තරු පිරි රැය
The Starry Night
Vincent van Gogh ,The Starry Night (1853–1890)
1889. Oil on canvas, 29 x 36 1/4" (73.7 x 92.1 cm)
තරු පිරි dය ලෙස හඳුන්වන මෙම සිතුවම 19 වන සියවසේ ඕලන්දයේ උපත ලද වින්සන්ට් වැන්ගෝ නම් ශිල්පියාගේ නිර්මාණයකි. ඔහු චිත්‍ර ශිල්පියෙක් සේම සැලසුම් ශිල්පියෙකු ද වේ. කලක් දේවගැතිවරයෙකු වීමට පුහුණුව ලැබූ ඔහු වර්ෂ 1878 දී පියමේ පතල්කරුවන්ට ආගමික උපදේශන සැපයීමෙන් තමා සිතු ලෝකය ගොඩනගා ගැනීමට නොහැකි බව අවබෝධ කොට ගෙන අවසානයේ චිත්‍ර කලාව තම මාර්ගය බවට තෝරා ගත්තේය.
පිවිතයේ සිත් තැවුල් නොඅඩුව විඳි වැන්ගෝ මනුෂ්‍යත්වය හඳුනාගත් සානුකම්පිත හදවතක් ඇති ශිල්පියෙකු ලෙස චිත්‍රමය භාෂාව තුළින් තම විවෘත අදහස ජනතාව වෙත ඉදිරිපත් කළේය.
උපස්ථිතිවාදී
ශිල්පින් වන පෝල් නොගැන් හා පෝල් සෙසාත් ගේ ආභාෂය ඇසුරින් වැන්ගෝ ගේ ශිල්පී චරිතය ගොඩනැගුණි. ඔහු උපස්ථිතිවාදී හා යථාර්තවාදී කලා ලක්ෂණ ද්විත්වය ආභාෂයට ගනිමින් තමන්ගේ චිත්ත අභ්‍යන්තරික ප්‍රකාශන නිරූපනය කිරීමේ අරමුණින් නව ආරක සිතුවම් කළේය. මෙම ශෛලිය පශ්චාත් උපස්ථිතිවාදය ලෙස හඳුන්වයි. මෙය ප්‍රකාශනවාදී ශෛලියකි. වැන්ගෝ ගේ චිත්‍ර සඳහා භූමි දර්ශන ගෘහ අභ්‍යන්තරික දර්ශන හා ආගඛ්‍ය පදනම් වී ඇත.
උදා - තරු පිරි රැය. සයිප්‍රස් ගස්, රාත්‍රී අවන්හල
තැන්වසය මත තෙල් සායම් භාවිතය වැන්ගෝ ගේ වර්ණ මාධ්‍ය වූ අතර සම්භාව්‍ය ක්‍රම භාවිතා කළේ නැත. කැන්වසය මත ටියුබයෙන් වර්ණ සිරිකා හැරීමෙන් විවිධ වූ වර්ණ තැවරීමෙන් වර්ණ මිශ්‍ර කර පෙන්වීම මොහුගේ ලක්ෂණයකි.
"පැලටය මත වර්ණ මිශ්‍ර කරනවා වෙනුවට චිත්‍ර තලය මත වර්ණ මිශ්‍ර තල සිත්තරා ලෙස වැන්ගෝ හැඳින්විය. (ප්‍රේමානන්ද .2013. පි.201)
තරු පිරි රැය සිතුවම පිළිබඳව දක්වන විට ස්වාභාවික පරිසරයේ වන රාත්‍රී අහසත දර්ශනයක් ස්වභාවයෙන් ඔබ්බට ගොස් කළ අලංකාර සිතුවමක් ලෙස කිව හැක.මෙම සිතුවම ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ Museum Of Modern Art හි දැකගත හැකිය. මෙම සිතුවමින් නිම්නයක පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක ලාම්පු එළියෙන් ආලෝකමත් වී ඇති නිවාස සහිත සඳ තරු පිරි අහසක් දැක්වෙන රාත්‍රී දර්ශනයකි.කවුළුවකින් බැලූ කළ පෙනෙන රාත්‍රී අහසක් ලෙස ද මෙය දක්වා ඇත. සිතුවමක කලාත්මක ඇගයීමක් සිදු කරන විට එයින් පිළිඹිබු වන දෘෂ්‍ය කලා මූලිකාංග පිළිබඳ අවධානය යොමු කළ යුතුය.තරු පිරි do (The Stary Night) සිතුවම ගත් විට එහි රේඛාව වේගවත් මෙන්ම රිද්මයානුකූල වේ.මෙහිදී වක්‍රාකාර රිද්මයානුකුල රේඛා ඉතා වැදගත් වේ.වැන්ගෝ ගේ ප්‍රකාශනවාදී ශෛලිය තුල භාවිත මෙම වේගවත් රිද්මයානුකූල කැඩී දොර සහිත හෝ දිගු රේඛා බහුලව මේ සිතුවම තුළ දැකගත හැකිය.
The Starry Night, Vincent van Gogh (Dutch, 1853–1890) 1889. Oil on canvas, 29 x 36 1/4" (73.7 x 92.1 cm)
තරු පිරි රැස සිතුවමෙහි භාවිත වර්ණ ඉතා දීප්තිමත් වර්ණ වේ.නිල් පැහැයේ හා කහ පැහැයේ ප්‍රබේද වලින් මෙම සිතුවම වර්ණ කර ඇත. මෙම වර්ණ මූලික වර්ණ අතරින් ද්විත්වයක් වනවා මෙන්ම කහ වර්ණය උෂ්ණ වර්ණයක්ද, නිල් වර්ණය ශීත වර්ණයක්ද වේ.ඊට අමතරව වැන්ගෝ කළු සහ සුදු වර්ණ භාවිතා කර ඇත. ප්‍රචණ්ඩත්වයක් දක්වන අහස නිල් පැහැයේ ප්‍රබේද වලින් වර්ණ කර ඇත. වලාකුළු නිල් පැහැය සමඟ සුදු මිශ්‍ර කර රිද්මයානුකූලව දක්වා ඇත. එමෙන්ම සිතුවමේ මැදබිම හා පෙරබිම ද නිල් පැහැති වේ. පෙර බිමෙහි වන දඟරව ඉහළට විහිදෙන සයිපුස් ගස සඳහා තද කොළ වර්ණයක් භාවිත කර තිබේ. සඳ හා තාරකා සහ පැහැයේ ප්‍රබේද වලින් කර ඇත.මෙම සිතුවම පශ්චාත් උපස්ථිතිවාදී කලා යුගයට අයත් වේ. වර්ණය මගින් ආලෝකය අඳුර මෙන්ම පසුබිමෙහි ඇති වස්තූන්ද අවධාරණය කර දක්වා ඇත.
චිත්‍රයත අර්ථ ප්‍රකාශනයෙහිලා හැඩතල භාවිතය වැදගත් වේ.මෙහිදී හැඩතල ලෙස ජ්‍යාමිතික නොවන හැඩතල භාවිතා කරමින් නිර්මාණය තර ඇත.සයිප්‍රස් ගස් ඇඳීමේදී රිද්මයානුකූල හැඩතල භාවිතා කර ඇත.තවද මෙහි වන නිවාස සඳහා සෘජුකෝණාස්‍රාකාර, ත්‍රිකෝණාකාර හැඩතල ආශ්‍රිත හැඩතල යොදා ගෙන තිබේ. හැඩතල මෙන්ම අවකාශය භාවිතයද දෘෂ්‍ය කලා කෘතියක වැදගත් අංගයකි. තරු පිරි රැය කලා කෘතිය තුළ අවකාශය භාවිතය මැනවින් නිරූපනය කර ඇත. මෙහි මූලික වශයෙන් පෙරසීම මැදසීම හා පසුබිම පැහැදිලිව පෙනේ.
තරු පිරි රැය නමැති මෙම සිතුවම ද්විමාන තලයක් මත සිදුකර ඇත. මෙහි ත්‍රිමාණ ලක්ෂණ බොහෝමයක් හඳුනාගත නොහැකි නමුදු යම්තාක් දුරකට ත්‍රිමාණ ලක්ෂණ පෙනෙන අවස්ථාද ඇත. සයිප්‍රස් ගසෙහි මෙන්ම නිවාස වල හා ගොඩනැගිලි ත්‍රිමාණ ලක්ෂණ වලින් යුක්තය. එම ලක්ෂණ වැන්ගෝ පිළිඹිබු තර ඇත්තේ වර්ණ වලිනි. මෙම සිතුවමෙහි ශෛලිය පිළිබඳව දක්වන විට වින්සන්ට වැන්ගෝටම ආවේණික වූ ප්‍රකාශනවාදී ශෛලියෙන් කර ඇත. එනම් ස්වභාවික හැඩ විකෘති ස්වරූපයක් බවට හැරවීමේ ලක්ෂණයයි. මෙම සිතුවම ඉතා ප්‍රවේශකාරී සිතුටමක් ලෙසද හැඳින්විය හැකිය. මෙම චිත්‍රය මහන් වැන්ගෝ ප්‍රකාශ කරන්නේ ස්වකීය චිත්ත අභ්‍යන්තරික වේදනා පිළිබඳ ප්‍රකාශනයකි.
සමස්තයක් ලෙස මෙම සිතුවමෙහි අන්තර්ගතය ගත්විට බැලූ බැල්මට හඳුනාගත හැකි පරිදි රේඛා වර්ණ හා හැඩතල භාවිතා කර ඇත. මෙ මඟින් චන්ද්‍රයා හා තාරතා ආලෝකයෙන් වර්ණවත්ව රාත්‍රී අහසක දර්ශනයක් සහිත බව මනාව පැහැදිළි වේ. විවිධ පුද්ගලයින් විවිධ කෝණ වලින් බලන විට සිතුවමට නොයෙක් අර්ථ ලබාදී ඇත. අප මෙය රාත්‍රී අහසක දර්ශනටත් ලෙස බැලුවද මෙය වැන්ගෝ තම නිදන කාමරයේ තවුළුවෙන් දතින රාත්‍රී අහස බව ඇතැමෙකු සඳහන් කර ඇත.මෙම සිතුවම තුළින් එම ප්‍රදේශයේ වන සමාජ තත්වය මෙන්ම ආගමික තත්වයද සිත්තම් කර ඇත. නිමතයක පිහිටා ඇති ග්‍රාමීය පරිසරයක විමිනි ආයලෝකයෙන් ආලෝකමත් වී ඇති නිවාස මගින් සමාපිය ස්වරූපයත් සිතුවමෙහි වන දේවස්ථානයෙන් ආගමික ස්වරූපයක් අපෙනේ.
මේ ආකාරයට වැන්ගෝ විසින් කළ තරු පිරි රැය (The Starry Night) සිතුවම කලාත්මක ලක්ෂණ මෙන්ම දෘෂ්‍ය කලාවේ මුලිකාංග භාවිතා කරමින් තම තෙළිතුඩෙන් කළ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස දැක්විය හැක.
No comments:
Post a Comment