Pages

Friday, September 27, 2024

සොක්‍රටීස් වස පානය කිරීම සිතුවම (The Death of Socrates)

  

සොක්‍රටීස් වස පානය කිරීම සිතුවම The Death of Socrates



 Jacques Louis David, the Death of Socrates, 1787, oil on canvas, 129.5×196.2 cm,  metropolitan museum

සිතුවම සඳහා එකල සමාජයේ දේශපාලන වාතාවරණය හේතු වී ඇත. ප්‍රංශ විප්ලවය එළිපත්තට වන්නට එනම් විප්ලවයට වසරකට පෙර ඔහු විසින් සිතුවම් කරන ලදී. ප්‍රංශ විප්ලවය සඳහා ප්‍රංශ ජනතාව මානසික වශයෙන් සූදානම් කරමින් සිටි වකවානුව තුළ ගොඩනැගුණු මෙම සිතුවම ප්‍රංශ විප්ලවය සඳහා මහඟු ආශ්වාදයක් විය.  

              ග්‍රීක දාර්ශනිකයෙකු වන සොක්‍රටීස් සියතින් වස බඳුන පානය කරීමට සූදානම් වන අවස්ථාව වස්තු විෂය වී ඇත. දාර්ශනික සොක්‍රටීස් ඇතැන්ස් දෙවිවරු විවේචනය කිරීම, නගරයේ තරුණයින්ගේ චින්තනය දූෂණය කිරීම, සාම්ප්‍රදායික ජන සමාජය් ගමන් මඟ වෙනස් කිරීමට උත්සාහ දැරීම වැනි හේතූන් සඳහා වැරදිකරුවකු වූ ඔහුට ඇතැන්ස් පාලනය විසින් මරණ දඬුවම් තීරණය කළ අවස්ථාව ඉතාමත් අනුවේදනීය ලෙස සිතුවමට නගා ඇති අවස්ථාවකි. සොක්‍රටීස් තම දර්ශනයේ නිර්මලත්වය වෙනුවෙන් වස බඳුන තොර් ාගත් අවස්ථාවේ ඒ පිළිබඳ කම්පාවට පත් වූ ප්ලේටෝ ,ඇපලෝඩරස්, ක්‍රිටෝ ඇතුළු සමස්ත ශිෂ්‍යයින්ගේ වේදනාවන් මෙන්ම සොක්‍රටීස්ගේ පරිත්‍යාගශීලිත්වය කැන්වස් තලයක් තුලට කැටි කරගත් මොහොතකි. පුනරුද කලාව හා ග්‍රික රෝම සම්භාව්‍ය කලාව පිළිබඳ හැදෑරූ ෂාක් ලුවී ඩේවිඩ් එම කලාවන්හි ලක්ෂණ ද ගුරුකොට ගනිමින් ඔහුට ආවේණික වූ නව ශෛලියකින් යුතුව මෙම සිතුවම ප්‍රතිනිර්මාණය කර ඇත. මයිකල් ආන්ජලෝගේ අන්තිම විනිශ්චය සිතුවමේ ක්‍රිස්තුස් වහන්සේ ඉහලට ඔසවා සිටින ඇඟිල්ල හා රෆායල්ගේ ඇතැන්ස් ගුරුකුලය සිතුවමේ ප්ලුටෝ ඉහලට ඔසවා සිටින අතින්ද පවසන්නේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ අදහසකි.  පුනරුද අවධියේ මයිකල් ආන්ජලෝ හා රෆායල් වැනි ශිල්පීන්ගේ සිතුවම් ආභාෂය කොටගෙන සොක්‍රටීස්ගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වා දීමට උත්සහ ගෙන ඇති බව පෙනීයයි. නාට්‍යානූසාරී බව සරල බව මෙන්ම තේමාව තිවුර කිරීම සඳහා ඉහල සිට මධ්‍යය ආලෝක ධාරාවක් යොමු කිරීම මෙම සිතුවමෙහි වැදගත් ලක්ෂණ වේ. සමස්ත සිතුවම තුළ වර්ණ, වස්තූන් සංරචනය, රේඛා, අගය, වයනය හා පර්යාවලෝකනය වැනි චිත්‍ර කලාවේ මූලිකාංග භාවිතය තුළින් කැන්වස් තලය මත සොක්‍රටීස් වස පානය කිරීමේ අවස්ථාවට සජීවි බවක් ආරූඩ කර ඇත. 

                සොක්‍රටීස් වස පානය කිරීම කලා කෘතියෙහි කලාත්මක ගුණය ඉහළ මට්ටමක පැවතීම කෙරෙහි එහි භාවිත විධිමත් වූ සංරචනය ඉතා වැදගත් වී ඇත. ආරුක්කුවක් සහිත ගෘහමය සිරකුටිය සමස්ත සිතුවමේ පසුබිම සඳහා යොදාගෙන ඇත. සමස්ත සිතුවමෙහි සංරචනය විධිමත්ය.  සරල බවකින් ගාම්භීර බවකින් මෙන්ම නාට්‍යෝචිත බවකින් යුක්තය.  සිතුවමෙහි හිස් අවකාශය එහි ශ්‍රේෂ්ඨත්වය තිවුර කිරීමට සඳහා යොදාගෙන ඇත. වස්තූන් මධ්‍යගතව සංරචනය කිරීම් තුළින් අදාල තේමාව තීව්‍රර කිරීමට උත්සහ කරයි. සිතුවම මධ්‍යයේ සුදු පැහැති සළුවකින් සැරසී ඇඳක් මත හිඳ වම් අත ඉහලට ඔසවා සිටින පුද්ගලයා සොක්‍රටීස්ය. ඔහුගේ දකුණතින් වස සහිත බදුන ගැනීමට ඒ වෙත අත දිගුකර සිටියි. සිතුවමෙහි නාභිගත ස්ථානය තුළ වස බඳුන සංරචනය කර ඇත.   සොක්‍රටීස් හා වස බදුන සිතුවමේ මධ්‍යයට වන්නට සංරචනය කිරීම් තුළින් සිතුවමේ අදහස් වඩාත් තිවුර වී යයි. සොක්‍රටීස්ගේ දකුණු කකුල මත අත තබා සිටින්නේ ක්‍රීටෝ ය. ඔහු සොක්‍රටීස්ගේ තියුණු බැල්ම දෙස අවධානය යොමු කරමින් සිටියි. සොක්‍රටීස් සිටින ඇඳ පාමුල වාඩිවී ශෝකබරිත වූ කල්පනාවක නිමග්නව සිටින ආකාරයෙන් ප්ලූටෝ සංරචනය කර ඇත. ප්ලූටෝගේ ස්වරූපය වයෝවෘද්ධය. ශෝකය දරාගත නොහැකි ඇපලෝඩරස් ආරුක්කුවේ බිත්තිය මත හිස තබා වැලපෙති. සිතුවමෙහි පසුබිමට වන්නට සොක්‍රටීස්ගේ බිරිඳ සංරචනය කර ඇත. සොක්‍රටීස්ගේ වම්පස ශොකයෙන් වැලපෙන පිරිසකි. මෙහි නිරූපිත නිවී ඇති පහනෙන් හා දකුණු පස අඳුරු වූ ප්‍රදේශයෙන් අවකාශයන් හා ඒකාබද්ධ කර ඇත. එමෙන්ම නිවීගිය පහණෙහි දුමෙහි සෙවනැල්ලක් ද නොමැත. සමස්ත චිත්‍රය පුරා ඇති චරිත සියල්ලම පාහේ එකිනෙකට එකක් යාබදව ගලා යන ස්වභාවයක් පෙන්නුම් කරයි.  සොක්‍රටීස්ගේ මුහුණෙහි දක්නට ඇති තියුණු බැල්ම සිතුවමේ අනෙක් චරිත හා සම්බන්ධ නොවුණ ද එම බැල්මට පිටුපා ඉවත් බලා වැලපෙන චරිත ද මෙම බැල්මට අනුගත වන අයුරින් සංරචනය කර ඇත. සිතුවමේ දකුණු පසට වන්නට නිරූපණය කර ඇති ආරුක්කුව සිතුවමට ගැඹුරුක් එක් කිරීමට සමත් වී ඇත. සිතුවමෙහි දුරින්ම දක්වා සිටින පිරිස් එනම් සොක්‍රටීස්ගේ බිරිඳ ඇතුළු පිරිස මෙම සිතුවමෙහි වස්තු විෂය හා සම්බන්ධ වන සේ සංරචනය ඇත.            

              මෙහි සියලු චරිතයක් හෝ වස්තුවක් ම සිදුවීමෙන් එකිනෙකට වෙන් වීම්ට ඉඩ නොදී ඒවා  සියල්ල එකිනෙකට මනාව සම්බන්ධ වන අයුරින් චිත්‍රයේ මූලික තේමාවට චරිත ඒකාග්‍ර කොට ගෙන ඇත. මෙම සිතුවමෙහි චරිත නාට්‍යානුසාරයෙන් සංයෝජනය කර ඇත.ෂාක් ලුවී ඩේවිඩ් විසින් සොක්‍රටීස් ගේ මරණය සිතුවම කැන්වස් තලයක් මත තෙල් සායම් මාධ්‍යයෙන් අපූර්ව ලෙස වර්ණ ගන්වා ඇත. වර්ණය තුළින් සිතුවමෙහි කලාත්මක අගය වැඩි වී ඇත. ඩේවිඩ් භාවිත කළ පින්තාරු කිරීමේ ක්‍රමවේද, සමස්ත චිත්‍රය පුරා බරුසු පහර හැසිරවු ආකාරය, එහි භාවිත වර්ණාවලිය, වර්ණ තුළින් එළිය අඳුර දැක්වීමේ ක්‍රමවේද නිසා සිතුවමේ කලාත්මක අගය වැඩි වී ඇත. සිතුවම වර්ණ ගැන්වීමේදී තෙල් සායම් මාධ්‍ය යොදාගෙන ඇත. සිතුවම පුරා භාවිත කළ පින්සල් පහර ඉතාමත් සියුම්ය. මටසිලුටු ය. සමස්ත සිතුවම තලය පුරා පින්සල් පහර ඉතා සෙමින්  ගෙන ගොස් ඇත.  ඩේවිඩ්ගේ පින්සල් පහර තුළින් සියුම් නිමාවක් චිත්‍රයට ලැබී ඇත. 

ෂාක් ලුවි ඩේවිඩ් සිතුවමෙහි භාවිත කර ඇති දීප්තිමත් වර්ණ තුලින් මානව රූ තුළ ජීවී බව හුවා දැක්වීමට හැකි වී ඇත. සොක්‍රටීස්ගේ අත් පා වල ඇති ජීවි ස්වභාවය මුහුණුවල ඇති හැඟීම් ප්‍රකාශනයන් ඉතාමත් තීව්‍රර  අයුරින් දක්වා ඇත. උඩුකය නග්න සොක්‍රටීස්ගේ මාංශ පේශිවල වටකුරු ස්වභාවය පිරී ගිය ස්වභාවය ඉතාමත් මැනවින් දක්වා ඇත. සොක්‍රටීස්ගේ මුහුණ, බාහුවල මාංශ පේශි, කෙන්ඩා, පාද, නිය පපු පෙදෙසෙහි මස් පිඩුවල ඇති සජීවී බව එනම් ඒවා යේ රුධිරය පිරී ඇති බව අන්දම වර්ණ භාවිතය ඇසුරින් ප්‍රශස්ත ලෙස ගොඩනඟා තිබේ. ඉතා සියුම් ලෙස භාවිත කළ පින්සල් පහර හා වර්ණ තුලින් ද්විමාන තලයක සිතුවම් කර ඇති වස්තූන්ගේ ඇති වස්තුමය ස්වභාවය ත්‍රිමානව සිතුවම් කර ඇත. සොක්‍රටීස්ගේ මුහුණේ හැඟීම්  නිරූපණය කිරීමේදී වර්ණ තුලින් සුවිශාල වූ කාර්යභාරයක් කිරීමට ෂාක් ලුවි ඩේවිඩ්ට හැකිවී ඇත.



                                                                               Jacques Louis David , the Death of Socrates (Detail)

සොක්‍රටීස්ගේ මුහුණේ තියුණු බැල්ම, ගාම්භීර බව, ශ්‍රේෂ්ඨ බව මෙන්ම ඔහුගේ මරණය පිළිබද කණගාටු නොවන ස්වභාවය ඉතාමත් පැහැදිලිව වර්ණ තුළින් දක්වා ඇත. එමෙන් ම සෙසු චරිත වල දුක්බර ස්වභාවය වැළපෙන ස්වභාවය මනාව වර්ණය තුළින් ඉස්මතු කර ඇති අතර අවස්ථානුකූලව සොක්‍රටීස්ගේ මුහුණේ හැඟීම් නිරූපණයන් සහ සෙසු අයගේ වැලපෙන දුක් බරිත හැගීම් නිරූපනය වර්ණය තුළින් එකිනෙකට වෙන්කර උලුප්පා දැක්වීමට සමත් වී ඇත. සිතුවමේ එහි ගැඹුරු බව පෙන්වීමේදී අඳුරු වර්ණ මාලාවක් භාවිත කර ඇත. දුරින් සිටින සොක්‍රටීස්ගේ බිරිඳ ඇතුළු පිරිසගේ මුහුණේ  හැඟීම් පැහැදිලිව නොපෙනෙන සේ වර්ණ ගන්වා ඇත. ඒ තුළින් සිතුවමෙහි ගැඹුරු ඉස්මතුවී පෙනේ. එමෙන්ම පසුබිමෙහි දක්වා ඇති චරිත සදහා ද දීප්තියෙන් අඩු අඳුරු පැහැති වර්ණ මාලාවක් යොද ඇත.  

                     සොක්‍රටීස් වස පානය කිරීම සිතුවමෙහි රේඛාව ඉතාමත් සූක්ෂම ලෙස හසුරුවා ඇත. මානව රූ නිර්මාණය කිරීමේදි ඉතා සියුම් වූ රේඛාවන් භාවිතයට ගෙන ඇත. සියුම් රේඛා භාවිතයෙන් සිතුවමෙහි ජීවී බව ජනිත කිරීමට උත්සාහ කර ඇත. සොක්‍රටීස්ගේ බැල්මෙහි තියුණු බව අනෙක් චරිතවල වේදනාබරිත හැඟීම් රේඛාව තුළින් ඉසම් තු කර පෙන්වයි. වක්‍ර වු සියුම් රේඛා භාවිතයෙන් සොක්‍රටීස්ගේ බාහුවල මස්පිඩු පිරුණු ස්වභාවය පුෂ්ටිමත් බව හා ත්‍රිමාණ බව ඉස්මතු කර දක්වා ඇත. සොක්‍රටීස්ගේ වයස්ගත ස්වභාවය ප්ලූටෝගේ වයස්ගත ස්වභාවය හා අනෙකුත් චරිතයන්හි තරුණ බව සියුම් රේඛාකරණය තුලින් ඉස්මතු වේ. 

 සොක්‍රටීස් වස පානය කිරීම සිතුවම තුළ ලුවී ඩේවිඩ් විසින් පර්යාවලෝකනය ඉතාමත් විධිමත් ආකාරයෙන් භාවිත කර ඇත. ගෘහ අභ්‍යන්තර කොටසක සමස්ත සිතුවම සංරචනය කර ඇති අතර පර්යාවලෝකනය භාවිත කරමින් චිත්‍රයට ගැඹුරක් ලබා දී ඇත. සිතුවම වම්පසට වන්නට ඇති ආරුක්කුව තුළින් ද්විමාන තලයක සිතුවම් කර ඇති සිතුවමට ගැඹුරක් එක් කරයි. සිතුවමෙහි මානව රු වස්තූන්, හැඩතල, වර්ණ, රේඛා මගින් පර්යාවලෝකනය හඳුනාගත හැකිය. සිතුවමෙහි ඉදිරි බිමෙහි ඇති වස්තූන්වල ලක්ෂණයන් ඉතාමත් හොඳින් පැහැදිලිව මතුකර ඇත. ඉදිරියේ ඇති වස්තූන්ගේ වස්තුමය ස්වභාවය වර්ණ තුළින් ඉතාමත් හොඳින් මතුකර ඇත.  මුහුණුවල ඉරියව්, ශරීර ස්වභාවයන්, මාංශපේශිවල ස්වභාවයන් ඉතාමත් තියුණු අන්දමින් මතුකර පෙන්වයි. ඉදිරි බිම් වස්තූන්වල ත්‍රිමාණ ලක්ෂණ පැහැදිලිය. නමුත් සිතුවමෙහි දුරින්ම පිහිටි වස්තූන්ගේ වස්තුමය ස්වභාවයන් ඉදිරියේ ඇති වස්තූන්ට සාපේක්ෂව හොඳින් ඉස්මතු කර නොමැත. පිටුපස සොක්‍රටීස්ගේ බිරිඳගේ මුහුණේ හැඟීම් පැහැදිලිව හඳුනාගත නොහැක. ඉදිරි බිමෙහි දක්නට ඇති චරිත වඩා විශාලව දක්වා ඇති නමත් පසුපස වන්නට චරිත් සාපේක්ෂව කුඩාය. ඉදිරි බිම් සිටින චරිත සඳහා දීප්තිමත් වර්ණ මාලාවක් භාවිත කළ ද පිටුපස සිටින පිරිස් සඳහා භාවිත වර්ණමාලාව අඳුරුය. එම අඳුරු වර්ණ මාලාව තුලින් ඔවුන්ගේ මුහුණෙහි පැහැදිලි ඉරියව් මෙන්ම ත්‍රිමාණ ලක්ෂණ හඳුනා ගැනීමට අපහසුය.


                                                                        Jacques Louis David , the Death of Socrates (Detail)

එමෙන්ම, රේඛා මගින් ද සිතුවමෙහි පර්යාව පර්යාවලෝකනය හඳුනාගත හැකිය. ඉදිරියෙහි ඇති වස්තූන් වල රේඛාව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉදිරි බිමෙහි ඇති බිත්තියේ ගඩොල්වල රේඛාව හොඳින් පෙනුනද පර්යාවලෝකනය සමග පසුබිමෙහි ගඩොල් හා බිත්තියේ දාරමය ස්වභාවය හඳුනා ගැනීමට තරමක් අපහසුය. එහිලා, ලුවී ඩේවිඩ් පර්යාවලෝකන රීතිය මෙම සිතුවම තුළට ඉතාමත් හොඳින් යොදාගත් බව පැහැදිලිය.  ඒ අනුව දෘශ්‍ය කලා මූලිකාංගයන් ඉතා විශිෂ්ට ලෙස භාවිත කර ඇති ආකාරය මෙකී සිතුවම අධ්‍යයනය කිරීම හරහා පෙනී යයි.


                                    



Monday, September 23, 2024

බෲටස් විසින් පුතුන් දෙදෙනා ඝාතනය කිරීම (The lictors bring to brutus the bodies of his sons)


 බෲටස් විසින් පුතුන් දෙදෙනා ඝාතනය කිරීම  (The lictors bring to brutus the bodies of his sons)



Jacques Louis David, The lictors bring to brutus the bodies of his  sons, 1789, oil on canvas, 322cm × 422cm, Louvre Museum. 

               

                    ඓතිහාසික සිදුවීමක් වන රෝම පාලක බෲටස් විසින් පුතුන් ඝාතනය කිරීමේ අවස්ථාව  සිතුවමෙහි වස්තු විෂය සඳහා පාදක කරගෙන ඇත. රෝමය අවසන් පාලකයා වන ටාර්කින් රාජ්‍ය බලයෙන් පහකොට රෝම ජනරජය පිහිටුවා ගන්නා අතර පසුව ටාර්කින් පිටුවහල් කර දමයි. ටාර්කින් බෲටස්ගේ පුතුන් දෙදෙනා සමග එක්ව රෝම රාජ්‍ය බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක යෙදේ. තම පුතුන් දෙදෙනා රෝම අධිරාජ්‍යයට එරෙහිව කළ රාජ ද්‍රෝහිත්වයට දඬුවමක් ලෙස පියා වන බෲටස් විසින් ඔවුන් දෙදෙනා ඝාතනය කිරීමට අණ ලබා දේ. ඝාතනය කරන ලද බෲටස්ගේ පුතුන් දෙදෙනාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරු අධිකරණ නිලධාරීන් විසින් පිටතට රැගෙන යන අවස්ථාව ඉතාමත් අනුවේදනීය ලෙස කැන්වස් තලය තුළ සිතවු මට නගා ඇති අවස්ථාවකි. බෲටස් විසින් තම රාජ්‍යයේ නිර්මලත්වය වෙනුවෙන් කරන ලද කැපකිරීම, පරිත්‍යාගශීලීත්වය, සමානාත්මතාව මෙන්ම බෲටස්ගේ අභ්‍යන්තරය තුළ සැඟවී ගිය වේදනාවන් හා බිරිඳ ඇතුළු දියණියන්ගේ ශෝකානුකූල හැඟීම් කැන්වස් තලයක් තුළ කැටි කරගත් අවස්ථාවකි. පුනරුද හා පෞරාණික ග්‍රීක රෝම සම්භාව්‍ය කලාව පිළිබඳ හැදෑරූ ඩේවිඩ් එම කලාවන්හි ලක්ෂණද ආභාෂ කරගනිමින් නව ශෛලියේ කින් යුතුව මෙම සිතුවම නිර්මාණය කර ඇත. 

බෲටස් තම පුතුන් ඝාතනය කිරීම කලාකෘතිය සඳහා ඩොරික් කුළුණු සහිත ගෘහමය කුටියක් සිතුවම සඳහා පසුබිම් කර කරගෙන ඇත. සිතුවමේ මැද බිම මේසේ මත ඇති මැහුම් ගෙතුම් ආම්පන්න තුළින් මෙය ගෘහමය කුටියක් බව සනාථ වෙයි. සිතුවම ගාම්භීර හා නාට්‍ය බවකින් යුක්තය. එහි ඇත්තේ විධිමත් වූ සංරචනයකි.   

 සිතුවම් තුළ මැද බිම, පෙරබිම, පසු පසුබිමට වන්නට වස්තූන් සංරචනය කර ඇත. වස්තුන් සංරචනය කිරීමේදී ඉතා උපරිම ලෙස කැන්වස් තලය ප්‍රයෝජනයට ගෙන ඇත. සිතුවමේ දකුණු පසට වන්නට ඝාතනය කරනු ලැබූ බෲටස්ගේ පුතුන් දෙදෙනාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරු අධිකරණ නිලධාරීන් විසින් රැගෙන යන අවස්ථාව සිතුවම් කර ඇත. ඩොරික් කුළුණු පෙලකින් සමන්විත  ආරුක්කුවක් දෙසට ඔවුන්ගේ දේහයන් රැගෙන යයි. ප්‍රාණය නිරුද්ධ වූ සිරුර වෙත ආලෝක දහරාවක් යොමුකර තිබිම විශේෂිතය. මැද බිමෙහි සිටින කාන්තාව බෲටස්ගේ බිරිඳ වන අතර ඇය තම දකුණු අත මළ සිරුර දෙසට දිගු කර සිටියි. ඇයගේ මුහුණේ ඇත්තේ ශෝකානුකූල විලාපයකි. ඇයට තුරුල්ව ඇගේ දියණියන් දෙදෙනා සිටියි. මෙම අවස්ථාව දෙස සියසින් බැලීම අපහසු එක් දියණියක් සිය දෑතින් එම සිදුවීම් වසන් කිරීමට වෙර දරයි. අනෙක් දියණිය සිහිසුන් වී ඇති අතර බෲටස්ගේ බිරිඳ විසින් වමතින් ඇය අල්ලාගෙන සිටියි. ඊට ආසන්නයේ සිතුවමට වම් පසින් සිටින මෙහෙකාරිය සළුවකින් තම මුහුණු වසාගෙන වැලපෙයි. ඔවුන්ගේ වැළපීම් නාට්‍යානුසාරීව ඩේවිඩ් විසින් සංරචනය කර ඇති අයුරු අපූරුයි.  ඉහළින් යොමු වන්නා වූ ආලෝක ධාරාවකින් වැළපීම් ආලෝකමත් කර ඇත.  මැද බිම් සිටින බෲටස්ගේ බිරිඳ ඇතුළු පිරිස්ගේ ශෝකානුකූල විලාපයන් හා ප්‍රාණය නිරුද්ධ සිරුර වෙත යොමු කර ඇති ආලෝක දහරාව  තුළින් එම අවස්ථාවන් දෙක එකිනෙකට සම්බන්ධ කිරීමට උත්සාහ දරා ඇත. 

                  තම පුතුන්ගේ, සොයුරන්ගේ, ස්වාමිවරුන්ගේ වියෝව තුළින් ශෝකානූකූල බව හරහා ඩේවිඩ් විසින් සිතුවමේ නිරූපිත තේමාව වඩාත් තීව්‍ර කිරීමට උත්සාහ දරා ඇත. බෲටස් රෞද්‍ර බැල්මකින් යුතුව සංරචනය කර තිබුණද ඔහුගේ අභ්‍යන්තරික වේදනාවන් සංකේතාත්මක ලෙස මෙහිදී සිතුවම් කර ඇත. ඔහු දෙපා එකින් එක පටලවා තද කර සිටින අතර ඒ තුළින් ඔහුගේ වේදනාවන් ඉස්මතු කර පෙන්වීමට ඩේවිඩ් කටයුතු කර ඇත. එමෙන්ම තම පුතුන්ගේ මරණ දණ්ඩනය පිළිබඳ ලියවිල්ල ඔහු සිය දෑතින් පොඩි කර සිටියි.සිතුවම් තුළ මැද බිම් පෙරබිම පසු පසුබිමට වන්නට වස්තූන් සංරචනය කර ඇත. වස්තුන් සංරචනය කිරීමේදී ඉතා උපරිම ලෙස කැන්වස් තලය ප්‍රයෝජනයට ගෙන ඇත. සිතුවමේ දකුණු පසට වන්නට ඝාතනය කරනු ලැබූ බෲටස්ගේ පුතුන් දෙදෙනාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරු අධිකරණ නිලධාරීන් විසින් රැගෙන යන අවස්ථාව සිතුවම් කර ඇත. ඩොරික් කුළුණු පෙලකින් සමන්විත  ආරුක්කුවක් දෙසට ඔවුන්ගේ දේහයන් රැගෙන යයි. ප්‍රාණය නිරුද්ධ වූ සිරුර වෙත ආලෝක දහරාවක් යොමුකර තිබිම විශේෂිතය. මැද බිමෙහි සිටින කාන්තාව බෲටස්ගේ බිරිඳ වන අතර ඇය තම දකුණු අත මළ සිරුර දෙසට දිගු කර සිටියි. ඇයගේ මුහුණේ ඇත්තේ ශෝකානුකූල විලාපයකි. ඇයට තුරුල්ව ඇගේ දියණියන් දෙදෙනා සිටියි. මෙම අවස්ථාව දෙස සියසින් බැලීම අපහසු එක් දියණියක් සිය දෑතින් එම සිදුවීම් වසන් කිරීමට වෙර දරයි. අනෙක් දියණිය සිහිසුන් වී ඇති අතර බෲටස්ගේ බිරිඳ විසින් වමතින් ඇය අල්ලාගෙන සිටියි. ඊට ආසන්නයේ සිතුවමට වම් පසින් සිටින මෙහෙකාරිය සළුවකින් තම මුහුණු වසාගෙන වැලපෙයි. ඔවුන්ගේ වැළපීම් නාට්‍යානුසාරීව ඩේවිඩ් විසින් සංරචනය කර ඇති අයුරු අපූරුයි.  ඉහළින් යොමු වන්නා වූ ආලෝක ධාරාවකින් වැළපීම් ආලෝකමත් කර ඇත. මැද බිම් සිටින බෲටස්ගේ බිරිඳ ඇතුළු පිරිස්ගේ ශෝකානුකූල විලාපයන් හා ප්‍රාණය නිරුද්ධ සිරුර වෙත යොමු කර ඇති ආලෝක දහරාව  තුළින් එම අවස්ථාවන් දෙක එකිනෙකට සම්බන්ධ කිරීමට උත්සාහ දරා ඇත. තම පුතුන්ගේ, සොයුරන්ගේ, ස්වාමිවරුන්ගේ වියෝව තුළින් ශෝකානූකූල  ඒ තුළින් ඩේවිඩ් විසින් සිතුවමේ නිරූපිත තේමාව වඩාත් තීව්‍ර කිරීමට උත්සාහ දරා ඇත.බෲටස් පරුෂ බැල්මකින් යුතුව සංරචනය කර තිබුණද ඔහුගේ අභ්‍යන්තරික වේදනාවන් සංකේතාත්මක ලෙස මෙහිදී සිතුවම් කර ඇත. ඔහු දෙපා එකින් එක පටලවා තද කර සිටින අතර ඒ තුළින් ඔහුගේ වේදනාවන් ඉස්මතු කර පෙන්වීමට ඩේවිඩ් කටයුතු කර ඇත. එමෙන්ම තම පුතුන්ගේ මරණ දණ්ඩනය පිළිබඳ ලියවිල්ල ඔහු සිය දෑතින් පොඩි කර සිටියි.

 


Jacques Louis David, The lictors bring to brutus the bodies of his sons (Detail ), 1789, oil on canvas

ලුවී ඩේවිඩ් විසින් බෲටස් තම පුතුන් ඝාතනය කිරීම යන සිතුවම සඳහා අඳුරු හා දීප්තිමත් යන වර්ණමාලාවක් භාවිත කර ඇත. අඳුරු හා දීප්තිමත් වර්ණ තුළින් සමස්ත සිතුවමේ තේමාව ත්‍රිවුර කිරීමට උත්සහ ගෙන ඇත. එම දීප්තිමත් හා අඳුරු වර්ණයන් එකිනෙකට ගලපමින් සියුම් ලෙස වර්ණ ගන්වා ඇත. මැද බිමෙහි නිරූපිත බෲටස්ගේ බිරිඳ දියණියන් දෙදෙනා ඇතුළු මෙහෙකාරිය සඳහා දීප්තිමත් වර්ණ මාලාවක් භාවිත කර ඇත. එමෙන්ම සිතුවමේ දකුණු පසු රැගෙන යන බෲටස්ගේ පුතුගේ මළ සිරුර සඳහා ද එවැනි ම දීප්තමි ත් වර්ණ භාවිතා කර ඇත. 



Jacques Louis David, The lictors bring to brutus the bodies of his sons (Detail ), 1789, oil on canvas

    මළ සිරුර දැක වේදනාවෙන් මුසපත් වූ බෲටස්ගේ බිරිඳ, දියණිය හා මෙහෙකාරියගේ හැඟීම් ඉතාමත් මෘදු ලෙස දක්වා ඇති අයුරු අපූරුය. සිතුවමෙහි රේඛාව ඉතාමත් සූක්ෂම ලෙස හසුරුවා ඇත. මානව රූ නිර්මාණය කිරීමේ දී ඉතා සියුම් වූ ප්‍රාණවත් රේඛාවන් භාවිතයට ගෙන ඇත.සියුම් රේඛාවන් තුළින් සිතුවමේ සජිවි බව ජනිත කිරීමට කටයුතු කරයි. පිටතින් පෙනෙන පරුෂ බව මෙන්ම ඔහුගේ අභ්‍යන්තරික වේදනාව රේඛාව තුළින් ඉස්මතු කර පෙන්වයි. වක්‍ර රේඛා භාවිතයෙන් ඔහුගේ ශරීරයේ පුෂ්ටිමත් බව හා ත්‍රිමාණ බව ඉස්මතු කර දක්වයි. මැද බිමට වන්නට සංරචනය කර ඇති බෲටස්ගේ බිරිඳ දියණිය සහ මෙහෙකාරියගේ ශරීරයේ ඇති ලාලිත්‍යමය ස්වභාවය  මටසිළුටු ස්වභාවය සියුම් රේඛාකරණය තුලින් පෙන්වයි. එමෙන්ම ඉරියව් තුළ ඇති නාට්‍යානුසාරී රිද්මයානුකූල බව රේඛාව තුළින් ඉස්මතු කර පෙන්වයි. ඉතාමත් සියුම් වූ වයනයක් සිතුවම පුරාම දක්නට ලැබෙන අතර රේඛාව, වර්ණ තුළින් සිතුවමේ අගය සියුම් ලෙස නිරූපණය කර ඇත. ලුවී ඩේවිඩ්  සිතුවමේ පසුබිම සදහා භාවිත කළ ඇති කුළුණු  පෙළ සිතුවමට ගැඹුරක් මෙන්ම නව මානයක් එක් කරයි. එහිලා, මෙකී සිතුවම වූ කලී නිවැරදි වූ මානව රූ සිතුවම් කිරීම හා හැඟීම් නිරූපණය අතින් ඉතා විශිෂ්ට වූ කලා කෘතියක් ලෙසින් මනාව හඳුනාගත හැකිය.


 


Wednesday, September 4, 2024

අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (The Last Supper)


අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (The Last Supper)   

     Leonardo da Vinci, The Last Supper, 460 cm × 880 cm (181 in × 346 in), 

Santa Maria delle Grazie  

                                   

              ඉතාලියේ සම්භාව්‍ය පුබුදු යුගය අගනා කලා කෘති රැසක් ලොවට බිහි කළා වූ  යුගයකි. මෙකී යුගයේ බිහිවූ සම්මානනීය ශිල්පියකු ලෙස ලියනාඩෝ ඩාවින්චි හට හිමි වනුයේ සුවිශේෂ වූ ස්ථානයකි. එහිලා,  මූලිකවම ලියනාඩෝ ප්‍රසිද්ධ වූයේ චිත්‍ර ශිල්පියෙකු ලෙසය. ඔහුගේ චිත්‍ර 2 ක් වන මොනාලිසා හා අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය වඩාත් ජනප්‍රියත්වයට පත්වූ අපූර්ව සිත්තම් ය.                                                                                                                                       

             මෙහිදී අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබඳ  අවධානය යොමු කිරීමේ දී මෙය ඉතාලියේ මිලනෝ නගරයේ ශාන්ත මරියා ඩෙලා ග්‍රේසි (St. Meris Delladrzie) නමැති කන්‍යාරාම ගොඩනැගිල්ලේ බිත්තියක ඩාවින්චි විසින් චිත්‍රණය කළ අග්‍රගන්‍ය බිතුසිතුවමක් වන මෙය ක්‍රි.ව.1495-1497 ත් අතර කාලයේදී චිත්‍රණය කරන ලද බව සඳහන් වේ. අඩි 29 ක් දිග අඩි 13.5 ක් පළලින් යුතු මෙම චිත්‍රය පොළව මට්ටමේ සිට අඩි 15 ක් පමණ ඉහළින් ඇඳ ඇත. සිතුවමින් නිරූපණය වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තම අනුගාමිකයින් දොළොස් දෙනා සමඟ රාත්‍රී භෝජනය ගන්නා අවස්ථාවේ උන් වහන්සේගේ මුවින් පිටවූ වදනක් හේතු කොට ගෙන පිරිස තුළ වූ කැළඹිලි ස්වභාවයයි. "නුඹලාගෙන් කෙනෙක් මා කෙරහී ද්‍රෝහීව පාවා දෙන්නේය"  යන්න උන් වහන්සේගේ මුවින් පිටවූ විට ඉන් කළබලයටත් පුදුමයටත් පත් වූ පිරිස තුළ ඇතිවූ මානසික කැළඹීම ඔවුන්ගේ ඉරියව් වලින් හා අංගචලන තුළින් ප්‍රකාශ කිරීම ඩාවින්චිගේ මූලික අදහස වී ඇත. චිත්‍ර තලයට සරළ සමාන්තරව පිහිටි මේසය මත ගොණු වූ මානව රූප 13 ක් වේ. තිදෙනා බැගින් රචනා වූ රූප කාණ්ඩ හතරකට මැදි වූ ක්‍රිස්තුස් වහන්සේගේ රූපය චිත්‍රයේ කේන්ද්‍රස්ථානය හිමි කර ගන්නා වූ අතර රූප මෙසේ කාණ්ඩ වුවද චිත්‍රයේ ඒකාබද්ධතාව රැකෙන අයුරින් සකස් වීමත් රූප වල පවත්නා ජීවී ගුණය මැනවින් ඉස්මතු වන සේ මානව රූප චිත්‍රණය කිරීමත් මෙහිදී කැපී පෙනේ.   


 Leonardo da Vinci (Detail) , The Last Supper, 460 cm × 880 cm (181 in × 346 in), 

Santa Maria delle Grazie  



                     එමෙන්ම, ශ්‍රාවකයින්ගේ කැළඹිලි බව, ක්‍රිස්තුස් වහන්සේගේ නිසල බව, ශාලාවේ එක් පැත්තක ආලෝකමත් බව ද, අනෙක් පැත්තේ අඳුරු බව ද දක්වා ඇත්තේ චිත්‍රයේ තේමාව අර්ථවත් කිරීමටය. එසේම පාවා දෙන ජුදාස්ගේ හා සෙසු පිරිසගේ මුහුණු හා ඉරියව් තුළ ඇති භාව ප්‍රකාශනය ශිල්පීය දක්ෂතා මැනවින් නිරූපණය කරයි. චිත්‍රය වර්ණ ගැන්වීමේ දී දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද සහිත අඳුරු වර්ණමාලාවක් ත්‍රිමාන හා පර්යාලෝක ලක්ෂණ සහිත ව යොදා ඇති අතර කෙයාරස් කූරෝ (Chiaroscuro) වර්ණ කිරීමේ සිද්ධාන්ත අනුව තලය මධ්‍යයයේ සිටින ජේසුස්වහන්සේ වඩාත් ආලෝකමත්ව මතු කර දක්වමින් සෙසු රූප අඳුරු වර්ණමාලාවකින් දක්වා ඇත. 

තවද, සංරචනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී චිත්‍රයේ පසුතලය එහි ප්‍රකාශන ගුණය තීව්‍ර වන අයුරින් යොදාගෙන ඇත්තේ ඒක ලක්ෂීය පර්යාවලෝකනය භාවිත කිරීමෙනි. චිත්‍රය සෑහෙන ඉඩක් ශාලාවේ ඇතුළත දර්ශනය සඳහා යොදාගෙන ඇති අතර වියන්තලය සඳහා යෙදූ රේඛා සැලැස්ම බිත්ති කපොලු ආශ්‍රිත රේඛා චිත්‍රයේ පෙර බිම සිට ඈතට විහිදී යමින් ක්‍රිස්තූස් වහන්සේගේ හිස පිටුපසින් අවසාන වන අයුරින් චිත්‍රයේ මධ්‍යගත අන්තරදහන ලක්ෂය (Vanishing Point) හා සම්බන්ධ වෙයි. රේඛාවේ මෙවැනි හැසිරීම නිසා චිත්‍රය නරඹන්නාගේ දෘෂ්ටිය නිරායාසයෙන් ම ගමන් කරන්නේ කේන්ද්‍රස්ථානයේ සිටින ක්‍රිස්තූස් වහන්සේ වෙත ය.  

             ඩාවින්චි මෙම සිතුවම නිර්මාණය කිරීමේ දී ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ශිල්පියාගේ සමකාලීන ගත් කතුවරයෙකු වූ බැන්ඩෙලා (Bandella) තැබූ සටහනක මෙසේ වෙයි. 

"උදෑසනම පලංචියට නගින ඩාවින්චි එක දිගටම ඇඳීමේ කාර්යයේ යෙදේ. කෑම බීම ගැනීම පවා අමතක කරමින් අඳුර වැටෙන තෙක් සිතුවම් කිරීමේ කාර්යෙහි යෙදෙන ඔහු නැවත දින කිහිපයක් ගත වන තුරු චිත්‍රයේ කිසිදු වැඩක නොයෙදේ. එහෙත් දින පතා එහි පැමිණ පැය කිහිපයක් චිත්‍රය දෙස විමසිල්ලෙන් බලා සිටිමින් රූප වල ස්වභාවය අධ්‍යයනය කිරීමට පුරුදු වී සිටියේය."

 ඒ අයුරින් වර්ෂ ගනනාවක් පුරා වෙහෙස වී ඇඳි සිතුවම ලොව මවිත කරවන නිර්මානයක් බවට පත් විය. සිතුවම රචනා කිරීමට භාවිත කළ ශිල්ප ක්‍රම හා උපායන් හා කලා සිද්ධාන්ත භාවිත කිරීමෙන් පැහැදිලි වන්නේ ශිල්පියෙකු සතු විද්‍යාත්මක චිනතනයේ මහිමයත් ඒ හා සියුම් ලෙස සංයෝග වූ සෞන්දර්ය රසඥතාවත්ය.

   ඉතාලියේ පැවති සාම්ප්‍රදායික සම්මත ප්‍රෙස්කෝ ක්‍රමය සමඟ ටෙම්පරා (වියළි තලය මත චිත්‍ර ඇඳීම) හා තෙල් සායම් මාධ්‍ය මිශ්‍රව යෙදීම අත්හදා බැලීමක් වශයෙන් ඩාවින්චි මෙම චිත්‍රයට වර්ණ යෙදූ බවට අදහස් පළ වී ඇත. කෙසේ නමුත් භාවිත කළ වර්ණ මාධ්‍යය හා ශිල්ප ක්‍රමයේ අසාර්ථකත්වය නිසා ක්‍රි.ව.1517 වන විට එනම් චිත්‍රය නිම වීමෙන් වසර විස්සකට පමණ පසු සිතුවම විනාශ වීමේ ලකුණු පහළ වී ඇත.