජනයට ගෙන ඇත. සිතුවමේ දකුණු පසට වන්නට ඝාතනය කරනු ලැබූ බෲටස්ගේ පුතුන් දෙදෙනාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරු අධිකරණ නිලධාරීන් විසින් රැගෙන යන අවස්ථාව සිතුවම් කර ඇත. ඩොරික් කුළුණු පෙලකින් සමන්විත  ආරුක්කුවක් දෙසට ඔවුන්ගේ දේහයන් රැගෙන යයි. ප්‍රාණය නිරුද්ධ වූ සිරුර වෙත ආලෝක දහරාවක් යොමුකර තිබිම විශේෂිතය. මැද බිමෙහි සිටින කාන්තාව බෲටස්ගේ බිරිඳ වන අතර ඇය තම දකුණු අත මළ සිරුර දෙසට දිගු කර සිටියි. ඇයගේ මුහුණේ ඇත්තේ ශෝකානුකූල විලාපයකි. ඇයට තුරුල්ව ඇගේ දියණියන් දෙදෙනා සිටියි. මෙම අවස්ථාව දෙස සියසින් බැලීම අපහසු එක් දියණියක් සිය දෑතින් එම සිදුවීම් වසන් කිරීමට වෙර දරයි. අනෙක් දියණිය සිහිසුන් වී ඇති අතර බෲටස්ගේ බිරිඳ විසින් වමතින් ඇය අල්ලාගෙන සිටියි. ඊට ආසන්නයේ සිතුවමට වම් පසින් සිටින මෙහෙකාරිය සළුවකින් තම මුහුණු වසාගෙන වැලපෙයි. ඔවුන්ගේ වැළපීම් නාට්‍යානුසාරීව ඩේවිඩ් විසින් සංරචනය කර ඇති අයුරු අපූරුයි.  ඉහළින් යොමු වන්නා වූ ආලෝක ධාරාවකින් වැළපීම් ආලෝකමත් කර ඇත. මැද බිම් සිටින බෲටස්ගේ බිරිඳ ඇතුළු පිරිස්ගේ ශෝකානුකූල විලාපයන් හා ප්‍රාණය නිරුද්ධ සිරුර වෙත යොමු කර ඇති ආලෝක දහරාව  තුළින් එම අවස්ථාවන් දෙක එකිනෙකට සම්බන්ධ කිරීමට උත්සාහ දරා ඇත. තම පුතුන්ගේ, සොයුරන්ගේ, ස්වාමිවරුන්ගේ වියෝව තුළින් ශෝකානූකූල  ඒ තුළින් ඩේවිඩ් විසින් සිතුවමේ නිරූපිත තේමාව වඩාත් තීව්‍ර කිරීමට උත්සාහ දරා ඇත.බෲටස් පරුෂ බැල්මකින් යුතුව සංරචනය කර තිබුණද ඔහුගේ අභ්‍යන්තරික වේදනාවන් සංකේතාත්මක ලෙස මෙහිදී සිතුවම් කර ඇත. ඔහු දෙපා එකින් එක පටලවා තද කර සිටින අතර ඒ තුළින් ඔහුගේ වේදනාවන් ඉස්මතු කර පෙන්වීමට ඩේවිඩ් කටයුතු කර ඇත. එමෙන්ම තම පුතුන්ගේ මරණ දණ්ඩනය පිළිබඳ ලියවිල්ල ඔහු සිය දෑතින් පොඩි කර සිටියි.

 


Jacques Louis David, The lictors bring to brutus the bodies of his sons (Detail ), 1789, oil on canvas

ලුවී ඩේවිඩ් විසින් බෲටස් තම පුතුන් ඝාතනය කිරීම යන සිතුවම සඳහා අඳුරු හා දීප්තිමත් යන වර්ණමාලාවක් භාවිත කර ඇත. අඳුරු හා දීප්තිමත් වර්ණ තුළින් සමස්ත සිතුවමේ තේමාව ත්‍රිවුර කිරීමට උත්සහ ගෙන ඇත. එම දීප්තිමත් හා අඳුරු වර්ණයන් එකිනෙකට ගලපමින් සියුම් ලෙස වර්ණ ගන්වා ඇත. මැද බිමෙහි නිරූපිත බෲටස්ගේ බිරිඳ දියණියන් දෙදෙනා ඇතුළු මෙහෙකාරිය සඳහා දීප්තිමත් වර්ණ මාලාවක් භාවිත කර ඇත. එමෙන්ම සිතුවමේ දකුණු පසු රැගෙන යන බෲටස්ගේ පුතුගේ මළ සිරුර සඳහා ද එවැනි ම දීප්තමි ත් වර්ණ භාවිතා කර ඇත. 



Jacques Louis David, The lictors bring to brutus the bodies of his sons (Detail ), 1789, oil on canvas

    මළ සිරුර දැක වේදනාවෙන් මුසපත් වූ බෲටස්ගේ බිරිඳ, දියණිය හා මෙහෙකාරියගේ හැඟීම් ඉතාමත් මෘදු ලෙස දක්වා ඇති අයුරු අපූරුය. සිතුවමෙහි රේඛාව ඉතාමත් සූක්ෂම ලෙස හසුරුවා ඇත. මානව රූ නිර්මාණය කිරීමේ දී ඉතා සියුම් වූ ප්‍රාණවත් රේඛාවන් භාවිතයට ගෙන ඇත.සියුම් රේඛාවන් තුළින් සිතුවමේ සජිවි බව ජනිත කිරීමට කටයුතු කරයි. පිටතින් පෙනෙන පරුෂ බව මෙන්ම ඔහුගේ අභ්‍යන්තරික වේදනාව රේඛාව තුළින් ඉස්මතු කර පෙන්වයි. වක්‍ර රේඛා භාවිතයෙන් ඔහුගේ ශරීරයේ පුෂ්ටිමත් බව හා ත්‍රිමාණ බව ඉස්මතු කර දක්වයි. මැද බිමට වන්නට සංරචනය කර ඇති බෲටස්ගේ බිරිඳ දියණිය සහ මෙහෙකාරියගේ ශරීරයේ ඇති ලාලිත්‍යමය ස්වභාවය  මටසිළුටු ස්වභාවය සියුම් රේඛාකරණය තුලින් පෙන්වයි. එමෙන්ම ඉරියව් තුළ ඇති නාට්‍යානුසාරී රිද්මයානුකූල බව රේඛාව තුළින් ඉස්මතු කර පෙන්වයි. ඉතාමත් සියුම් වූ වයනයක් සිතුවම පුරාම දක්නට ලැබෙන අතර රේඛාව, වර්ණ තුළින් සිතුවමේ අගය සියුම් ලෙස නිරූපණය කර ඇත. ලුවී ඩේවිඩ්  සිතුවමේ පසුබිම සදහා භාවිත කළ ඇති කුළුණු  පෙළ සිතුවමට ගැඹුරක් මෙන්ම නව මානයක් එක් කරයි. එහිලා, මෙකී සිතුවම වූ කලී නිවැරදි වූ මානව රූ සිතුවම් කිරීම හා හැඟීම් නිරූපණය අතින් ඉතා විශිෂ්ට වූ කලා කෘතියක් ලෙසින් මනාව හඳුනාගත හැකිය.


 


1 comment: