සබීන් කාන්තාවගේ මැදිහත්වීම
(The Intervention of the sabin woman)
The Intervention of the sabin woman, Created1796-1799, Jacques-Louis David385cm×522cm, Oil on Canvas, Neoclassicism,Louvre Museum- Paris
සම්භාව්‍ය චිත‍්‍ර කලාව නියෝ ක්ලැසිවාදය හා ක්ලැසි වාදය යනුවෙන්ද හැඳින් වූ අතර මෙකී කලාව 1780 දී ආරම්භ විය. කලාවේ නියෝ ක්ලැසික්වාදය යනු, පෞරාණික යුගයේ ග‍්‍රීසියේ සහ රෝමයේ කලාව මත පදනම් වූ සෞන්දර්යාත්මක ආකල්පයක් වන අතර එමඟින් සමගිය, පැහැදිලිකම, සංයමය, විශ්වීයභාවය සහ විඥානවාදය අවධාරණය කෙරේ. නව සම්භාව්‍යවාදය, නූතන ජීවන රටාවක් ලෙස වැළඳ ගන්නවාට වඩා පෞරාණිකත්වය කෙරෙහි ඇති අගය කිරීම හා ආකර්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේය. එහෙත් ඊටත් වඩා ගැඹුරු උත්තේජනයක් වූයේ 18 වන සියවසේදී මතුවූ සම්භාව්‍ය පෞරාණිකත්වය පිළිබඳ නව හා විද්‍යාත්මක උනන්දුවයි. නව පුරාවිද්‍යාත්මක සොයාගැනීම්, විශේෂයෙන් භූමදාන කරන ලද රෝමානු නගර වන හර්කියුලේනියම් සහ පොම්පෙයි යන ස්ථාන ගවේෂණ හා කැණීම් මඟින් නියෝ ක්ලැසික්වාදයට මහත් ශක්තියක් ලැබුණි. නියෝ ක්ලැසික්වාදය අනුගමනය කළා වූ චිත්‍ර ශිල්පීන් අතර ජැක් ලුවී ඩේවිඩ් විශේෂ ස්ථානයක් හිමිකර ගැනීමට සමත්ය. ජැක් ලුවී ඩේවිඩ් විසින් චිත්‍රණය කරන ලද සිතුවම් අතර සබීන් කාන්තාවගේ මැදිහත්වීම සිතුවම කැපී පෙනේ.
මෙම සිතුවම පිළිබඳව අවධානය යොමු කිරීමේ දී රණබිම මධ්‍යයට වන් ස්ත‍්‍රියක විසින් සටනක් වැලැක්වීමට ගන්නා ප‍්‍රයත්නයක් නිරූපිතය. සුරූපී ස්ත‍්‍රියක වූ "හර්සීලියා" විසින් දෙපාර්ශ්වය අතර ගැටුම වැළැක්වීමට ගන්නා උත්සාහය නිරූපිත ය. සබීන් නායක "රොමුලස්" සිතුවමේ දැක් දැක්වෙන්නේ පලිහ හා හෙල්ල අල්ලාගෙන සිටින අයුරුනි. තවත් කාන්තාවක් ඔවුන්ගේ දරුවන් මේ අතර මැදට යොමු කරන අතර තවත් ස්ත‍්‍රියක් රණශූරයා ගේ පාමුල වැටී ඇත.
තවත් අවස්ථාවක පසුපසින් සාමයේ ඉරියව්වෙන් අත් සහ හිස්වැසුම් ඉහලට ඔසවා තිබේ. මෙම සිතුවමේ පිටුපසින් ඇති පාෂාණමය කොටස නම් සිවිල් ගැටුම ගැන සඳහන්වන ටාර්පියර් පර්වතයයි. පුරාවෘත්ත වලට අනුව රෝමානු දේශද්‍රෝහී චෝදනාවට "වෙස්ටල් වර්ජින් ටාර්පියාට" දෙන ලද දඬුවම වූයේ ගල් පර්වතයකින් පහලට දැමීමයි. එම නිසා ගල් පර්වතයට මෙම නාමය ව්‍යවහාර වී ඇත. සබීන් කාන්තාවන්ගේ නිර්භීත මැදිහත්වීම ට ස්තුතිවන්ත වන්නට දෙපාර්ශවය අතර ඇතිවීමට ගිය යුද්ධය සාමකාමීව අවසන් විය.
බලකොටුව අවට පරිසරය තුළ ද අඳුරු වර්ණ භාවිතයක් දක්වා ඇති අතර මෙම අවස්ථාවෙහි පවත්නා ප‍්‍රචණ්ඩකාරී බව හා භයංකාරය මින් ධ්වනිත වේ. කියුරෝ-ස්කූරෝ සිද්ධාන්තය අනුව සිතුවමේ අවශ්‍ය කරන ස්ථානවලට පමණක් යම් දීප්තිමත් වර්ණ යොදා ගැනීමක් සිදුකර ඇති අතර මෙහිදී සුදු පැහැය වඩාත් කැපී පෙනේ. එමෙන්ම ස්වභාවිකවාදී ආකාරයට ජීවී හා අජීවී වස්තු වල සජීවී බව රැකෙන පරිදි වර්ණ ගැන්වීම සිදු කර ඇත. මෙම යුද බිම තුළ සිටින්නා වූ මිනිස්සුන්ගේ ප‍්‍රචණ්ඩකාරී ඉරියව් මනාව දැක්වීමටත් මානව රූ වල හැඩතල ස්වභාවික ලක්ෂණ මතුවන ආකාරයට විවිධ ඉරියව් වලින් නිවැරදිව ඇඳීමටත් උත්සහා දරා ඇති අතර කාන්තාවන්ගේ සුන්දරත්වය පවා මෙම හැඩතල තුළින් ඉස්මතු කොට දක්වා ඇත. යුද කරුවන් අතැතිව සිටින්නාවූ කඩු හෙළිල හිස්වැසුම් ආදිය තුළින් ද ඒ ඒ වස්තූන්ට ආවේණික වූ හැඩය ඉස්මතු වේ.
තෙල් සායම් මාධ්‍යයෙන් චිත‍්‍රණය කරන ලද මෙම සිතුවමෙහි මිනිස් ශරීරයට වැටෙන්නා වූ එළිය-අඳුර මනාව වර්ණ තුළින් හසුරුවා ඇති අතර මෙම ප‍්‍රධාන සබීන් කාන්තාව හට ඉහළ ආලෝක තීව‍්‍රරතාවක් දක්වා ඇත. ඇගේ ශාන්තවත් බව හා පාරිශුද්ධත්වය ඇගේ සුදු පැහැති වස්ත‍්‍රය තුළින් සංකේතවත් වේ. දුඹුරු පැහැයේ ප‍්‍රභේද රාශියක් සිතුවම පුරාවට දැක ගැනීමේ හැකියාව පවතී.
බලකොටුව අවට පරිසරය තුළ ද අඳුරු වර්ණ භාවිතයක් දක්වා ඇති අතර මෙම අවස්ථාවෙහි පවත්නා ප‍්‍රචණ්ඩකාරී බව හා භයංකාරය මින් ධ්වනිත වේ. කියුරෝ-ස්කූරෝ සිද්ධාන්තය අනුව සිතුවමේ අවශ්‍ය කරන ස්ථානවලට පමණක් යම් දීප්තිමත් වර්ණ යොදා ගැනීමක් සිදුකර ඇති අතර මෙහිදී සුදු පැහැය වඩාත් කැපී පෙනේ. එමෙන්ම ස්වභාවිකවාදී ආකාරයට ජීවී හා අජීවී වස්තු වල සජීවී බව රැකෙන පරිදි වර්ණ ගැන්වීම සිදු කර ඇත. මෙම යුද බිම තුළ සිටින්නා වූ මිනිස්සුන්ගේ ප‍්‍රචණ්ඩකාරී ඉරියව් මනාව දැක්වීමටත් මානව රූ වල හැඩතල ස්වභාවික ලක්ෂණ මතුවන ආකාරයට විවිධ ඉරියව් වලින් නිවැරදිව ඇඳීමටත් උත්සහා දරා ඇති අතර කාන්තාවන්ගේ සුන්දරත්වය පවා මෙම හැඩතල තුළින් ඉස්මතු කොට දක්වා ඇත. යුද කරුවන් අතැතිව සිටින්නාවූ කඩුව, හෙළ්ල හිස්වැසුම් ආදිය තුළින් ද ඒ ඒ වස්තූන්ට ආවේණික වූ හැඩය ඉස්මතු වේ.
සිතුවම පසුතලයේ දක්වා ඇති බලකොටුවක් ආකාරයේ ගොඩනැගිල්ලේ මන්දිරල කවුළු වෙන් වෙන් වශයෙන් දැක්වීමටත් ගල් පර්වතය හා මන්දිරය යා කොට ස්වභාවිකත්වය තුළින් හැඩතල මතු කිරීමටත් ශිල්පියා සමත් ව ඇත. එමෙන්ම ජීවී අජීවී හැඩතල ස්වභාවික ආකාරයෙන් දැක්වීමේදී ශිල්පියා දැක්වූ කුසලතාව ඉහළය. හෙළිල හිස්වැසුම් ආදිය තුළින් ද එ එ වස්තූන්ට ආවේණික වූ හැඩය ඉස්මතු වේ. සිතුවම පසුතලයේ දක්වා ඇති බලකොටුවක් ආකාරයේ ගොඩනැගිල්ලේ මන්දිරල කවුළු වෙන් වෙන් වශයෙන් දැක්වීමටත් ගල් පර්වතය හා මන්දිරය යා කොට ස්වභාවිකත්වය තුළින් හැඩතල මතු කිරීමටත් ශිල්පියා සමත් ව ඇත. එමෙන්ම ජීවී අජීවී හැඩතල ස්වභාවික ආකාරයෙන් දැක්වීමේදී ශිල්පියා දැක්වූ කුසලතාව ඉහළය. පසුතලයේ දක්වා ඇති බලකොටුවක් ආකාරයේ ගොඩනැගිල්ලේ මන්දිරල කවුළු වෙන් වෙන් වශයෙන් දැක්වීමටත් ගල් පර්වතය හා මන්දිරය යා කොට ස්වභාවිකත්වය තුළින් හැඩතල මතු කිරීමටත් ශිල්පියා සමත් ව ඇත. එමෙන්ම ජීවී අජීවී හැඩතල ස්වභාවික ආකාරයෙන් දැක්වීමේදී ශිල්පියා දැක්වූ කුසලතාව ඉහළය.
Great work 👍🏻
ReplyDeleteGreat 😍
ReplyDelete