Pages

Sunday, October 27, 2024

ඉර සඳ හා ගහකොළ මැවීම (Creation Of The Sun Moon And Plants)

               ඉර සඳ හා ගහකොළ මැවීම

                                                                         (Creation Of The Sun Moon And Plants)


   MichelangeloMichelangelo, Creation Of The Sun Moon And Plants, 1511, Fresco, 280

 cm × 570 cm (110 in × 220 in), Sistine Chapel, Vatican City.


 පුනරුද යුගයේ උසස්ම නිර්මාණයක් ලෙස රෝමයේ වතිකානු නගරයේ ඇති සිස්ටයින් දෙව්මැදුර හැඳින්විය හැකිය. සිස්ටයින් දෙව්මැදුර වඩාත් වැදගත් වන්නේ එහි වෝල්ටාකාර වියන්තලයේ ඇඳ ඇති සිතුවම් හේතුවෙනි. මෙම සිතුවම් නිර්මාණය කර ඇත්තේ මයිකල් ආන්ජිලෝ නමැති පුනරුද යුගයේ චිත්‍ර ශිල්පියා විසිනි. මෙම වියන්තලයේ සිතුවම් නිම කිරීම සඳහා ආන්ජීලෝට වසර හතරක පමණ කාලයක් ගතවී ඇති බව සඳහන් වේ.එනම් ක්‍රි.ව 1508-1512 අතර කාල වකවානුවයි. පොළවේ සිට අඩි 68 ක උසින් යුතු වෘත්තාකාර පියස්සේ අඩි 132 දිග හා අඩි 44 පළල එනම් වර්ග අඩි දහදාහක් පමණ වන සිවිලිමේ මෙම සිතුවම් ඇඳ ඇත.

                                 මෙම නිර්මාණයේ ඔහු විසින් කළ මානව රූප ප්‍රමාණය තුන්සිය හතලිස් තුනකි. මේ විශාල නිර්මාණ අතර ආදම් මැවීම, ඒව මැවීම ,පාරාදීසයෙන් නෙරපීම හා මහා ජල ගැල්ම ආදී තේමා චිත්‍රනය කර ඇත. සිස්ටයින් දෙව් මැදුරේ වියන්තලයේ නිර්මාණය කළ Creation Of The Sun Moon And Plants හෙවත් ඉර සඳ හා ගහකොළ මැවීම යන සිතුවම ලෝකෝත්පත්ති කථාවේ එන කොටසකි. දෙවියන් වහන්සේ විසින් පළමු මිනිසා මැවීම,පළමු ගැහැණිය මැවීම ලෙස පිළිවෙලින් බයිබලයේ උප්පත්ති කථාවේ එන සිදුවීම් වල අවස්ථා මෙම වියන්තලයේ සිතුවම් කර ඇත.              



 MichelangeloMichelangelo, Creation Of The Sun Moon And Plants, 1511, Fresco, 280

 cm × 570 cm (110 in × 220 in), Sistine Chapel, Vatican City.


මෙම සිතුවමේ දෙවියන් වහන්සේව එකම සංරචනයක අවස්ථා දෙකකදී දක්වා තිබීම විශේෂත්වයකි. දෙඅත් දෙපසට විහිදුවා සිටින දකුණු පස ඉරියව්වෙන් සූර්යයා හා චන්දායා මැවීමද වම් පස දක්වා තිබෙන පිටුපස හැරී සිටින රූපයෙන් ශාක මැවීමද දක්වා ඇත. බයිබලයේ අදහස් වන දහවලට වැඩි ආලෝකයක් අවශ්‍ය බැවින් සූර්යයාද රාත්‍රියට අඩු ආලෝකයක් අවශ්‍ය බැවින් චන්ද්‍රයා ද ලෙස පහන් දෙකක් මැවීම මෙයින් නිරූපිතය. මෙම සිතුවමෙහි දෙවියන් වහන්සේ මෙන්ම ඒ පිටපු ස දේව දූතයින් පිරිසක් ද දක්වා ඇත. 

                                    Creation  Of The Sun Moon And plants නම් සිතුවමෙහි රේඛාව පිළිබඳ දක්වන විට එය ආන්ජිලෝටම ආවේණික වූ සුවිශේෂී රේඛා ශෛලිටක් වේ. මානව රූපය කලාකරුවාට භාව ප්‍රකාශවයෙහිලා ඇති උසස්ම වාක්‍ය ලෙස ඔහු අර්ථ ගැන්වීය. චිත්‍ර ඇඳීමේදී මොහු ගලක කැටයම් කරන පරිද්දෙන් පින්සල භාවිතා කර ඇත.මානව ශරීරයේ මාංශ පේෂී අවධාරණයට මුල් තැන දී තිබේ. දෙවියන් වහන්සේ දේවත්වයෙන් නොපෙන්වා සාමාන්‍ය මිනිසෙකු ලෙස දැක්වුවද මහලු වෙසක් ගෙන තිබුනද අසාමාන්‍ය කාය ශක්තියක්,තෙදවත් හා ප්‍රාණවත් බවක් මෙන්ම ගුප්ත බවක් ආරෝපණය කර ඇත. ආන්ජිලෝගේ රේඛා ඉතා ප්‍රබල වන අතර මානව ඉරියව් දැක්වීමේදී විශේෂ තැනක් ගනී. මොහුගේ නිර්මාණ වල සෘජු ඉදිරිය බලා සිටින ඉරියව් වෙනුවට භාවිතා කර ඇත්තේ ඇඹරුණු,හැරුණු,විවිධ දිශාවන්ට ඇලවූ ඉරියව් වේ. ශරීරයේ ඉනෙන් උඩ කොටස හැරී සිටින දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යටි කය හැරී තිබීම දැක්විය හැක. මෙම සිතුවම තුල දෙවියන් වහන්සේගේ මාංශ පේශී හොඳින් දක්වා තිබෙන අතර නග්න හා වස්ත්‍ර වලින් යුතු දේවදූතයන්ගේද ජවසම්පන්න මාංශ පේශී රේඛාව තුළින් පිළිබිඹු කර ඇත. පිටුපස හැරී දක්වා තිබෙන  රූපයේද දෑත් දෙපා මෙන්ම වස්ත්‍රද රේඛාවෙන් මනාව පෙන්වා තිබේ. 

                                 සිතුවමෙහි වර්ණ පිළිබඳව සදහන් කිරීමේ දී සීමිත වර්ණ ප්‍රමාණයක් භාවිතා කර ඇති බව පෙනේ. දෙවියන් වහන්සේ විශේෂ කර දැක්වීම සඳහා රතු වර්ණය යොදා ගෙන ඇත. දෙවියන් වහන්සේගේ වස්ත්‍රය රතු වර්ණයට සුදු වර්ණය මිශු කරමින් එහි ප්‍රබේද භාවිතා කර ආලෝකය හා අඳුර ඉතා හොඳින් නිරූපනය කර ඇත.එමෙන්ම දෙවියන් වහන්සේගේ වයස්ගත ස්වභාවය මුහුණේ ඉරියව් හා වර්ණ මඟින් මෙන්ම හිසකෙස් සහ රැවුල වර්ණ කිරීමෙන් පෙන්වා දෙයි. කහ වර්ණය සමඟ රතු, තැඹිලි මිශ්‍ර වර්ණ භාවිතා කරමින් සූර්යයා නිර්මාණය කර තිබෙනවා මෙන්ම අළු හා මිශ්‍රිත සුදු පැහැයක් මඟින් චන්දායා වර්ණ කර තිබේ. දෙවියන් වහන්සේ විශේෂකර දැක්වීමට රතු පැහැයද සූර්යයා විශේෂ කර දැක්වීමට කහ පැහැයද භාවිතා කර ඇති බව පෙනේ.එසේම දෙවියන් වහන්සේ වේගවත් සුළඟ සමඟ පැමිණි බව දැක්වීමට වස්ත්‍රවල සුළඟේ වේගය හා ගැටෙන පරිදි ඇදී යන ස්වරූපය නිරූපනය කිරීම ආන්ජිලෝගේ දක්ෂතාවයකි. මෙහි පසුබිම දැක්වීමේදී ඉතා ලා වර්ණයක් භාවිතා කර ඇත්තේ එයින් අවස්ථාව ඉස්මතු කර දැක්වීම සඳහා විය හැක. ශාක මවන අවස්ථාව දක්වන විට එම ස්ථානයට පමණක් කොළ වර්ණය හා මිශ්‍රිත කහ පැහැයක් සහිතව ශාක අතු කිහිපයක් හා කොළ පැහැති බිමක් දක්වා තිබේ.එසේම දේව දූතයන් ගේ වස්ත්‍ර සඳහාද අළු පැහැයට හුරු නිල් වර්ණයක් භාවිතා කර තිබේ. මේ ආකාරයෙන් මෙම සිතුවමෙහි වර්ණ භාවිතය කර ඇති ආකාරය පෙන්වා දිය හැකිය.                                                   

                               මෙම වියන්තල සිතුවම ඉතා සියුම් මටසිළුටු වයනයකින් යුක්තය. දෙවියන් වහන්සේ ඇතුළු මානව රූප වල මෙන්ම වස්ත්‍රවල ද මෙම සියුම් වයනය දැකගක හැකිය. මෙහි පසුබිමෙහි වුවද සියුම් වයනයක් වේ. එමෙන්ම මෙය ප්‍රෙස්කෝ සිතුවමක් වේ. තවද, මෙහි භාව ප්‍රකාශනය පිළිබඳව දැක්වීමේදී දෙවියන් වහන්සේගේ මුහුණේ ඉතා බැරෑරැැම් ස්වරූපයක් නිරූපනය කර ඇති බව පෙනේ. එසේම දේව දූතයන්ගේ මුහුණූවල විශ්මයජනක බව මෙන්ම දෑස් අවධානයෙන් යුක්ත බවද පෙනෙන්නට ඇත.  


MichelangeloMichelangelo, Creation Of The Sun Moon And Plants, 1511, Fresco, 280

 cm × 570 cm (110 in × 220 in), Sistine Chapel, Vatican City.


සමස්තයක් ලෙස ගත් කළ මෙහි දැක්වෙන්නේ දෙවියන් වහන්සේ විශ්වයම ආලෝකමය ධාතූන් මැවීම සිදුකරන අවස්ථාවයි. මෙහද ීදෑත දෙපසට විහිදුවා ආලෝකය විශ්වය තුළ මැවීමට ආඥාා ස්වරූපයෙන් ගාම්භීර ඉරියිව්වක යෙදී සිටින බව පෙනේ. මේ ආකාරයට ඉර සඳ හා ගහකොළ මැවීම හෙවත් Creation of The Sun Moon And plantයන ආන්ජිලෝගේ සිතුවම පිළිබඳව විස්තර කළ හැකිය.                                           




                                   

No comments:

Post a Comment