Pages

Friday, November 29, 2024

 තරු පිරි රැය 

The Starry Night




Vincent van Gogh ,The Starry Night (1853–1890) 1889. Oil on canvas, 29 x 36 1/4" (73.7 x 92.1 cm)



තරු පිරි dය ලෙස හඳුන්වන මෙම සිතුවම 19 වන සියවසේ ඕලන්දයේ උපත ලද වින්සන්ට් වැන්ගෝ නම් ශිල්පියාගේ නිර්මාණයකි. ඔහු චිත්‍ර ශිල්පියෙක් සේම සැලසුම් ශිල්පියෙකු ද වේ. කලක් දේවගැතිවරයෙකු වීමට පුහුණුව ලැබූ ඔහු වර්ෂ 1878 දී පියමේ පතල්කරුවන්ට ආගමික උපදේශන සැපයීමෙන් තමා සිතු ලෝකය ගොඩනගා ගැනීමට නොහැකි බව අවබෝධ කොට ගෙන අවසානයේ චිත්‍ර කලාව තම මාර්ගය බවට තෝරා ගත්තේය.

පිවිතයේ සිත් තැවුල් නොඅඩුව විඳි වැන්ගෝ මනුෂ්‍යත්වය හඳුනාගත් සානුකම්පිත හදවතක් ඇති ශිල්පියෙකු ලෙස චිත්‍රමය භාෂාව තුළින් තම විවෘත අදහස ජනතාව වෙත ඉදිරිපත් කළේය.

උපස්ථිතිවාදී

ශිල්පින් වන පෝල් නොගැන් හා පෝල් සෙසාත් ගේ ආභාෂය ඇසුරින් වැන්ගෝ ගේ ශිල්පී චරිතය ගොඩනැගුණි. ඔහු උපස්ථිතිවාදී හා යථාර්තවාදී කලා ලක්ෂණ ද්විත්වය ආභාෂයට ගනිමින් තමන්ගේ චිත්ත අභ්‍යන්තරික ප්‍රකාශන නිරූපනය කිරීමේ අරමුණින් නව ආරක සිතුවම් කළේය. මෙම ශෛලිය පශ්චාත් උපස්ථිතිවාදය ලෙස හඳුන්වයි. මෙය ප්‍රකාශනවාදී ශෛලියකි. වැන්ගෝ ගේ චිත්‍ර සඳහා භූමි දර්ශන ගෘහ අභ්‍යන්තරික දර්ශන හා ආගඛ්‍ය පදනම් වී ඇත.

උදා -  තරු පිරි රැය. සයිප්‍රස් ගස්, රාත්‍රී අවන්හල

තැන්වසය මත තෙල් සායම් භාවිතය වැන්ගෝ ගේ වර්ණ මාධ්‍ය වූ අතර සම්භාව්‍ය ක්‍රම භාවිතා කළේ නැත. කැන්වසය මත ටියුබයෙන් වර්ණ සිරිකා හැරීමෙන් විවිධ වූ වර්ණ තැවරීමෙන් වර්ණ මිශ්‍ර කර පෙන්වීම මොහුගේ ලක්ෂණයකි.

"පැලටය මත වර්ණ මිශ්‍ර කරනවා වෙනුවට චිත්‍ර තලය මත වර්ණ මිශ්‍ර තල සිත්තරා ලෙස වැන්ගෝ හැඳින්විය. (ප්‍රේමානන්ද .2013. පි.201)


තරු පිරි රැය සිතුවම පිළිබඳව දක්වන විට ස්වාභාවික පරිසරයේ වන රාත්‍රී අහසත දර්ශනයක් ස්වභාවයෙන් ඔබ්බට ගොස් කළ අලංකාර සිතුවමක් ලෙස කිව හැක.මෙම සිතුවම ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ Museum Of Modern Art හි දැකගත හැකිය. මෙම සිතුවමින් නිම්නයක පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක ලාම්පු එළියෙන් ආලෝකමත් වී ඇති නිවාස සහිත සඳ තරු පිරි අහසක් දැක්වෙන රාත්‍රී දර්ශනයකි.කවුළුවකින් බැලූ කළ පෙනෙන රාත්‍රී අහසක් ලෙස ද මෙය දක්වා ඇත. සිතුවමක කලාත්මක ඇගයීමක් සිදු කරන විට එයින් පිළිඹිබු වන දෘෂ්‍ය කලා මූලිකාංග පිළිබඳ අවධානය යොමු කළ යුතුය.තරු පිරි do (The Stary Night) සිතුවම ගත් විට එහි රේඛාව වේගවත් මෙන්ම රිද්මයානුකූල වේ.මෙහිදී වක්‍රාකාර රිද්මයානුකුල රේඛා ඉතා වැදගත් වේ.වැන්ගෝ ගේ ප්‍රකාශනවාදී ශෛලිය තුල භාවිත මෙම වේගවත් රිද්මයානුකූල කැඩී දොර සහිත හෝ දිගු රේඛා බහුලව මේ සිතුවම තුළ දැකගත හැකිය.
                     


The Starry Night, Vincent van Gogh (Dutch, 1853–1890) 1889. Oil on canvas, 29 x 36 1/4" (73.7 x 92.1 cm)


තරු පිරි රැස සිතුවමෙහි භාවිත වර්ණ ඉතා දීප්තිමත් වර්ණ වේ.නිල් පැහැයේ හා කහ පැහැයේ ප්‍රබේද වලින් මෙම සිතුවම වර්ණ කර ඇත. මෙම වර්ණ මූලික වර්ණ අතරින් ද්විත්වයක් වනවා මෙන්ම කහ වර්ණය උෂ්ණ වර්ණයක්ද, නිල් වර්ණය ශීත වර්ණයක්ද වේ.ඊට අමතරව වැන්ගෝ කළු සහ සුදු වර්ණ භාවිතා කර ඇත. ප්‍රචණ්ඩත්වයක් දක්වන අහස නිල් පැහැයේ ප්‍රබේද වලින් වර්ණ කර ඇත. වලාකුළු නිල් පැහැය සමඟ සුදු මිශ්‍ර කර රිද්මයානුකූලව දක්වා ඇත. එමෙන්ම සිතුවමේ මැදබිම හා පෙරබිම ද නිල් පැහැති වේ. පෙර බිමෙහි වන දඟරව ඉහළට විහිදෙන සයිපුස් ගස සඳහා තද කොළ වර්ණයක් භාවිත කර තිබේ. සඳ හා තාරකා සහ පැහැයේ ප්‍රබේද වලින් කර ඇත.මෙම සිතුවම පශ්චාත් උපස්ථිතිවාදී කලා යුගයට අයත් වේ. වර්ණය මගින් ආලෝකය අඳුර මෙන්ම පසුබිමෙහි ඇති වස්තූන්ද අවධාරණය කර දක්වා ඇත.

චිත්‍රයත අර්ථ ප්‍රකාශනයෙහිලා හැඩතල භාවිතය වැදගත් වේ.මෙහිදී හැඩතල ලෙස ජ්‍යාමිතික නොවන හැඩතල භාවිතා කරමින් නිර්මාණය තර ඇත.සයිප්‍රස් ගස් ඇඳීමේදී රිද්මයානුකූල හැඩතල භාවිතා කර ඇත.තවද මෙහි වන නිවාස සඳහා සෘජුකෝණාස්‍රාකාර, ත්‍රිකෝණාකාර හැඩතල ආශ්‍රිත හැඩතල යොදා ගෙන තිබේ. හැඩතල මෙන්ම අවකාශය භාවිතයද දෘෂ්‍ය කලා කෘතියක වැදගත් අංගයකි. තරු පිරි රැය කලා කෘතිය තුළ අවකාශය භාවිතය මැනවින් නිරූපනය කර ඇත. මෙහි මූලික වශයෙන් පෙරසීම මැදසීම හා පසුබිම පැහැදිලිව පෙනේ.

තරු පිරි රැය නමැති මෙම සිතුවම ද්විමාන තලයක් මත සිදුකර ඇත. මෙහි ත්‍රිමාණ ලක්ෂණ බොහෝමයක් හඳුනාගත නොහැකි නමුදු යම්තාක් දුරකට ත්‍රිමාණ ලක්ෂණ පෙනෙන අවස්ථාද ඇත. සයිප්‍රස් ගසෙහි මෙන්ම නිවාස වල හා ගොඩනැගිලි ත්‍රිමාණ ලක්ෂණ වලින් යුක්තය. එම ලක්ෂණ වැන්ගෝ පිළිඹිබු තර ඇත්තේ වර්ණ වලිනි. මෙම සිතුවමෙහි ශෛලිය පිළිබඳව දක්වන විට වින්සන්ට වැන්ගෝටම ආවේණික වූ ප්‍රකාශනවාදී ශෛලියෙන් කර ඇත. එනම් ස්වභාවික හැඩ විකෘති ස්වරූපයක් බවට හැරවීමේ ලක්ෂණයයි. මෙම සිතුවම ඉතා ප්‍රවේශකාරී සිතුටමක් ලෙසද හැඳින්විය හැකිය. මෙම චිත්‍රය මහන් වැන්ගෝ ප්‍රකාශ කරන්නේ ස්වකීය චිත්ත අභ්‍යන්තරික වේදනා පිළිබඳ ප්‍රකාශනයකි.

සමස්තයක් ලෙස මෙම සිතුවමෙහි අන්තර්ගතය ගත්විට බැලූ බැල්මට හඳුනාගත හැකි පරිදි රේඛා වර්ණ හා හැඩතල භාවිතා කර ඇත. මෙ මඟින් චන්ද්‍රයා හා තාරතා ආලෝකයෙන් වර්ණවත්ව රාත්‍රී අහසක දර්ශනයක් සහිත බව මනාව පැහැදිළි වේ. විවිධ පුද්ගලයින් විවිධ කෝණ වලින් බලන විට සිතුවමට නොයෙක් අර්ථ ලබාදී ඇත. අප මෙය රාත්‍රී අහසක දර්ශනටත් ලෙස බැලුවද මෙය වැන්ගෝ තම නිදන කාමරයේ තවුළුවෙන් දතින රාත්‍රී අහස බව ඇතැමෙකු සඳහන් කර ඇත.මෙම සිතුවම තුළින් එම ප්‍රදේශයේ වන සමාජ තත්වය මෙන්ම ආගමික තත්වයද සිත්තම් කර ඇත. නිමතයක පිහිටා ඇති ග්‍රාමීය පරිසරයක විමිනි ආයලෝකයෙන් ආලෝකමත් වී ඇති නිවාස මගින් සමාපිය ස්වරූපයත් සිතුවමෙහි වන දේවස්ථානයෙන් ආගමික ස්වරූපයක් අපෙනේ.

මේ ආකාරයට වැන්ගෝ විසින් කළ තරු පිරි රැය (The Starry Night) සිතුවම කලාත්මක ලක්ෂණ මෙන්ම දෘෂ්‍ය කලාවේ මුලිකාංග භාවිතා කරමින් තම තෙළිතුඩෙන් කළ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස දැක්විය හැක.



Tuesday, November 26, 2024

 ඇපල් වට්ටිය 

( Still life with Basket of apple)




    Paul Cezanne, The Basket of Apple, 1893, Oil on Canvas, 65 cm x  80 cm, Art Institute of Chicago.


ත්‍රිමාන ද්‍රව්‍යය සමතල කැන්වසයක් තුළ නිරූපණය කළ හැක්කේ කෙසේද ? චිත්‍ර කලාව තුළ මේ ප්‍රශ්නයට සම්ප්‍රදායික විසඳුමක් විය. එනම්, රේඛීය පර්යාලෝකය (linear per- spective) යි. එනමුත් පර්යාලෝක න්‍යාය අනුගමනය කළ හැක්කේ නිශ්චල නරඹන්නෙකු හා නිශ්චල ඇසත් පිළිබඳ පැහැදිලි විශ්වාසයක් ඇති සිත්තරෙකුට පමණි. නරඹන්නා නිශ්චල නොවේ නම්, ලෝකය පිළිබඳ අචල දෘෂ්ටියක් හේතුයුක්ත කරන්නා වූ දේවවාදී මෙන්ම ලෞකික අධිකාරි ව්‍යුහයන් ද දුර්වල වෙමින් පවතින්නේ නම් සිත්තරා විසින් අවකාශ ගත වස්තූන් නිරූපණය කරනු ලබන්නේ කෙසේ ද?

ද්‍රව්‍යයට හා අවකාශයට අදාල කලොත්මක ඥානය සම්බන්ධ - යෙන් මතු වූ එම ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා චිත්‍ර කලාව උඩුයටිකුරු කළ යුතු විය. ද්‍රව්‍යය හා අවකාශය පිළිබඳ අනුකරණාත්මක ඡායාරූපයක් නිර්මාණය කිරීමට ඇපකැප වී සිටි චිත්‍ර කලාවට ඉන් එල්ල කෙරුණේ බරපතල අභියෝගයකි. ඒ සඳහා ආගමික හා පුරාණෝක්තිමය නිරූපණ මෙන් ම මනෝ විද්‍යාත්මක හා ආඛ්‍යානමය නිරූපණ ද පිටුදැකිය යුතු විය. එවැනි අරමුණු පෙරදැරි කර ගැනීම යටකී සාරගවේෂණයට බාධාවක් වන බව කිව යුතු නොවේ. කතන්දර කියන චිත්‍ර, හැඩරුව තරාතිරම ගැන කියන චිත්‍ර, ආගම හා දෙවියන් ගැන කියන චිත්‍ර, මනෝභාව හා මනෝගති පළ කරන චිත්‍ර යනාදි සම්ප්‍රදායික ප්‍රභේද හෙවත් ශානර පිටුදැකිය යුතු විය.

සෙසාන්ගේ ආකෘතිකවාදී නැඹුරුව ද්‍රව්‍යවාදය සමඟ සමපාත වු න්‍යායික නැඹුරුවක් බව අවධාරණය කළ මනාය. චිත්‍ර කලාවේ දී සොබාදහම සමඟ සම්බන්ධ වී වර්ධනය කර ගත්තා වූත්, භාවිතයෙහි යෙදන්නාවුත් සියල්ල න්‍යාය වන්නේ යැයි සෙසාන් පැවසීය. සෙසාන්ගේ අවධානයට යොමු වූයේ සොබා දහමේ ස්වරූපය හා චිත්‍රයක මතුපිට සමතල ස්වභාවය (flatness of a painting) පිළිබඳ දාර්ශනික සත්‍යය අතර සුසංයෝජනය වන බව කලා දාර්ශනිකයෝ පෙන්වා දෙති.

සෙසාන්ගේ විශ්වාසය වූයේ චිත්‍ර කලාවෙන් සිදු කරන්නේ ප්‍රතිනිර්මාණයක් ceproduction) නොව නිරූපණයක් (representa- tion) බව යි. සොබා දහමේ හා සංස්කෘතියේ වස්තු සමතල කැන් වසයක් තුළ නිරූපණය කිරීමේ දාර්ශනික හා කලාත්මක ගැටලුවට ඔහු මුහුණ දුනි. සෙසාන් කල්පනා කළ පරිදි චිත්‍ර කලාව ද සොබා දහමට හා ද්‍රව්‍යමය සංස්කෘතියට සමාන්තර ලෙස දිවෙන ස්වාධීන ක්ෂේත්‍රයකි. ස්වකීය නීතිරීති අනුව නිරූපණාත්මක කර්තව්‍යයෙහි යෙදෙන චිත්‍ර කලාව වර්ණය මූලික කර ගනිමින් හැඩතල හා ආකෘති නිර්මාණය කරයි. සෙසාන්ට අනුව රේඛාව හෝ ආලෝකය හා අඳුර (light and shade) හෝ කියා දෙයක් චිත්‍ර කලාවේ නැත. රේඛාව යනු වර්ණ හෝ වර්ණ තාන අතර වෙනස යි ආකෘති හා හැඩතල සමඟ වර්ණය ඉදිරියට යද්දී චිත්‍රය සම්පුර්ණ වේ. එම ගමනේ ගමනාන්තයම මිස වෙන අරමුණක් චිත්‍ර කලාවට තිබිය නොහැකි ය. කථාන්දර කීමේ චිත්‍ර කලාව නරක සාහිත්‍යය (bad litent- ture) ලෙස හැඳින් වූ ඔහුට සිය චිත්‍ර මඟින් කථාකරුවෙකු වීමට හෝ මනෝ විද්‍යාඥයකු වීමට හෝ වුවමනා වූයේ නැත.

විශේෂ උගතෙකු හෝ විධිමත් ගුරුකුල අධ්‍යාපනය ලද්දෙකු හෝ නොවූ හෙතෙම සෙමින් නමුත් තිරසර අදිටනින් යුතුව සමතල කැන් වසයක් මත ද්‍රව්‍ය නිරූපණය පිළිබඳ ගැටලු සමඟ අරගල කළේය. ඔහු කලා ශිෂ්‍යයකු ලෙස ප්‍රංශ කලා පාසැලට ප්‍රවිෂ්ට වීම සඳහා දරන ලද ප්‍රයත්නය පවා අසාර්ථක විය. චිත්‍ර කලා ඉතිහාසය තුළ ඔහු තරම් හුදකලා වූ චිත්‍ර ශිල්පියෙකු තවත් නැත. ඒ නමුත් එක් අතකින් ඔහු වාසනාවන්තයෙකි. ඊට හේතුව වෙන්නේ බොහිමියානු කලාකරුවන්ගේ මට්ටමින් ඔහු ධනවතෙකු වීම යි. කලාකරුවකු ලෙස ඔහු සිය ධනවත් පියාගෙන් ලැබුණු දීමනාවක් නිසා අසාමාන්‍ය වාසනාවකට උරුමකම් කියූ බවත්, එක සිතින් හා දැඩි පරිශ්‍රමයකින් චිත්‍ර ධාරකය ඉදිරිපිට දිගින් දිගටම වැඩ කිරීම සඳහා ජීවිතය කැප කිරීමට අවස්ථාව ලැබුණු බවත් ඒඩ්‍රියන් ෆෝක් සඳහන් කරයි.

ස්කන්ධමය වස්තු ලෙස ද්‍රව්‍යය නිරූපණය කිරීමෙහි ලා සෙසාන් තුළ පැවතුණ හැකියාව ඇපල් වට්ටිය සහිත නිසල රූ නමැති චිත්‍රය මඟින් කදිමට පෙන්නුම් කෙරේ. තවද, මේ චිත්‍රය තුළ ඇති වස්තු සම්භාරයට සිත්තරා විසින් කිසියම් දෘෂ්ටිමය වටිනාකමක් ද ලබා දී ඇති බව පෙනේ. ඒ වස්තු සියල්ල ලෝකය තුළ පවතිනවාට අමතරව මිනිස් ඇසක් ඉදිරියේ විද්‍යමාන වන බව ද පෙන්නුම් කර තිබේ. මේ බඩු මේසය හුදෙක් ඒ අයුරින් සැබෑ ලෝකය තුළ පවතින්නක් පමණක් නොව අප විසින් අපේ ඇසින් දකිනු ලබන්නකි. මින් පවසනු ලබන තවත් අතුරු කථාවක් ඇත. එනම්, මේ චිත්‍රය තුළම නරඹන්නෙකුගේ භූමිකාව ද ඇතුළත් බවයි. ඒ අතින් මානුෂික පැවැත්මක් හෙවත් සාංදෘෂ්ටික  භාවයක් (exsitential standpoint) පිළිබඳ නිවේදනයක් ද මේ චිත්‍රයේ සංරචනයෙහි ඇතුළත් ය. එය ප්‍රචාරාත්මක නිවේදනයක් නොව කලා කෘතියේ රසභාව තුළ ම පවත්නා නිවේදනාත්මක මනෝභාවයක් බව කිව යුතුය. මුළු මහත් මේසයෙහි ඇත්තේ ජල ප්‍රවාහයක් මෙන් නරඹන්නා වෙත ගලා එන ස්වරූපයකි. එය නාය යන පොළොවකට සමාන බව ද පැවසිය හැකිය. වයින් බෝතලයේ දෙපැත්ත සමබර නැත.


                  Paul Cezanne, The Basket of Apple (Detail), 1893, Oil on Canvas, 65 cm x  80 cm, Art Institute of Chicago.

එහි නිරූපණය වී ඇත්තේ දෙපැත්තකින් හෙවත් දෘෂ්ටි කෝණ දෙකකින් දකිනු ලැබූ අයුරකි. පිඟානෙහි තබා ඇති ඥානකතා වැනි පිටි අවුළු රැස ද, කොයිල් ස්ප්‍රිනයක් මෙන් උඩට පැතිරි ඇත. මින් පෙනෙන්නේ ඒ සියල්ල නිරීක්ෂණ ප්‍රතිඵල මෙන් සටහන් කර ඇති බවයි. සෙසාන්ගේ චිත්‍රවල දක්නට ලැබෙන දෘෂ්ටිමය දෝෂ වලට (visual inaccuracies) හේතුව ද මෙය යි. ඒවා සිතුවම් කර ඇත්තේ චිත්‍ර ශිල්පියාගේ වෙනස් වන දෘෂ්ටි කෝණයකිනි(moving view points). ද්‍රව්‍ය හා සිත්තරා අතර අචල හා ඒකීය ද්‍රව්‍ය - දෘෂ්ටි සබඳතාවක් වෙනුවට බහුත්ව ද්‍රව්‍ය - දෘෂ්ටි සබඳතාවක් පැවතුණු බව එමඟින් පෙන්නුම් කෙරේ.




 

Tuesday, November 12, 2024

වීනස්ගේ උපත සිතුවම (The Birth of Venus)

 වීනස්ගේ උපත සිතුවම  

 (The Birth of Venus)


                                        Sandro Botticelli, The birth of Venus, 1485, Tempera on canvas, 278'5 cm, Uffizi gallery.


                 සාන්දරෝ බොත්තිචෙල්ලි නම් ශිල්පියා විසින් චිත්‍රණය කරනු ලැබූ සිතුවමක් ලෙස වීනස්ගේ උපත සිතුවම හැඳින්විය හැකිය. පුනරුද සමයේ ප්‍රසිද්ධියට පත්වූ ශිල්පියෙකු ලෙස මොහු හඳුනාගත හැකි අතර මොහු සිතුවම් සඳහා ආභාෂය කොට ගත්තේ කිතුනු ආගමට සම්බන්ධ වූ පුරාවෘත්ත සිද්ධීන්ය. මෙම සිතුවමින් නිරූපණය වනුයේ වීනස් දෙවගන ගේ උපතයි. මෙය කැන්වසය මත ටෙම්පරා මාධ්‍යයෙන් කරන ලද්දකිවීනස් දෙවගන ආදරේට හා සශ්‍රීකත්වයට අධිපති ලෙස රෝමවරු සලකති. ඇය සමුදුරෙන් උපත ලැබූ බව ග්‍රීක කවියකු වන හෙසියොඩ් ගේ සඳහනක දැක්වේ. මෙකී සිතුවම එම අදහස් වලට හා පුරාවෘත්තවලට අනුව ගොඩනැඟීමට ශිල්පියා උත්සුක වී ඇත.

                  සිතුවමේ ප්‍රධාන චරිතය වන වීනස් දෙවගන සිතුවම දකුණු පසට මදක් බරව නිරූපණය කර ඇත. සිප්පි කටුවක් ඇයට සිටගෙන සිටීමට වාරු දෙන ආකාරයක් පෙනේමෙහි වීනස් දෙවගන ගේ කේශ කලාපය වැඩි අවධානයක් යොමු කර ඇති බවක් රසිකයාට පැහැදිලි වෙයි. එය කහ පැහැය මිශ්‍රිත වර්ණයකින් දක්වා ඇත. හිසකෙස් සිහින් රේඛාවලින් දක්වා ඇති අතර අඳුරු වන ස්ථාන තද පැහැයෙන් යුතුව තාත්විකව දක්වා ඇත. නිකැලැල් පරිපූර්ණ මුහුණක් දෙවඟනට ලබාදීමට ශිල්පියා උත්සුක වී ඇතසිතුවමේ වම් පසින් සෙෆරිස් හා ක්ලොරිස් නම් අප්සරාවන් දක්වා ඇතඑමෙන්ම අප්සරාවන්ගේ කේශ කලාපය, පියාපත් ආදියද සියුම් රේඛාවෙන් විස්තරාත්මකව දක්වා ඇති බව හා වස්ත්‍රයන් ගේ නම්‍යශීලී ස්වභාවය රිද්මයානුකූලව දැක්වීමටත් ශිල්පියා කටයුතු යොදා ඇතඔවුන් වීනස් රුව උදෙසා සුළං පිඹින ආකාරයක් නිරූපිත. එය ඔවුන්ගේ මුහුණේ ස්වභාවය හා මුහුණේ මාංශ පේශි ක්‍රියාකාරීත්වය තුළින් දක්වා ඇත. ඔවුන්ගේ දෙකම්මුල් පිම්බී ඇති ආකාරය හා එමගින් වායු ධාරා පිටවන ආකාරය පෙනී යයි. මෙහිදී සිතුවමේ එක් එක් කොටස් සඳහා වර්ණ පදාස භාවිත කර සිතුවමට අගයක් ලබාදී ඇතසිතුවමෙහි මුහුදු වෙරළ සිතුවම් කර ඇති ආකාරය පර්යාවලෝකන ලක්ෂණ නිරූපණය කරන අතර පසෙකින් ඇති ගස්වැල් සියුම් රේඛා භාවිතය මගින් ඉස්මතු කොට දක්වා ඇතඇතැම් කලා විචාරකයන් පවසනුයේ කැපිටෝලියන් නම් ප්‍රතිමාව වීනස් දෙවගන ගේ රුව නිර්මාණයට ආභාෂ කරගන්නා ලද බවයි. මෙහිදී ප්‍රතිමාව හා වීනස් දෙවගනගේ සිතුවම නග්න නිරූපණය වීමත්, දෙයත් වලින් විලි වසා ගැනීමට තැත් කිරීමත් සමාන ලක්ෂණ පෙන්වයි



                                           Praxitels, Capitoline Venus, 4c, Marble medium, 193cm, Capitoline Musuem, Rome'


                                       Sandro Botticelli, The birth of Venus, 1485, Tempera on canvas, 278'5 cm, Uffizi gallery.

 

කාන්තා දේහ නාරි ලාලිත්‍ය හා ත්‍රිභංග වූ ස්වභාවය ප්‍රතිමාවෙන් හා සිතුවමෙන් නිරූපණය වන අතර මෙකී නිර්මාණයන් මානව දේහයේ මාංශපේෂි ක්‍රියාකාරීත්වය පිළිබඳව පුළුල් අවබෝධයක් සහිතව නිර්මාණය කරන ලද බවට කාන්තා රූ අධ්‍යයනය කිරීමෙන් පෙනී යයිශිල්පියා සිය පරිකල්පනය මෙහෙයවා ඇති ආකාරය පිළිබඳව මෙමගින් අවබෝධ වන්නා වූ අතර වර්ණ හැඩතල, රේඛා ඔහුගේ අනන්‍යතාව මැනවින් පිළිබිඹු කිරීමට සමත්ව ඇත. 

Saturday, November 2, 2024

මල් බඳුනක් අසල වාඩි වී සිටින කාන්තාව (A women seated beside a vase of flowers)

 මල් බඳුනක් අසල වාඩි වී සිටින කාන්තාව

   (A women seated beside a vase of flowers)

 


           Edgar Degas, A women seated beside a vase of flowers, 1865, oil on canvas,  73.7cm×92.7cm, H.O.havemeyer Collection.

 

ඉතාලි ස්ම්භාව්‍ය චිත්‍ර කලාව අධ්‍යයනය කරමින් කලා ලොවට පිවිසි එඩ්ගා පසුව උපස්ථිතිවාදී චිත්‍ර කලාවේ පුරෝගාමී සාමාජිකයෙකු විය. එඩ්ගා ඩෙගා ශාලාවක් තුළට වී ආලිංගන නැමැති නැටුම් සිතුවම් ඇඳීමට ප්‍රිය කළේය. වර්ෂ 1834 දි පැරීසියේ උපත ලැබු මොහු චිත්‍ර කලාව හැදෑරීමට පෙර නීතයි හැදෑරූ අතර පසුව බියුකිස් කලායතනයට සම්බන්ධ විය

            ඒ තුළින් චිත්‍ර කලාවේ ශාස්ත්‍රීය පදනම පිළිබඳ පුළුල් වූ අවබෝධයක් ලබා ගන්නට හැකි විය. තමා ලබාගත් දැනුම් පදනම්ව නිර්මාණය කළ අතර පසුව ඔහුට  ගමන් මග වෙනස් කර නව ගමන් මගක් වෙත යොමුවීමට අවශ්‍ය වියඑඩ්ගා ඩෙගාගේ සිතුවම් සදහා ජන ජීවිතයේ විවිධාකාර වු අවස්ථා තේමාවන් වියග රෙදි විවීමල හිස පීරීමලනියපොතු පාට කිරීමලනැටුම් කණ්ඩායම් ඉන් සමහරක්යග ද්‍රව්‍යමය ප්‍රකාශ කෙරෙහි ඔහු දැඩි සේ ඇලුම් කළේයග වේදිකාව මත රංගන අවස්ථා ක්ෂණික චලනය ඉරියව් ප්‍රකාශනාත්මක සිතුවම් තුළින් විවරණය යෙදීමට ඔහු කටයුතු කළේයග අතර A women seated beside a vase of flowers නම් මෙම සිතුවම ඔහුගේ කලා ඇසට හසු වූ අපූර්ව අවස්ථාවකිග එම අවස්ථාව ඔහුට ග්‍රහණය වූ අවස්ථාවේදීම එය සිත්තම් කර ඇත.  

                                                                                        Edgar Degas        
                                                     

එමෙන්ම යථාරූපී වර්ණ භාවිතය ක්ෂණික චලන ඉරියව්, වේගවත් බුරුසු පහරවල් ඔහුගේ සිතුවම් තුළ දක්නට ලැබේ. ශක්තිමත් රේඛා භාවිතය, මාධ්‍ය සමබරව හැසිරවීම්, දිදුලන වර්ණ භාවිතය ඔහු මුහුණ දුන් අභියෝග  අතර ප්‍රධාන වේ. ඉන් සාර්ථක වීමට ඔහුට හැකිවිය. ඔහුගේ මුල් කලා නිර්මාණවල වර්ණ තරමක් අඳුරු ස්වභාවයක් ගත්තද පසුව පැහැදිලි වර්ණ භාවිතයකට යොමු විය.  මෙම සිතුවමෙහි කොළ පැහැති මේසයක් මත විවිධ වර්ණවලින් යුතු විශාල මල් කළඹක් සහිත මල් බඳුනක් චිත්‍රයේ කේන්ද්‍රගත වන ලෙස සංරචනය කර ඇත. මල් බඳුනට පසෙකින් එනම්  චිත්‍රයේ වම් පසට වන්නට මල් බඳුන අසලින්ම කාන්තාව සංරචනය කර ඇත.මල් කළඹට දකුණු පසින් වතුර බඳුනක් සහ ඊට ඉදිරියෙන් රෙදි කැබැල්ලක් සහිතව මෙම සිතුවම සංරචනය කර ඇත
               සමබරතාවය අඛණ්ඩ ලෙස පවත්වාගෙන යාමට එඩ්ගා ඩෙගා සමත් වී ඇත. මල් කළඹට ද කුණින් ඇති කුඩා විනිවිද පෙනෙන්නා වූ වතුර  භාජනයකි. එඩ්ගා ඩෙගා විසින් වතුර  බඳුනේ මාධ්‍යය වන වීදුරුමය ස්වභාවය ඒ අයුරින්ම දක්වා ඇත. මේසය මත තබා ඇති කහ පැහැති රෙදි කැබැල්ලේ හි ස්වභාවය ඒ අයුරින්ම දැක්වීමට එඩ්ගා ඩෙගාට හැකි වී ඇත.


                        

                                                     Edgar Degas, A women seated beside a vase of flowers (Detail)

මෙම සිතුවමෙහි වම් පැත්තට වන්නට අසුන්ගෙන සිටින වල්පින්කෝන් මැතිණිය ඇගේ දකුණු අත තම මුහුණ මත තබා යමක් දෙස බලා සිටින හෝ යම් කල්පනාකාරී සිතුවිල්ලක නිමග්නව සිටිනා ආකාරයක් පෙනීයයි. මෙහි ඇති විශේෂත්වය නම් සිතුවම් මේසයක් මත තබා ඇති විශාල බඳුනක් සහිත විවිධ වූ මල් වලින් පිරී ගිය මල් කළඹ චිත්‍රයේ කේන්ද්‍රිය අරමුණ වීමය.මෙම සිතුවම නරඹන්නාගේ දෙනෙත් පළමුවෙන්ම මල් කළඹට ආකර්ෂණීය වී යයිඇතැම් විට එඩ්ගා ඩෙගා කාන්තාවට වඩා මෙම මල් කළඹට අවධානය දීමට කටයුතු කළා විය හැකිය. ඉතා උසස් වූ  උපස්ථිතිවාදී කලා ලක්ෂණ වලින් හෙබි සිතුමක් වන මෙහි වර්ණ භාවිතය පිළිබඳ අධ්‍යයනයේ දී පෙනී යන  වැදගත්ම කරුණ නම් එඩ්ගා ඩෙගා විසින් භාවිත කළ වර්ණ මෙම හිතුවමේ  කලාත්මක අගය ඉහළ යෑමට බලපෑ බව . මෙම සිතුවමෙහි වර්ණ පදාස වන ලෙස ඇස තුළ වර්ණ මිශ්‍ර වන අයුරින් වර්ණ කොට තිබේ

              වර්ණ කිරීමේ දී පින්සල් පහරවල් පෙනෙන සේ වර්ණ ගන්වා තිබීම විශේෂිතය. මෙහි මල් කලඹ වර්ණ ගැන්වීමේදී ඉතාමත් දීප්තිමත් වර්ණ මාලාවක් භාවිත කර ඇත. එමෙන්ම වතුර බඳුන තුළින් පිටුපස ඇති පසුබිම විනිවිද පෙනෙනා සේ වර්ණ ගන්වා ඇත පසුබිම් තුළ කොළ පැහැයෙන් යුතු ලියවැලක් දක්වා ඇත. මේසය මත තබා ඇති කහ පැහැති රෙදි කැබැල්ලේ හි ස්වභාවය ඒ අයුරින්ම දැක්වීමට එඩ්ගා ඩෙගාට හැකි වී ඇත. මෙම සිතුවම් දෙස බැලීමේදී පෙනී යන්නේ  ද්‍රව්‍යවල ද්‍රව්‍යමය ස්වභාවයක් වෙනස් නොවන ලෙස සිතුවම් කර ඇති බවය.

  

                                               Edgar Degas, A women seated beside a vase of flowers (Detail)

සුදු වර්ණය මූලික කර කරගෙන දම්, රතු ,රෝස, කහ,නිල් සහ කොළ යන ආදී වර්ණයන් පදාස ක්‍රමයට පින්සල් පහරවල් පෙනෙන සේ මල් කළඹ වර්ණ ගන්වා ඇත. මෙහි භාවිත කර ඇති දීප්තිමත් වර්ණමාලාව හේතුවෙන් නරඹන්නාගේ දෙනෙත් ඒ වෙත ආකර්ෂණය වී යයි. ද්විමාන තලයක් තුල සිතුවම් කර ඇති මල් කළඹෙහි ත්‍රිමාණ බව වර්ණ තුළින් මතුකර දක්වා ඇත. මෙම සිතුවමෙහි දැක්වෙන කාන්තාව කහ පාටට හුරු දුඹුරු පැහැයකින් යුතු ඇඳුමකින් සැරසී ඇත. ඇගේ කනේ සුදු පැහැති කරාබුවකි.        
            ඇයගේ නළල මතට ගුරු පැහැති කෙස්  වැටී ඇත. ඇගේ ඇඳුම් ඇගේ හිස මත ඇති හිස් වැසුම් හා ගෙල වටා ඇති කළු පැහැති ලේන්සුව තුළින් වඩාත් උද්දීපනය වී පෙනේ.



                                            Edgar Degas, A women seated beside a vase of flowers (Detail)

 මුහුණෙහි හැඟීම් තිවුර වන ලෙස වන ලෙස සිතුවම් කර ඇත.අවස්ථානුකූලව එනම් කල්පනාකාරී හැඟීම්බර ඇයගේ මුහුණ ඊට උචිත අයුරින් දක්වා ඇත. නිකටෙහි අත තබා ගෙන සිටීමත්  ඇගේ දෑස්  සිතුවමින් බැහැරට යොමු වී ඇති ආකාරයෙන් එඩ්ගා ඩෙගා  අවස්ථානුකූලව  දක්වා ඇත.

              එඩ්ගා ඩෙගා ගේ අපූරුව වර්ණ ගැන්වීමේ ක්‍රමවේදය එනම්, වේගවත් වූ පින්සල් පහර තලය පුරා භාවිතය හා පදාස ක්‍රමයෙන් වර්ණ ගැන්වීම කැන්වස් තලයක් මත අපූර්ව ලෙස මාධ්‍ය හැසිරීම ද්‍රව්‍යවල  ද්‍රව්‍යමය ස්වභාවය අයුරින්ම නිරූපණය කිරීමට උත්සාහ කිරීම අවකාශය තුළ වස්තූන් අපූර්ව ලෙස සංරචනය ඔහුගේ මෙම  සිතුවමේ පැහැදිලිව දැකගත හැකි ලක්ෂණ වේ. අනුව ඔහු චිත්‍ර කලාවේ මූලිකාංග ඉතාමත් උචිත අයුරින් යොදා ගෙන ඇති බව පෙනී යයි.