මල් බඳුනක් අසල වාඩි වී සිටින කාන්තාව
(A women seated beside a vase of flowers)
Edgar Degas, A women seated beside a vase of
flowers, 1865, oil on canvas, 73.7cm×92.7cm, H.O.havemeyer Collection.
ඉතාලි ස්ම්භාව්‍ය චිත්‍ර කලාව අධ්‍යයනය කරමින් කලා ලොවට පිවිසි එඩ්ගා පසුව උපස්ථිතිවාදී චිත්‍ර කලාවේ පුරෝගාමී සාමාජිකයෙකු විය. එඩ්ගා ඩෙගා ශාලාවක් තුළට වී ආලිංගන නැමැති නැටුම් සිතුවම් ඇඳීමට ප්‍රිය කළේය. වර්ෂ 1834 දි පැරීසියේ උපත ලැබු මොහු චිත්‍ර කලාව හැදෑරීමට පෙර නීතයි හැදෑරූ අතර පසුව බියුකිස් කලායතනයට සම්බන්ධ විය.
ඒ තුළින් චිත්‍ර කලාවේ ශාස්ත්‍රීය පදනම පිළිබඳ පුළුල් වූ අවබෝධයක් ලබා ගන්නට හැකි විය. තමා ලබාගත් දැනුම් පදනම්ව නිර්මාණය කළ අතර පසුව ඔහුට ඒ ගමන් මග වෙනස් කර නව ගමන් මගක් වෙත යොමුවීමට අවශ්‍ය විය. එඩ්ගා ඩෙගාගේ සිතුවම් සදහා ජන ජීවිතයේ විවිධාකාර වු අවස්ථා තේමාවන් වියග රෙදි විවීමල හිස පීරීමලනියපොතු පාට කිරීමලනැටුම් කණ්ඩායම් ඉන් සමහරක්යග ද්‍රව්‍යමය ප්‍රකාශ කෙරෙහි ඔහු දැඩි සේ ඇලුම් කළේයග වේදිකාව මත රංගන අවස්ථා ක්ෂණික චලනය ඉරියව් ප්‍රකාශනාත්මක සිතුවම් තුළින් විවරණය යෙදීමට ඔහු කටයුතු කළේයග ඒ අතර A
women seated beside a vase of flowers නම් මෙම සිතුවම ඔහුගේ කලා ඇසට හසු වූ අපූර්ව අවස්ථාවකිග එම අවස්ථාව ඔහුට ග්‍රහණය වූ අවස්ථාවේදීම එය සිත්තම් කර ඇත.
එමෙන්ම යථාරූපී වර්ණ භාවිතය ක්ෂණික චලන ඉරියව්, වේගවත් බුරුසු පහරවල් ඔහුගේ සිතුවම් තුළ දක්නට ලැබේ. ශක්තිමත් රේඛා භාවිතය, මාධ්‍ය සමබරව හැසිරවීම්, දිදුලන වර්ණ භාවිතය ඔහු මුහුණ දුන් අභියෝග අතර ප්‍රධාන වේ. ඉන් සාර්ථක වීමට ඔහුට හැකිවිය. ඔහුගේ මුල් කලා නිර්මාණවල වර්ණ තරමක් අඳුරු ස්වභාවයක් ගත්තද පසුව පැහැදිලි වර්ණ භාවිතයකට යොමු විය. මෙම සිතුවමෙහි කොළ පැහැති මේසයක් මත විවිධ වර්ණවලින් යුතු විශාල මල් කළඹක් සහිත මල් බඳුනක් චිත්‍රයේ කේන්ද්‍රගත වන ලෙස සංරචනය කර ඇත. මල් බඳුනට පසෙකින් එනම් චිත්‍රයේ වම් පසට වන්නට මල් බඳුන අසලින්ම කාන්තාව සංරචනය කර ඇත.මල් කළඹට දකුණු පසින් වතුර බඳුනක් සහ ඊට ඉදිරියෙන් රෙදි කැබැල්ලක් සහිතව මෙම සිතුවම සංරචනය කර ඇත.
සමබරතාවය අඛණ්ඩ ලෙස පවත්වාගෙන යාමට එඩ්ගා ඩෙගා සමත් වී ඇත. මල් කළඹට ද කුණින් ඇති කුඩා විනිවිද පෙනෙන්නා වූ වතුර භාජනයකි. එඩ්ගා ඩෙගා විසින් වතුර බඳුනේ මාධ්‍යය වන වීදුරුමය ස්වභාවය ඒ අයුරින්ම දක්වා ඇත. මේසය මත තබා ඇති කහ පැහැති රෙදි කැබැල්ලේ හි ස්වභාවය ඒ අයුරින්ම දැක්වීමට එඩ්ගා ඩෙගාට හැකි වී ඇත.
Edgar Degas, A women seated beside a vase of flowers (Detail)
මෙම
සිතුවමෙහි වම් පැත්තට වන්නට
අසුන්ගෙන සිටින වල්පින්කෝන් මැතිණිය ඇගේ දකුණු අත
තම මුහුණ මත තබා යමක්
දෙස බලා සිටින හෝ
යම් කල්පනාකාරී සිතුවිල්ලක නිමග්නව සිටිනා ආකාරයක් පෙනීයයි. මෙහි ඇති විශේෂත්වය
නම් සිතුවම් මේසයක් මත තබා ඇති
විශාල බඳුනක් සහිත විවිධ වූ
මල් වලින් පිරී ගිය මල්
කළඹ චිත්‍රයේ කේන්ද්‍රිය අරමුණ වීමය.මෙම සිතුවම
නරඹන්නාගේ දෙනෙත් පළමුවෙන්ම මල් කළඹට ආකර්ෂණීය
වී යයි. ඇතැම් විට එඩ්ගා ඩෙගා කාන්තාවට වඩා මෙම මල් කළඹට අවධානය දීමට කටයුතු කළා විය හැකිය. ඉතා උසස් වූ උපස්ථිතිවාදී කලා ලක්ෂණ වලින් හෙබි සිතුමක් වන මෙහි වර්ණ භාවිතය පිළිබඳ අධ්‍යයනයේ දී පෙනී යන
වැදගත්ම කරුණ නම් එඩ්ගා ඩෙගා විසින් භාවිත කළ වර්ණ මෙම හිතුවමේ කලාත්මක අගය ඉහළ යෑමට බලපෑ බව ය. මෙම සිතුවමෙහි වර්ණ පදාස වන ලෙස ඇස තුළ වර්ණ මිශ්‍ර වන අයුරින් ද වර්ණ කොට තිබේ.
වර්ණ කිරීමේ දී පින්සල් පහරවල් පෙනෙන සේ වර්ණ ගන්වා තිබීම විශේෂිතය. මෙහි මල් කලඹ වර්ණ ගැන්වීමේදී ඉතාමත් දීප්තිමත් වර්ණ මාලාවක් භාවිත කර ඇත. එමෙන්ම වතුර බඳුන තුළින් පිටුපස ඇති පසුබිම විනිවිද පෙනෙනා සේ වර්ණ ගන්වා ඇත පසුබිම් තුළ කොළ පැහැයෙන් යුතු ලියවැලක් දක්වා ඇත. මේසය මත තබා ඇති කහ පැහැති රෙදි කැබැල්ලේ හි ස්වභාවය ඒ අයුරින්ම දැක්වීමට එඩ්ගා ඩෙගාට හැකි වී ඇත. මෙම සිතුවම් දෙස බැලීමේදී පෙනී යන්නේ ද්‍රව්‍යවල ද්‍රව්‍යමය ස්වභාවයක් වෙනස් නොවන ලෙස සිතුවම් කර ඇති බවය.
Edgar Degas, A women seated beside a vase of flowers (Detail)
සුදු වර්ණය මූලික කර කරගෙන දම්, රතු ,රෝස, කහ,නිල් සහ කොළ යන ආදී වර්ණයන් පදාස ක්‍රමයට පින්සල් පහරවල් පෙනෙන සේ මල් කළඹ වර්ණ ගන්වා ඇත. මෙහි භාවිත කර ඇති දීප්තිමත් වර්ණමාලාව හේතුවෙන් නරඹන්නාගේ දෙනෙත් ඒ වෙත ආකර්ෂණය වී යයි. ද්විමාන තලයක් තුල සිතුවම් කර ඇති මල් කළඹෙහි ත්‍රිමාණ බව වර්ණ තුළින් මතුකර දක්වා ඇත. මෙම සිතුවමෙහි දැක්වෙන කාන්තාව කහ පාටට හුරු දුඹුරු පැහැයකින් යුතු ඇඳුමකින් සැරසී ඇත. ඇගේ කනේ සුදු පැහැති කරාබුවකි.
ඇයගේ නළල මතට ගුරු පැහැති කෙස් වැටී ඇත. ඇගේ ඇඳුම් ඇගේ හිස මත ඇති හිස් වැසුම් හා ගෙල වටා ඇති කළු පැහැති ලේන්සුව තුළින් වඩාත් උද්දීපනය වී පෙනේ.
Edgar Degas, A women seated beside a vase of flowers (Detail)
මුහුණෙහි හැඟීම් තිවුර වන ලෙස වන ලෙස සිතුවම් කර ඇත.අවස්ථානුකූලව එනම් කල්පනාකාරී හැඟීම්බර ඇයගේ මුහුණ ඊට උචිත අයුරින් දක්වා ඇත. නිකටෙහි අත තබා ගෙන සිටීමත් ඇගේ දෑස් සිතුවමින් බැහැරට යොමු වී ඇති ආකාරයෙන් එඩ්ගා ඩෙගා අවස්ථානුකූලව දක්වා ඇත.
එඩ්ගා
ඩෙගා ගේ අපූරුව වර්ණ
ගැන්වීමේ ක්‍රමවේදය එනම්, වේගවත් වූ පින්සල් පහර
තලය පුරා භාවිතය හා
පදාස ක්‍රමයෙන් වර්ණ ගැන්වීම කැන්වස්
තලයක් මත අපූර්ව ලෙස
මාධ්‍ය හැසිරීම ද්‍රව්‍යවල ද්‍රව්‍යමය ස්වභාවය ඒ අයුරින්ම නිරූපණය
කිරීමට උත්සාහ කිරීම අවකාශය තුළ වස්තූන් අපූර්ව
ලෙස සංරචනය ඔහුගේ මෙම සිතුවමේ පැහැදිලිව දැකගත හැකි ලක්ෂණ වේ.
ඒ අනුව ඔහු චිත්‍ර
කලාවේ මූලිකාංග ඉතාමත් උචිත අයුරින් යොදා
ගෙන ඇති බව පෙනී
යයි.
❤❤
ReplyDeletegrate
ReplyDelete♥️♥️
ReplyDelete